~

දුෂ්ඨ ආණ්ඩුව මහජනයාගේ ඩොලර් ගිණුම් වලින් ඩොලර් හොරා කාලා..! මෙන්න සාක්කි..!

(ලංකා ඊ නිව්ස් -2022.පෙබ.13, ප.ව.1.10) විදේශවල ඉතා දුක් මහන්සි වී රැකියා කරන ශ්‍රී ලාංකික ජනතාව ලංකාවට යවන ඩොලර් ලංකාවේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ වෙළඳ බැංකු එකතු වී මංකොල්ලාකන පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මෙම මංකොල්ලයට හසු වූ පුද්ගලයා තම මුදල් සිය ඩොලර් ගිණුමක තබා ගෙන අවශ්‍ය වූ විට අවශ්‍ය ප්‍රමාණය පමණක් රුපියල් වලට හරවා ගන්නා අයෙකි. ඔහු ගේ ගිණුම් ඇත්තේ සම්පත් බැංකුවේ ය. පසුගියදා ඔහු සිය ඩොලර් ගිණුමේ ශේෂය බැලූ විට ඉන් ඩොලර් 1879.47 ක මුදලක් අඩු වී තිබී ඇත. එනම් පසුගිය 8 වැනි දා සිට ඔහුගේ ගිණුමෙන් පිළිවෙළින් ඩොලර් 56.98, 15.00, 1807.09 බැගින් (එකතුව  $ 1879.47) ක මුදලක් අඩු කර ඇත. පෙර ශේෂය ඇ.ඩො. 2836.45, තිබූ ගිණුමේ දැන් ශේෂය ඇ.ඩො 956.98 කි. (අදාල සාක්කි මෙහි පහත දැක්වේ)  මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බැංකුව ගිණුම් හිමි පුද්ගලයාගෙන් කිසිදු වාචිත හෝ ලිඛිත අවසරයක් ගෙන නැත. පෙර දැනුම් දීමක් ද සිදුකර නැත.

මේ ගැන විමසු විට සම්පත් බැංකුව පවසා ඇත්තේ එම මුදල් IR22USD-0040 / EXP PROCEEDS R නමැති ශිර්ෂය යටතේ රඳවා (Hold)  ඇති බවත් එම නියෝගය ලැබී ඇත්තේ මහ බැංකුවෙන් බවත් ය. 

විදේශ ගිනුම් හිමියන් තමන් ඉපැයූ ඩොලර් රුපියල් කර ගන්නේ තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට හා තමන්ට අවශ්‍ය විට පමණි. කිසිවෙකුට ඒ සඳහා බලපෑම් කළ නොහැකි ය.

ලංකා ඊ නිව්ස් මේ පිළිබඳ විශේෂඥ මත රැසක් විමසා බැලුවේ ය. ඒ සියළු දෙනාම කීවේ කිසිදු බැංකුවකට එසේ කළ නොහැකි බවයි. මහ බැංකුවේ සේම මුදල් අමාත්‍යාංශයේ ද හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු  කීවේ 'මනි එක්සචේන්ජ්' පනත අනුව කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගලික විදේශ මුදල් ගිණුමක ඇති මුදල් අත් හිටුවීම, මාරු කිරීම, වෙනත් ගිණුමකට මාරු කිරීම ආදී කිසිදු ක්‍රියාවක් ගිණුම් හිමියාගේ ලිඛිත කැමැත්ත නැතිව බැංකුවකට නොව මහ බැංකුවටවත් කළ නොහැකි බවයි. කරනවා නම් කළ හැක්කේ අධිකරණ නියෝගයක් මත පමණක් වුවද අධිකරණයට පවා කළ හැක්කේ යම් පුද්ගලයෙකුගේ ගිණුමක ඇති මුදල් "සීස් කිරීම" පමණක් බව ද එම ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පැවසීය. 

ඒ අනුව උග්‍ර ඩොලර් හිඟයකින් පෙළෙන ගෝඨාණ්ඩුවේ මුදල් ඇමැති මොළ කලං සහ මහ බැංකුවේ කබ්‍රාල් හොරා එක්ව උන්ට හිතවත් වෙළඳ බැංකු ද අල්ලාගෙන ජනතාවගේ ඩොලර් සොච්චම මංකොල්ලාකන බව පැහැදිලි ය. විදෙස් මුදල් ගිණුම් ඇති අය තමන්ගේ ගිණුමේ ශේෂය ගැන නිතිපතා සැලකිල්ලෙන් සිටිය යුතුය.   

මේ අනීතික ක්‍රියාවට එරෙහිව ලංකා ඊ නිව්ස් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බැවින් මෙවැනි අසාධාරණ ඩොලර් මංකොල්ලාකෑමකට ලක්වූ තවත් අය වේ නම් අපගේ [email protected] ඊ මේලය වෙත සියළු සාක්කි සහිත විස්තර ලැබෙන්න සලස්වන මෙන් දන්වමු. 

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2022-02-13 07:47:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links