~

රාජපක්ෂලාට කවදාවත් මොළේ පෑදෙන්නේ නැත..! අපවාදයන්ගෙන් බේරෙන්න කියා 13 දා මහා බිලිපූජාවකට ශිරන්ති සැරසේ

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.08, ප.ව.11.55) තමන්ද මිථ්‍යාවේ සහ අවිද්‍යා ඝණාන්ධකාරයේ ගිලී මුළු රටක්ම මිථ්‍යාවේ සහ අවිද්‍යාවේ ගිල්ල වූ 9 වසරක් රට යටත් කරගෙන සිටි මැදමූලන මෝඩ රාජපක්ෂ පවුල තවමත් ඉන් මිදී නොමැතිව මහා බිලි පූජාවක් සිදුකිරීමට සැලසුම් කර ඇති පුවතක් ‘ලංකා ඊ නිව්ස්‘ වෙත වාර්තා වේ. 

ඕනෑම ගොනෙකුට ඕනෑම ගොන් ඇදහිල්ලක් කර ගැනීමට අයිතියක් තිබෙන නමුත් බලයේ සිටින තුරු එළුවන් කුකුලන් සේ රටේ මිනිසුන් ඝාතනය කළ, අතුරුදහන් කළ මෘග පවුලක් වෙනුවෙන් තවදුරටත් මේ රටේ මිනිසුන් නොව, එක කුකුලෙක් හෝ එක එළුවෙක් හෝ බිලි දිය නොහැකි නිසා මේ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ කිරීමට ලංකා ඊ නිව්ස් තීරණය කෙළේය. 

රාජපක්ෂ පවුල බලයේ සිටියදී කරන තරමක් කළ ඝාතන සහ දූෂණ හොරකම් සියල්ල ඉබේ සිද්ධ වූ ඒවා සේ සලකා තම පවුලට එල්ල වන අපවාද වලින් තමන් සහ පවුල බේරා දෙන්නැයි අයැදමින් ශිරන්ති රාජපක්ෂ විසින් පසුගිය 6 වෙනිදා සිට පුරා දින 7 ක් හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ යාගයක් පවත්වනු ලැබේ. මෙම යාගය පවත්වන්නේ මහේන්ද්‍රන් ස්වාමි නමැති මුන්නේෂ්වරම් කෝවිලේ පූජකයෙකි. යාගයේ අවසන් දිනය වන 13 වෙනිදා මහා බිලි පූජාවක් දීමට සියල්ල සූදානම් කර ඇත. 

බිලිපූජා සඳහා සතුන් බිලිදීම තහනම් කරන්නැයි පසුගියදා මහා උද්ඝෝෂණයක් කළ මර්වින් සිල්වා සහ පිරිස එනතුරු බිල්ලට යන අහිංසක සතුන් බලා සිටින බව කෝවිලේ ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් හා පැවසුවේ ඔලොක්කුවට සිනහා වෙමිනි.  

පසුගිය 8 දා ඡන්දයෙන් පසුව මහින්ද රාජපක්ෂ මෙගා ෆෝනයක් ගෙන තැන තැන ඇවිදිමින් විකාර කිරීමත් නිවසේ සියළු දෙනාට අසභ්‍ය ආක්‍රෝෂ පරිභවයෙන් මුර ගෑමත් නිසා ඔහුගේ මානසික තත්ත්වය විකෘති වීමට ආසන්න වී ඇතැයි බිය වූ ශිරන්ති රාජපක්ෂ පසුගිය කාලයේ කාල්ටන් නිවසේ දින 7 ක් මහින්ද රාජපක්ෂට වෙනමම දෙහි කපමින් සෙත් ශාන්ති කළාය. සෙත් ශාන්ති කරුවන්ගේ බෙර ශබ්දය පිටතට නොඇසෙන සේ ශාලාව වායු සමනය කර ශබ්ද පිටතට නොයන සේ අගුළු ලා තිබූ බව අප අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති. අසල්වැසියන් පැවසුවේ අගුළු ලා තිබූ නමුත් තමන්ට බෙර ශබ්ද රබන් හඬවල් සේ මහ රෑ අඩුවෙන් ඇසුනු නමුත් රාජපක්ෂ නිවසට ඒ අවස්ථාවේ කිසිවෙකුට යෑම තහනම් කර තිබූ බවයි. 

මහින්ද රාජපක්ෂ මුල සිටම එක් අතෙක වශී බෝලයක් දරා සිට, ඡන්දය දා අත් දෙකින්ම වශී බෝල දෙකක් දරා සිටියද ඡන්දයෙන් කුජීතෙට පැරදී යෑම නිසා දැන් වශී බෝල සියල්ල විසිකර දමා ඒවා දුන් අයට පවා තිත්ත කුණු හරුපෙන් බැන වදින බව වාර්තා වේ. 

තාත්තාගේ මෝඩ අඩිපාරේ යමින් තමන්ද වශී බෝලයක් දරා සිටි නාමල් රාජපක්ෂ නමැති හොර පෙරකදෝරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතද දැන් වශී බෝලය පෙනෙන්නට නැති බව අපගේ පාර්ලිමේන්තු වාර්තාකරුවෝ පවසති. 

කෙසේ වෙතත් ලබන 13 වෙනිදා ශිරන්ති රාජපක්ෂ නමැති ලංකාවේ රත්තරන් ටොන් ගණනින් හොරෙන් විකිණූ මෙගා හෙරකට ඔවුන්ගේ හොරකම් වසා ගැනීමට කියා එකදු පණ ඇති සතෙකු මරා දැමීමට ඉඩ නොදිය යුතුය යන්න ලංකා ඊ නිව්ස් ස්ථාවරයයි.

---------------------------
by     (2015-02-09 02:01:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Api okkoma edata Munneswaram gihilla balanawa !!! Me Bauddha Rate Eka sathekuta hari hinsaa karala thibunoth oya wesa ganiwa api billata deela Kovilath winasha karanawa !!!! Siyalu Mahajanathaawa me welawe ithaamath Awadiyen inne
-- by Insider on 2015-02-09

Suprerstision is the religeon of feeble minds! Not only the Rajapakse family but all Sri Lankans in general should learn not to give importance to superstition but to work to a plan and programme in what ever they do. Then our nation will prosper.
-- by Trevor on 2015-02-09

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links