(ලංකා ඊ නිව්ස් -2021.නොවැ.26, ප.ව.3.50) පොළොන්නරුවේ නිකවැරටියේ සහ රත්නපුර ගෑස් සිලින්ඩර පුපුරා ගොස් ඇති අතර පොළොන්නරුවේ පිපිරීමෙන් 19 හැවිරිදි තරුණ කාන්තාවක් මිය ගොස් තිබේ. මෙය ගෑස් පිපිරීමකින් සිදුවූ පළමු මරණය ලෙස සැලකිය හැකිය.
පොළොන්නරුව වැලිකන්දේ නිවසක තිබූ ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇත්තේ පසුගිය නොවැම්බර් 13 දා ය. තුවාල ලත් 19 හැවිරිදි තරුණිය පිළිස්සුම් තුවාල සහිතව වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇත. ඉන්පසු ඇයට කොළඹ මහ රෝහලට මාරු කර තිබිණ. ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද දහවල් මිය ගොස් තිබේ.
නිකවැරටියේ කන්දේගෙදර ප්‍රදේශයේ නිවසක අද (26) දහවල් ගෑස් සිලින්ඩරය පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇත.
පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලේ ද දෙවැනි දරුවා ඥාති නිවසක ද සිටීම හේතුවෙන් ජීවිත හානියක් සිදුව නැත. නිවස ගිනි ගැණීමෙන් නිවසට සහ දේපල වලට හානි සිදුව ඇත.
රත්නපුර අවන්හලක ද අද (26) උදෑසන ගෑස් ටැංකිය පුපුරා ගොස් ඇති අතර සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා නැත.
මේ මස තුල පමණක් දැනට ගෘහස්ත ගෑස් සිලින්ඩර පිපිරීම් 6 ක් වාර්තා වී ඇත.
ගෘහස්ත ගෑස් සිලින්ඩර පිපිරීමට හේතුව ගෑස් සමාගම් විසින් ගෑස් වල සංයුතිය වෙනස් කිරීම බව පාරිභොගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පවසයි.
නිවසේ ඇති ගෑස් සිලින්ඩරය නිවසින් පිටත තබා ගෑස් ගන්නා බටය දිගු කර ගෙන භාවිතා කිරීමට ඉඩ කඩ ඇති අය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඉඩ කඩ නැති අය නිවසේ මර බියෙන් සිටිති.
රටේ බෝම්බ පුපුරයි කියා ගෝඨාභයට ඡන්දය දුන් ජනතාවට දැන් කුස්සියටම බෝම්බයක් ලබා දීමට ගෝඨාභය කටයුතු කර ඇත.
---------------------------
by (2021-11-26 11:57:21)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි