(ලංකා ඊ නිව්ස් -2021.ඔක්.22, පෙ.ව.1.00) ලෝකයේ පළමු අගමැතිනිය බිහිකළ කාන්තා ජනාධිපතිනියක් බිහිකළ ලංකාවේ කාන්තාවගේ භූමිකාව අදටත් සතුටු විය හැකි මට්ටමක නොපවතී . ජනගහණයෙන් 52% වුව ද මව, සහෝදරිය, දියණියන් උදෙසා සාමාජයක් වශයෙන් අප සාධාරණය ඉටුකොට තිබේද ? 52% වූ කාන්තාවන් වෙසෙන රටේ පාර්ලිමේන්තුව තුල සාධාරණ ප්‍රතිශතයක් නොමැතිව කාන්තා නියෝජනය තවමත් පුරුෂයන්ට යටවී ඇත.
ආණ්ඩුපක්ෂ විපක්ෂ සියල්ලන්ගේ කාන්තාව උදෙසා සාදාරණ අවස්ථා උදාකරදීම තවමත් මැතිවරණ පොරොන්දු වලට සීමාවී ඇත . රජයේ වේවා පුද්ගලික අංශයේ වේවා රැකියාවල ඉහල තනතුරු තවමත් පුරුෂ මුලික මනසින් ලබා දේ. අතලොස්සක් සටන්කාමී කාන්තාවන්ගේ ජයග්‍රහණ උලුප්පා පෙන්වා කාන්තාව සම සාධාරනව සිටින බව පෙන්වන නමුදු බහුතර කාන්තාවගේ ජීවන තත්වය දුක්මුසු තත්වයේ පවතී.
ලෝකයේ ඉහලම කාන්තා නිදහස ලබාදුන් අප බුදුහිමියන්ගේ බෞද්ධ රටේ දළදාව ලක්දිවට ගෙනාවේ කාන්තාවක් වුවද ශ්‍රී මහා බෝධිය ගෙනාවේ කාන්තාවක් වුවද දේශපාලන බලයක් නොමැති කිසිදු කාන්තාවකට ශ්‍රී මහා බෝධිය හෝ දළදා වහන්සේ අසලට යෑම පවා කිලි සහිත යැයි කියා අවසර නැති බමුණු දහම ප්‍රචලිත කරන අපේ රටේ බෞද්ධ වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා සියලු ආගම්වල තත්වය එකමය.
ආයෝජන කලාප සාදාගෙන සුරාකන්නේ කාන්තාවගේ ලේ දහදීයයි මැදපෙරදිග පිටපටවා ඩොලර් සොයන්නට යවන්නේද අපේම සහෝදරියයි . සියලු දුක විඳ දාරගෙන තමන්ව තාඩන පිඩනයට ලක්කරනා පිරිමින් බිහිකරන්නේද කාන්තාවයි. 21 වන සියවසේ සිටින අප දැන්වත් නුතන ලෝකය සමග සාපේක්ෂව කාන්තාවගේ ජීවන තත්වය ඉහල දැමීමේ කාර්යය ආරම්භ කළ යුතු බැවින් දේශපාලන පටු අරමුණු හෝ කෙටිකාලින මැතිවරණ ඉලක්කවලින් බැහැරව කටයුතු කිරීම උදෙසා "HER VOICE" ආරම්භ වේ.
මසකට දෙවරක් සංවාද මණ්ඩපයක් ලෙස ඇරඹෙන "HER VOICE" පළමු සජීවී සංවාද වැඩසටහන FACEBOOK ඔස්සේ ලබන ඔක්තෝම්බර් 23 වැනි දින (හෙට) රාත්‍රී 9.00ට ආරම්භ වේ. එතැන් පටන් සෑම දෙසතියකට වරක් "HER VOICE" හා සම්බන්ධ වියහැකි අතර මෙම කර්තව්‍යට උනන්දුවක් දක්වන ඕනෑම අයකුට "HER VOICE" FACEBOOK පිටුවට පණිවිඩයක් එවීමෙන් තම අනන්‍යතාවය තහවුරු කොට අප හා සම්බන්ධ වියහැකිය.
"HER VOICE" හුදෙක් සංවාද මණ්ඩපයක් පමණක් නොවන අතර සක්‍රිය ක්‍රියාකාරී බලපෑම් කණ්ඩායමක් ලෙස සමාජ වගකීම්වලට නුදුරේදීම දායක වනු ඇත .
සැලකිය යුතුයි "HER VOICE" කිසිදු ආණ්ඩු හෝ විපක්ෂයේ කණ්ඩායම්වල අතකොළුවක් නොවේ.
"HER VOICE" FACEBOOK පිටුවට - https://www.facebook.com/HER-VOICE-Against-His-masters-voice-100292245781128/
---------------------------
by (2021-10-21 20:55:25)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි