-ස්කොට්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ලියති
(ලංකා ඊ නිව්ස් -2021.නොවැ.07, ප.ව.12.26) රටට සර් කෙනෙක් ආ දවසේ සිට පොලවේ වැලි ටිකත් ගහකොළ ටිකත්, මුහුදු කලපු, වැව තාවුල්ලත්, මුහුදත් සතුනුත් දූෂණයෙන් දූෂණයට ලක් කර වසර දෙකක සීග්‍ර පරිසර හානියක් කළේය. සර් පසුගියදා එක්සත් රාජධානියේ ස්කොට්ලන්ත යේ ග්ලාස්ගොව් හි පැවැත්වූ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට සහභාගී වීමට ගියේය. සර් යන්නේ ලෝකයේ ලොකුම සමුළු වලට බව හිරු දෙරණ ජනතාවට කීවෝය. ඒ ලොකු සමුළු වලට යන්නේ ලොකු මිනිස්සු නිසා විය හැකිය. කොහොම නමුත් සර්ට මේවාට ආරාධනා ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතිය වසර පහකට පවරා ඇති නියෝජිතයා ලෙස මිස සර් ලෝකයේ හදාගත් තැනක්, නමක් නිසා නොවේ.
සර් එහි ගොස් නැවතුනේ ස්ටර්ලින් නගරයේය. ස්ටර්ලින් අපට සිහි කරන්නේ එනමින් පවතින බ්‍රිතාන්‍ය මුදල් ඒකකයේ නමිනි. කෙසේ නමුත් ග්ලාස්ගොව් හිදී සර්ට හෝටල වෙන්වූයේ නැත. සර් අතින් ගෙවාගෙන හෝටලයක සිටියේ ය. සර් ට සමුළුවට එන්නට ද හෝටලයේ සිට පැයකට ආසන්න ඩ්‍රයිව් එකක් කළ යුතු විය.
සර් ලා යන යන රට වලදී එහි සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාව සන්ධ්‍යා යාමයක කැඳවා සාකච්ඡාවක් කිරීම සාමාන්‍ය සිරිත ය. එවැනි හමුවීම් වලට ඒ රටේ ඒ ප්‍රදේශයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන සියළුම ජන කොටස් නියෝජනය කරමින් පුද්ගලයෝ සහභාගී වෙති. එවැනි හමුවීම් සංවිධානය කරන්නේ එරට ස්ථාපිත කර ඇති තානාපති කාර්යාලය හෝ මහකොමසාරිස් කාර්යාලයයි. බ්‍රිතාන්‍ය යනු අපේ රටේ මහා කොමසාරිස් කාර්යාලයක් පවත්වාගෙන යන රටකි. එහි වත්මන් ලංකාවේ නියෝජිතවරිය යනු සරෝජා සිරිසේනයි. සරෝජා ට ඒ තනතුර ලැබෙන්නේ ඔවුන්ගේ දේශපාලන සම්බන්ධකම් මතය. ප්‍රසිද්ධියක් උසුලන්නේ ජනතා මුදලින් සුන්දර වීමේ සැත්කම් වලට මිලියන ගණන් වියදම් කළ ලලනාවක් ලෙස ය. කෙසේ නමුත් ඇය එහි රඳවා ඇත්තේ වරක් එල්ටීටීඊ ඩයස්පෝරාවේ ලිපියකට ගාර්ඩියන් පුවත්පතට පිළිතුරක් ලියූ නිසා එයට ස්තුති වන්ත වන්නට බව කියැවේ. ලසන්තලා එක්නැලිගොඩලා ජීවිතය අවසන් කරන්නේ සර්ලාට විරුද්ධව පුවත්පත් වලට ලිපි ලියා වීම වෙනම කතාවකි. කෙසේ වෙතත් සර් ග්ලාස්ගෝව් ආ විට ලාංකිකයින් එකතු කර හමුවක් පවත්වන්නේ ඉහත කී කොමසාරිස් සරෝජා සිරිසේනගේ මැදිහත් වීම අනුව ය.
එක්සත් රාජධානිය රාජ්‍ය හතරක එකතුවකි. එනම් එංගලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය හා ස්කොට්ලන්තය එම රාජ්‍යයන්ය. මේ රාජ්‍යයන් හතරේම ශ්‍රී ලාංකීය ජනතාව පදිංචිව ජීවත් වෙති. ස්කොට්ලන්තයේ පමණක් පවුල් 400 ක් ශ්‍රී ලාංකීය ප්‍රජාව ජීවත්වෙති. සර් ගියේ ස්කොට්ලන්තයට නිසා කොමසාරිස් වරිය සර් ගේ හමුවට කැඳවිය යුත්තේ ස්කොට්ලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකීය පුද්ගලයන්ය. එහෙත් පැවැත්වූ හමුවට ස්කොට්ලන්තයෙන් සහභාගී වූයේ පස් දෙනෙක් පමණි. ඒ පස් දෙනා අතර එකදු වෘත්තිකයෙක් නොසිටි අතර ඔවුන් ද මහ කොමසාරිස් කාර්යාලයේ මිලිටරි ඇටෑචී ස්කොට්ලන්තයට පැමිණ අඩියක් ගැසූ ගෙදර සිටි අය ය. සුදු ජාතිකයන් ද තිදෙනෙක් සහභාගී වූහ. ඒ තිදෙනා සර්ට ස්කොට්ලන්ත ආණ්ඩුවෙන් දුන් රියැදුරා සහ ආවතේව කරුවන් දෙදෙනා ය. යාන්තම් හතලිස් ගණනක් සහභාගී වූ මුළු පිරිසෙන් ඉතිරි සියළු දෙනා ලන්ඩනයේ සිට ග්ලාස්ගොව් පැමිණි අය ය. ඔවුන්ට වියදම් දරා කැඳවා තිබුනේ කොමසාරිස්වරිය සරෝජා ය.
එංගලන්තයේ වෙසෙන සිංහල බහුතරය රාජපක්ෂ දේශපාලන කඳවුරේ අය ලෙස ප්‍රසිද්ධ ය. ස්කොට්ලන්තයේ ද එවැනි පුද්ගලයන් ඕනෑ තරම් සිටිය ද සරෝජා ස්කොට්ලන්ත ප්‍රජාව හිතාමතාම සීන් එකෙන් ඉවත් කර තිබේ. එපමනක් ද නොව ස්කොට්ලන්තයේ ඇති එකම ලාංකීය බෞද්ධ විහාරයේ වෙසෙන එහි නායක ස්වාමින් වහන්සේට වත් ආරාධනා කිරීමට සර් ගේ කණ්ඩායම අමතක කළේ ය.
සාමාන්‍යයෙන් සර් ලා පිට රටකට ගිය විට එහි ඇති බෞද්ධ විහාරයකට ගොඩ වී විනාඩි දහයක්වත් ගතකිරීම සිරිතකි. විස්ස සම්මත කළ දිනයේ උදයේ සර් ක්ලාන්තය දමන තුරු ලංකාවේ මහානායක හිමිවරු හමුවන්නට ගොස් තිබුණේ කුසගින්නේය. ස්කොට්ලන්තයට ගිය සර් වසර විස්සක් පුරා එහි බෞද්ධ විහාරයක් පවත්වා ගෙන යමින් ථෙරවාදී දර්ශනය යුරෝපීයයන් වෙත පතුරුවන, ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව පවා අමතා ඇති උගත් ඒ නායක හිමි නමට "සර් හමුවීමට හෝටලයට එන්න" යයි තානාපති කාර්යාලයේ කාන්තාවක් පවසා තිබේ. හිමියන් හෝටලයට වැඩියේ නැත. සර්ට සිංහල -බෞද්ධ කම මාර්කට් කර වාසි ගන්නට ස්කොට්ලන්තයේ දී බැරි නිසා සර් ස්කොට්ලන්ත නායක හිමියන් එහිදී 'ඩෝන්ට් කෙයාර්' කළා විය හැකිය. කෙසේ වෙතත් "පන්සල පැය 24 පුරා ඇරලා තියෙන්නේ ඕනෑ කෙනෙකුට ඕනෑ වෙලාවක පන්සලට පැමිණිය හැකි" යයි හිමියන් පිළිතුරු දීමෙන් පසු සර් එහි ගිය බවක් ආරංචි ය. සර්ලාගේ තනි සිංහල සහ තනි බෞද්ධ පිළිවෙතේ දෙබිඩි කම එහෙම ය.
රට තුල දී ඥානසාර වැනි අඥානයන් වල් කන්ට්‍රි කර වල් ලෝ බිහි කිරීමට පත් කළා ට සර් ලාට උගත් හිමිවරුන් සමග පයිරු පාසානම් වැදගත් නැත. එවැනි භික්ෂූන්ගේ උපදෙස් වැදගත්ම නැත. සර් ගේ විදේශ සේවය හා ප්‍රතිපත්තිය පසක් කරන්නේ එයයි.
සර් ලාට දක්ෂයන් සමග අවුලක් තිබේ. එකට හිටගන්නට බැරිය. ස්වාමීන් වහන්සේත්, වෘත්තිකයන්ද අමතක කර සර් ලාගේ සමාජයට ගැලපෙන සාජ්ජයක් සරෝජා ස්කොට්ලන්තයේ සූදානම් කරන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.
සර් ග්ලාස්ගොව් වලදී පරිස්සම් වන්නට සිතුවා විය හැකිය. මන්ද නිව්යෝර්ක් හා බෝලොඤ්ඤ නගර වලදී මුහුණ දුන් විරෝධතා ග්ලාස්ගොව් හිදී ද ඇති වේයැයි සර් සහ කොමසාරිස් කාර්යාලය සිතුවා විය හැකිය. හෙරල්ඩ් පුවත් පතේ දැන්වීමක් දමමින් සර්ට වෙල්කම් පාරක් ද සංවිධානය කර තිබුනේ ඒ නිසා විය හැකි නමුත් එල්ටීටීඊ ඩයස්පෝරාවේ දැවැන්ත විරෝධයකට සර්ට මුහුණ දීමට සිදුවිය. ඒකට කවුන්ටර් විරෝධයක්වත් සංවිධානය කර ගැනීමට කොමසාරිස් කාර්යාලයට නොහැකි විය.
කෙසේ නමුත් සුනාමිය සිට කොරෝනාව එනතුරුම සක්‍රිය ව ලංකාවට උදව් කළ ස්කොට්ලන්තයේ ලාංකික මිනිසුන් සර් විසින් නොසලකා හැරියේ ය. සිංහල, දෙමළ, මුස්ලිම් භේද හෝ වෙනත් ෙආගමික භේද වලින් තොරව ස්කොට්ලන්තයේ වෙසෙන ලාංකිකයන් සර් ගෙන් නියෝජනය විය යුතු වුවත්, සර් එහි ගොස් ඇත්තේ ලන්ඩන්වාසී පොහොට්ටුකාරයෝ ටිකක් නියෝජනය කරන්නට බව ස්කොට්ලන්ත ලාංකිකයාට දැන් තේරුම් ගොස් ඇත.
අනෙක් අතින් විදේශ සේවය යනු පවතින ආණ්ඩුවට පමණක් අවශ්‍ය දේ කරන ආයතනයක් ලෙස සිතා කටයුතු කරන නිලධාරීන් රටට කරන හානිය විශාලය. ජනතා මුදලින් ගෙවල් කුලියේ සිට වෛද්‍ය පහසුකම් පවා ලබමින්, ජනතා මුදලින්ම තම දරුවන්ට විදේශ අධ්‍යාපනය දෙමින් ශ්‍රී ලංකාවට බරක් වී සිටින විදේශ සේවයේ නිලධාරීන්ගේ නොහැකියාව, නොසැලකිල්ල හා උද්දච්චකමද සර් ගේ ග්ලාස්ගොව් ගමන අපට කියා දෙයි.
සර්ට ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගන්නට බැරි ය. රට පත්ව ඇති කිසිදු අවුලකින් රට ගොඩ ගන්නට සර්ට බැරිය.
සර් දේශගුණික සමුළුව තුලින් රටට දිනාගෙන ආ දේ කුමක්දැයි අසන්න.
චීන අසූචි නැව කොළඹ වරාය අසලටම පැමිණ ඇත.
---------------------------
by (2021-11-07 07:06:32)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි