~

පාස්කු ඝාතකයන්ගේ ලේ සෝදන්න ආ ඔත්තුකාර ආචාරියාගේ රෙදි ගලවයි (Video)

(ලංකා ඊ නිව්ස් -2021.නොවැ.24, පෙ.ව.6.45) පාස්කු මිනීමරුවන් පිටුපස සිටි රාජපක්ෂලා සහ උන්ට ගැති බුද්ධි අංශ නිලධාරීන්ගේ ලේ සෝදමින් පාස්කු ප්‍රහාරය පසුපස මහමොළකරුවෙක් නැතැයි දිලිත් ජයවීරගේ වසලවාහිනියට පැමිණ කෙප්ප ඇද බෑ ආචාර්ය රොහාන් ගුණරත්න නමැති බුද්ධි අංශ ඔත්තු කරුවාගේ රෙදි ගලවා තිබේ. ඒ සමාජ ක්‍රියාධරයෙක් වන චිරන්ත අමරසිංහ විසිනි. රොහාන් ගුණරත්න ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ පකීර් කෙනෙකු යැයි කියා ගත්තද ඔහු 88-89 යුගයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය දියත් කළ කැරැල්ලේ දී කැරලිකරුවන් ආරක්ෂක අංශවලට අල්ලා දීමට ක්‍රියා කළ බුද්ධි අංශ ඔත්තුකාරයෙක් මිස අන් අයෙක් නොවේ. ඒ සඳහා ඔහුට හොඳට ගෙව්වේ ය. ඔහු නිසා ඝාතනයට ලක්වූ පිරිස විශාලය. ඒ අතර අහිංසකයෝ ද වූහ. බුද්ධි අංශ නිලධාරීන්ගෙන් තොරතුරු අහුලාගෙන පසුව වැල්වටාරම් පොතක් ලීවේ ය. පසුව ලංකාවෙන් පැන ගියේ ය. ලංකාවේ ලබා ගත් උපාධියක් නැත. ලබා ගත්තා යැයි කියන පශ්චාත් උපාධිය දුන් විදේශ ආයතනය ද සැක කටයුතු එකකි. මේකා ත්‍රස්තවාදය පිළිබඳ පකීර් කෙනෙක් කරන්නේ මේකාගෙන් වැඩ ගත් උන්ම ය. එකල සිටම ඔහු ලංකාවේ මිනීමරු දේසපාලුවන් බේරා ගැනීම සඳහා පෙරට ආවේ ය. දැන් කරන්නේ ද එයයි. චිරන්ත අමරසිංහ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ තක්කඩියාගේ රෙදි ගලවා දැම්මේය. පහත වීඩියෝව බලන්න 

---------------------------
by     (2021-11-24 01:26:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links