- නීතියේ ආධිපත්‍යය සඳහා වූ නීතිඥයෝ
(ලංකා ඊ නිව්ස් -2021.ඔක්.31, පෙ.ව.2.30) තමන්ගේ අවබෝධය හා දැනීම මත ආණ්ඩුව විසින් කරගෙන යනු ලබන රටේ ආහාර සුරක්ෂිතාවයට බලපාන ක්‍රියාමාර්ගයක අඩුපාඩු පෙන්වීමක් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඒ මහතාට පවරා තිබු යම් කාර්ය භාරයන්ගෙන්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විසින් ඉවත් කර ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 14 ව්‍යවස්ථාවේ (අ) උප වගන්තිය දක්වා ඇත්තේ ඇත්තේ සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහසට හා ප්රකාශනය ඇතුළු අදහස් පලකිරීමේ නිදහසට හිමිකම් ඇති බවයි. මෙය මුලික මිනිස් නිදහසක් වන අතර විශ්වීය මානව හිමිකම් ප්රකාශනය මගින් ද තහවුරු කර ඇත.
රාජ්‍ය සේවකයකු රජයේ ප්‍රතිපත්ති පිලිබදව අදහස් පලකිරීම පිලිබඳව යම් සීමාවක් තිබිය හැකි වුව ද අර්ධ රාජ්‍ය ආයතනයක්වූ විශ්ව විද්‍යාලය ආශ්රිත බුද්ධිමතුන් අදහස් ප්රකාශනයේ සම්පුර්ණ නිදහසක් ලබන්නේ විශ්ව විද්‍යාලය රටක නව සංවර්ධනයන්, නව තාක්ෂනයන් හා අදහස් උත්පාදනය කරන තෝතැන්නක් වන හෙයිනි.
මහචාර්ය බුද්ධි මාරඹේ සිය පශ්චාත් උපාධිය සඳහා කාබනික පොහොර ගැන හදාරා ඇති අතර එතුමන් ඒ පිලිබඳවත් කෘෂිකර්මය පිලිබදවත් ප්‍රාමාණික උගතෙකු බව කෘෂිකර්ම ක්ෂේත්රය තුල ඉතා ප්‍රසිද්ධ කරුණකි. එලෙසම රජයේ ඉල්ලීම පරිදි ඔහුගේ සුවිශේෂ දැනුම රජයේ විවිධ කෘෂිකාර්මික කාර්ය භාරයන් සාර්ථක කර ගැනීම සඳහා දායක කොට ඇත. ඔහුගේ දැනුමට අනුව රජයේ ක්‍රියාමාර්ගයක වරදක් දකින්නේ නම් එය පිළිබදව පෙන්වා දීම විෂය පිලිබදව ප්‍රාමාණිකයෙක් ලෙස හා පුරවැසියෙක් ලෙස ඔහු විසින් සිදුකළ යුතු ජාතික කාර්ය භාරයකි.
මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාට තර්ජනයක් ලෙස ඔහු සිදුකරන ලද කාර්යභාරයන්ගෙන් ඉවත්කිරීම මේ හා සමාන අදහස් ප්රකාශනයක යෙදිය හැකි වෙනත් බුද්ධිමතුන් දුර්වල කර තබාගැනීමේ ආණ්ඩුවේ අනීතික ක්‍රියාවක් ලෙස දකින අතර ඒ නිසාම මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකිමු.
විශේෂයෙන්ම විද්‍යාත්මක දැනුම් යෙදිය යුතු ජාතික වශයෙන් වැදගත් කාර්ය භාරයන් වලදී අදාළ බුද්ධිමතුන්ගේ උපදෙස් හා අදහස් ගෙන ඒ අනුව වැඩ පිළිවෙලවල් සකස් කරගෙන ක්‍රියාත්මක කරනවා වෙනුවට එම අදහස් ප්‍රතික්ෂේප කිරීමෙන් නොනැවතී ඔවුන්ට තර්ජනය කිරීම රටක් වශයෙන් කවදාවත් අනුගමනය කළ යුතු බුද්ධිමත් හෝ දේශමාමක ක්‍රියාවක් නොවේ.
එම නිසා ඉදිරියට මෙවැනි පුරවැසි හිමිකම් උල්ලංඝනය කරන තර්ජනාත්මක ක්‍රියාවන් නතර කරන ලෙසත් බුද්ධිමතුන්ගේ හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත් මහජනතාවට බලපාන රජයේ ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීම සදහා බුද්ධිමතුන්ගේ සාධනීය යෝජනා සලකා බලන ලෙසත් ආණ්ඩුවට බල කර සිටිමු.
මෙවැනි නීති විරෝධී පුරවැසි හිමිකම් නොසලකන ආණ්ඩුවේ ක්‍රියාවන්ට විරුද්ධව පෙළගැසෙන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.
නීතිඥ ආචාර්ය හේරත් එම්. ආරියරත්න
---------------------------
by (2021-10-30 21:12:34)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි