~

යාන්තම් ඇති, අපේ පොඩි ඩබලකුත් ලැයිස්තුවට වැටිලා..! කාට ද ආඩම්බර..?

-ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිවේදනය සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.12, ප.ව.7.25) “මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා වගවීම එක්සත් ජනපදය ප්‍රවර්ධනය කරයි” යන මැයින්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන් 2021 දෙසැම්බර් 10 වැනි දින නිකුත් කළ පුවත් පත් නිවේදනය පහත පරිදිය.

අපගේ විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථායේම මානව හිමිකම් තැබීමට අපි අධිෂ්ඨාන කර ගෙන සිටින්නෙමු; මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන කොතැනක සිදු වුව ද, ඒ කෙරෙහි අවධානය හා වගවීම ප්‍රවර්ධනය කිරීමට සුදුසු මෙවලම් සහ බලධාරීන් භාවිතා කරමින් මෙම කැපවීම අපි යළිත් තහවුරු කරන්නෙමු.

ප්‍රචණ්ඩත්වයට සහ මර්දනයට වගකිව යුතු බුරුම හමුදා ක්‍රියාකාරීන් ඉලක්ක කර ගැනීම සඳහා එක්සත් රාජධානිය සහ කැනඩාව ඔවුන්ගේ සම්බාධක වැඩසටහන් යටතේ අද ගෙන ඇති සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග එක්සත් ජනපදය අගය කරයි. 

බෙලාරුසියානු ජනතාව අඛණ්ඩව මර්දනය කරන ලුකෂෙන්කා රෙජිමයට පනවන ලද අපගේ ශක්තිමත්ම සම්බාධක පැකේජය සම්බන්ධයෙන් පසු ගිය සතියේ යුරෝපා සංගමය, එක්සත් රාජධානිය හා කැනඩාව සමග වූ සමීප සම්බන්ධීකරණය අපි සාදරයෙන් පිළිගන්නෙමු. 

මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ වගවීම හා යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා මිත්‍ර පාක්ෂිකයින්, හවුල්කරුවන් හා සිවිල් සමාජය සමග අපගේ හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි.

විදෙස් නිලධාරීන් 12 ක් අපරාධකරුවන් ලෙස..

2021 මානව හිමිකම් දිනය තව දුරටත් පිළිගැනීමක් ලෙස, විදේශ මෙහෙයුම් සහ අදාල වැඩසටහන් පිළිබඳ විසර්ජන පනතේ 7031(c) වගන්තිය යටතේ, විදේශ ආණ්ඩුවල නිලධාරීන් 12 දෙනෙකු [අපරාධකරුවන් ලෙස] රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබේ. 

විදේශීය ආණ්ඩුවල නිලධාරීන් මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ වී ඇති බවට විශ්වාස කළ හැකි තොරතුරු ඇති විට, එම පුද්ගලයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කළ යුතු අතර, ඔවුන් එක්සත් ජනපදයට ඇතුල් වීමට නුසුදුස්සන්ය.

රාජ්‍ය දෙපාර්තමේන්තුව 7031(c) වගන්තිය යටතේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වූ පහත සඳහන් පුද්ගලයන් නම් කරයි:

• ආබෙල් කන්ඩිහෝ, 

මේජර් ජෙනරාල් සහ උගන්ඩාවේ මහජන ආරක්ෂක බලකායේ හමුදා බුද්ධි ප්‍රධානී - මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීම, එනම් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන්... 

• ෂෝරාත් ෂාකීර්, 

අර්කෙන් ටියුනියාස්, හූ ලියාන්හේ සහ චෙන් මින්ගුඕ, චීනයේ ෂින්ජියැං පළාතේ වත්මන් හා හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් - මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වීම, එනම් ප්‍රධාන වශයෙන් මුස්ලිම් වන උයිගුර්වරුන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම... 

• ඉහාර් කෙන්යූක් සහ යව්හෙනි ෂපෙට්ස්කා, 

කුප්‍රකට බෙලාරූස් ඇක්රෙස්ට්සිනා රැඳවුම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන් - මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීම්, එනම් වධහිංසා පැමිණවීම… 

• බෙනාසීර් අහමඩ්, 

බංගලා දේශ පොලිසියේ වත්මන් පොලිස්පති සහ බංග්ලාදේශයේ ක්ෂණික ක්‍රියාකාරී බලඇණියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් හා ලුතිනන් කර්නල්, ඇතුළුව එම බලඇණියේ 7 වන ඒකකයේ හිටපු අණදෙන නිලධාරි මිෆ්තා උද්දීන් අහමඩ් - මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමකට සම්බන්ධ වීම සම්බන්ධයෙන්... 

• චන්දන හෙට්ටිආරච්චි, 

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන මොහු විසින්, 2008 සිට 2009 දක්වා, අවම වශයෙන් "ත්‍රිකුණාමලයේ 11" වින්දිතයන්ගෙන් අට දෙනෙකුගේ නිදහසට ඇති අයිතිය අමු අමුවේ ‍ප්‍රතික්ෂේප කර තිබේ. 

• සුනිල් රත්නායක, 

ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු මාණ්ඩලික සැරයන්වර‍යෙකු වන මොහු විසින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වීම - 2000 දෙසැම්බරයේ දී අවම වශයෙන් දෙමළ ගම්වැසියන් අට දෙනෙකුගේ නීති විරෝධී ඝාතන සිදු කර ඇත. 

(මෙහි ඇති අපූරුව නම් මොහු මේ වන විට ඇමරිකානු පුරවැසි ගෝඨාභය විසින් ජනාධිපති සමාව දී නිදහස් කිරීමයි -ලංකා ඊ නිව්ස්)

එකී ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනා නම් කිරීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම සඳහා අප විසින් ගනු ලබන එකම ක්‍රියාමාර්ගය නොවේ.

• මාරියෝ ප්ලූටාකෝ මාරින් ටෝරෙස්, 

මෙක්සිකෝවේ පුවෙබ්ලා නගරයේ හිටපු ආණ්ඩුකාරයෙකි - මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකට සම්බන්ධ වීම... 

මීට අමතරව, රටවල් කිහිපයක් පුරා බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මර්දන භූමිකාවලට වගකිව යුුතු පුද්ගලයන් 15 දෙනෙකුට සහ ආයතන 10 කට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇත. 

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් මෙතැනින් බලා ගත හැක: https://home.treasury.gov/news/press-releases/jy0526. 

මෙම “හංවඩු ගැසීම” මගින් මානව හිමිකම් සඳහා අපගේ සහයෝගය, සහ ලොව පුරා සිටින මානව හිමිකම් අපහරණය හා උල්ලංඝනය කරන්නන් සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීමට අපේ කැපවීම අවධාරණය කරන්නෙමු.

-2021 දෙසැම්බර් 10 වන දින, US Department of State වෙබ් අඩවියේ පළ වූ, ‘The United States Promotes Accountability for Human Rights Violations and Abuses’ නම් පුවත් පත් නිවේදනය සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2021-12-12 14:01:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links