(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.30, ප.ව.6.10) අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ?
ඊයේ (29) නුගේගොඩ සිට ජුබිලි කණුව දෙසට ගමන් ගන්නා විට හමුවන පැල්වත්ත කිරි අලෙවි සැල ඉදිරිපිටදී, ඒ අනපේක්‍ෂිත ප්‍රතිචාරය දැක ගන්නට ලැබින.
රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය.
ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට ඊයෙත් පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ.
ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි.
"දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය.
වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය.
වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය.
ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය.
"හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.."
ගෝඨා ගේ ආරක්ෂක නිලධාරියෙක් මේ ලියුම්කරු සමග කියා සිටියේය.
වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත.
මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.
කළ කම් ඵල දෙනවා යයි කියන්නේ මේවාට ය.
සිද්ධියට අදාල සිරස වීඩියෝවක් පහත දැක්වේ
---------------------------
by (2021-12-30 12:51:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි