~

පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කෙනෙක් නෑ; අනුමැතියත් නෑ..! ගැසට් ගැහුවට බඩු නෑ..!

-රජිත් කීර්ති තෙන්නකෝන්

(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.12, ප.ව.4.30) මුදල් අමාත්‍යාංශය විසින් පොහොර සහ කෘෂි රසායන ගෙන්වීමට අනුමැතිය ලබා දෙන ගැසට් පත්‍ර නිකුත් කර සති දෙකකට වඩා ගතවී ඇති නමුත්, මේ දක්වා පොහොර හෝ කෘෂි රසායන කිසිවක් ආනයනය කර නැත.  කුමන හෝ පළිබෝධ නාශකයක් රටට ගෙන්වන්නට නම් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ගේ අනුමැතිය අවශ්‍යයි.  දැන් සති තුනකට වැඩි කාලයක් රටේ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කෙනෙක් නැත.  ඒ නිසා ඉන්දියාවෙන් බෝට්ටු හරහා හොර පාරෙන් එන ප්‍රමිතියකින් තොර පලිබෝධ නාශක වැටලීම් සිදු කරන්නේ ද නැත.  ඔළුවිල්, වැලිගම, මන්නාරම හා ත්‍රිකුණාමලය හරහා සිදු කරන බෝට්ටු කෘෂි රසායන මාෆියාව කාබනික ලේබල් ගහගෙන හොර බඩු ජාවාරම් කරති.

දැන් මේ කන්නයට පොහොරත් නෑ. වගා කරලා තියෙන්නේ ගොවි බිම්වලින් තුනෙන් එකක් විතරයි.  ඒවා දැන් වල් නෙලාගන්න බැරිව විනාශ වෙලා යනවා.  පොහොර නැතුව අස්වැන්නක් නෑ.  මේ කන්නය මඟ හැරිලා ඉවරයි.  දැන් ජනවාරි පෙබරවාරි මාස දෙකේ වගාවට වත් පොහොර බෙහෙත් ගෙන්වීම අවශ්‍යයි.  රටේ අවශ්‍යතාවයෙන් 50% ක් ගේනවා කියලා රටම රවට්ටලා, එකම බෙහෙතක්වත් ගේන්න බැරි කරලා තියෙනවා.

ආණ්ඩුව ගොවියන්ට කියනවා ඩොලර් තියෙනවා. ණයවර ලිපි විවෘත කළා, කුඹුරට දිලීර නාශක ටික, කෘමි නාශක, වල් නාශක ටික එනවා කියලා. හැබැයි කිසිම අනුමැතියක් දෙන්න නිලධාරියෙක් නෑ.  අඩුම ගානේ වගා කරලා තියෙන ගොයම් ටිකට වල් නාශක ටික ගෙනත් දෙන්න ක්‍රමයක් නෑ. රටම සාගතයක් පාමුලට ඇවිත්.  

බඩ ඉරිඟු වගාව නැති නිසා කුකුල් කෑම නෑ.  

වල් නාශක නැති නිසා ගොයම් ගහට උඩින් දියබෙරලිය, කුඩැස්ස, ගිරාපලා, තුන්හිරිය, වැහිලා යනවා.  අනුරාධපුර, නැගෙනහිර සහ ඌවේ හදලා තියෙන කුඹුරු ටිකවත් රැකගන්න බැරිවුනොත් හාල් මිල අහස උසට යයි.  

මහ කන්නය දැන් විනාශ වෙලා ඉවරයි.  දැන්ම ක්‍රියාත්මක වුනොත් අලුත් අවුරුද්දට කන්න එළවළු පළතුරු ටිකක්, අතිරේක බෝග ටිකක්, කුකුල් කෑමවලට බඩඉරිඟු ටිකක් හදාගන්න පුළුවන් වෙයි. 

නැත්තම් සිංහල දෙමළ අලුත් අවුරුද්දට කහට තේ එකක් බීලා ඉන්න වෙයි. 

රජිත් කීර්ති තෙන්නකෝන්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/85

---------------------------
by     (2021-12-12 11:01:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links