~

මහින්දත් ගෝඨාට 'පිස්සු' බව කියයි..! අගමැතිකම හැර අන් ඇමැතිධූර වලින් ඉවත් වෙනවා කියයි..!

-අරලියගහ මන්දිර වාර්තාකරු ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.නොවැ.28, ප.ව.8.20) කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ කියන්නා සේ ශ්‍රී ලංකාවේ චෞර රජා මහින්ද රාජපක්ෂ ට කළකම් ඵලදෙන්නට පටන් අරන් ඇත. අප අරලිය ගහ මන්දිර වාර්තාකරු පවසන අන්දමට මහින්ද දැන් ගෙවන්නේ ඉතා කනස්සල්ලට පත් ජීවිතයකි. එපමණක් නොව දැන් මහින්දම ගෝඨාට පිස්සු යයි කියයි. තමන් අගමැති කම තියාගෙන ඇමැතිකම් අතහරින බවද කියයි.  

පසුගිය 25 වෙනි බ්‍රහස්පතින්දා තමා හමුවීමට පැමිණි ව්‍යාපාරික හිතවතුන් කීපදෙනෙකුට මහින්ද ඒ බව පවසා ඇත.

" මං කීයටවත් හිතුවෙ නෑ මූ [ගෝඨාබය] මෙහෙම නෑමක් නා ගනී කියලා. බලය අරන්දුන්නම මං උන්නෙ මේ යකා අපේ මිනිස්සු ටික ලංකරගෙන වැඩේ අගේට කරයි කියල. මේ යකාට අපිට විතර කැත නමක් ගෑවිලා තිබුනෙ නෑන‍ෙ..... දැන් බලාගෙන යනකොට මිනිස්සු කියපු කතාව සහතික ඇත්ත. මූ හිතන් ඉන්නෙ ටයි කාරයො [වියත්මග] ටිකයි, හමුදා කාරයො ටිකයි දාගෙන රටක් ගෙනියන්න පුලුවන් කියල,..... පිස්සෙක් නෙ "

යනුවෙන් මහින්ද දැඩි දෝෂාරෝපණයක් ගෝඨාට එල්ල කර ඇත. 

රටේ ආර්ථිකය ඉතා දරුණු ලෙස කඩා වැටී ඇති බැවින් ඉදිරියේදී තමන් ව්‍යාපාර කරනවාද නැද්ද යන්න තීරණය කරන බව එක් ව්‍යාපාරිකයෙක් එහිදී මහින්දට පැවසීය. ඊට ප්‍රතිචාර දක්වමින් මහින්ද මෙසේ පැවසීය. 

"මටත් දැන් නම් ඇතිවෙලා. මාත් හිතල තියෙන්නෙ බුද්ධසාසන, මුදල් මේ ඔක්කොම ඇමතිකම් ටික ආපහු දීල දාන්න. නමට විතරක් අගමැතිකම තියාගෙන ඉන්නවා. අපේ කාලෙ දැන් ඉවරයි."  මහින්ද ඉතා හැගීම්බරව ප්‍රකාශ කෙළේය.
 
"ඉස්සර මිනිස්සු මට පණ දීගෙන හිටියෙ. දැන් එකෙක් එන්නෑ මාව බලන්න. මේක ඇතුල ඉන්න එවුනුත් ඒකට වගකියන්න ඕනෙ" යැයිද පැවසීය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත ගේ ක්‍රියාකලාපය නිසා පෙර ඉතා සමීපව නිතර මහින්ද සමග සිටි බොහෝ දෙනා දැන් ඔහුගෙන් ඈත්ව ඇත. සිය උපන්දිනය දා රාත්‍රී සාදයට ආරාධනා අයගෙන් තුනෙන් දෙකක්ම මගහැරීම ගැන මහින්ද දැඩි කණගාටුවෙන් කතා කළේ ය.

එදින රාත්‍රියේ බැසිල් හදිසියේ සිය නිවසට කැඳවූ මහින්ද සිය තීරණය ප්‍රකාශයට පත්කර ඇත. එනම් අගමැතිකම පමණක් තබාගෙන අන් ඇමැතිධූර වලින් ඉවත්වීමේ තීරණයයි. 

එබැවින් ඉදිරි කාලය තුල ආණ්ඩු පක්ෂ දේශපාලනයේ යම් වෙනස්කම් ඇතිවිය හැකි බව විශ්වාස කළ හැකිය. 

-අරලියගහ මන්දිර වාර්තාකරු

---------------------------
by     (2021-11-29 06:30:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links