-LeN අධිකරණ අභ්‍යන්තර වාර්තාකරු ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.ජන.08, පෙ.ව.10.40) නැසීගිය සිනමා හා ටෙලි අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තගේ පුත්, රාජපක්ෂවාදී විනිසොරෙකු යැයි නම් දරා ඇති මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්තට විරුද්ධව එල්ල වූ ලිංගික අපයෝජන පැමිණිල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය යට ගසාවිද?
දමිත් තොටවත්ත කරන ලද ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ කොළඹ මහාධිකරනයේ රජයේ නීතිඥවරියක වන ලක්මාලි දිසානායක ය.
සිද්ධිය මෙසේය.
දමිත් තොටවත්ත මාතර මහාධිකරණසේ සේවය කළ කාලයේ දී එම මහාධිකරනයේ රජයේ නීතිඥවරිය වූයේ මෙම පැමිණිලිකාරිය වන නීතිඥ ලක්මාලි දිසානායකයි. ඇය ඇහැට කනට පේන ස්මාට් ඍජු කාන්තාවකි. (සෑම මහාධිකරණයකම නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කරන ලද නීතිඥයෙකු විනිසුරුවරයාට සහාය පිණිස සේවය කරයි)
දමිත් තොටවත්ත කොළඹ මහාධිකරණයට මාරු වී පැමිණිමෙන් පසු එම නීතිඥවරියම තමාගේ මහාධිකරණයට ලබා දෙන ලෙස නීතිපතියෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව නීතිපති සංජේ රාජරත්නම් විසින් ඇය කොළඹට මාරු කරන ලදී.
ඇය කොළඹට ගෙන්වා ගත්තේ තමා බව පවසා විනිසුරු දමිත් තොටවත්ත ඇයට පිටදී හමුවීමට අයුතු යෝජනාවක් කර තිබේ.
තමා ඒ ජාතියේ ගැහැණියක නොවන බව පවසා ඇය එම අනිසි ඉල්ලීම එක එල්ලේම ප්‍රතික්ෂේප කළා ය.
අනතුරුව විනිසුරු තොටවත්ත ඇයගෙන් පළිගැනීම් වස් විවෘත අධිකරණයේදී ම ලක්මාලී දිසානායකට පිට කොන්දක් නැතැ යි ප්‍රසිද්ධියේ දෝශාරෝපනය කර ඇත.
මේ අශික්ෂිත සිද්ධියෙන් කම්පනයට පත් ලක්මාලී දිසානායක තමාට දමිත් තොටවත්ත කළ අනිසි යෝජනාව ගැනත් තම විරෝධයෙන් පසු කරන ලද පලිගැනීමේ ක්‍රියාව ගැනත් ඇයගේ සුපරීක්ෂක නියෝජ්‍ය නීතිපතිවරයකු වන දිලීප පීරිස්ට පැමිණිළි කර ඇත. ඒ පිළිබඳව සොයා බැලූ දිලීප පීරිස් ඔහුගේ සුපරීක්ෂකයන් වන අතිරේක සොලිසිටර් ජෙනරාල් චේතිය ගුණසේකරටද, අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවානට ද පැමිණිලි කර තිබේ. පැමිණිල්ල පිළිබඳව සෙයා බැලූ ඔව්හු මේ පිළිබඳව ලිඛිත වාර්තාවක් නීතිපති සංජේ රාජරත්නම්ට ලබා දී ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසුන්දර වෙත නීතිපතිවරයා විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද්දේ ඒ අනුවය. එම පැමිණිල්ලට දැන් සති තුනකට ආසන්න කාලයක් ගතවී තිබියදීත් අගවිනිසුරුවරයා විසින් දමිත් තොටවත්තට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත.
හොර අලි පැටියකු ළග තබා ගත් විනිසුරු තිළිණ ගමගේ නිදොස් කොට නිදහස් කරන ලද්දේ ද දමිත් තොටවත්ත මහාධිකරණ විනිසුරුවරයාම විසිනි. ඒ එම අලි පැටියා අතේ සතයක් නැති දෛනික කුලීකරුවකු සතුව හිඳ පසුව තිළින ගමගේ ට විකුණන ලද බවට ඉදිරිපත් කරන ලද බොරු සාක්ෂියක් පිළිගනිමින් ය.
තවද දමිත් තොටවත්ත ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන අතුරුදහන් කිරීම පිළිබඳ විභාග කැරෙන විශේෂ මහාධිකරණයේ ද සාමාජිකයෙකි. එම නඩුවෙහි ඔහුගේ හැසීරීම ද ප්‍රශ්ණකාරී බවට චෝදනා එල්ල වී තිබේ.
---------------------------
by (2022-01-08 05:14:10)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි