(ලංකා ඊ නිව්ස් -2021.ඔක්.05, පෙ.ව.4.33) කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් 100 ක් නීති විරෝධීව බඳවා ගැනීමේ දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති රාජපක්ෂ සට්ටැඹියා වන මහාචාර්ය සම්පත් අමරතුංග දැන දැනම නීති විරෝධී ක්‍රියාවක හවුල්කරුවෙක් වී ඇතැයි FUTA පෙරටු කරගත් සංවිධාන 83 කින් සමන්විත "අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය" විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වරයාට ලිපියක් යවමින් හදිසි සාකච්ඡාවක් ඉල්ලා තිබේ. එම යවන ලද ලිපිය මෙහි පහත දැක්වේ
මහාචාර්ය සම්පත් අමරතුංග
සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC)
වෝඩ් පෙදෙස, කොළඹ 7
හිතවත් ආචාර්ය අමරතුංග,
සිවිල් සමාජ සංවිධාන, වෘත්තියවේදී සංවිධාන, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හා අනෙක් අංශවල වෘත්තීය සමිති සහ ආගමික සංවිධානවලින් සැදුම් ලත් සන්ධානයක් වන අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය ලෙස අප මෙම ලිපිය ඔබ වෙත යොමු කරන්නේ සිවිල් සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් බලතල නොමැති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ශිෂ්‍යයන් 100 දෙනෙක් බඳවා ගැනීමට ආණ්ඩුව මෑතකදී ගත් තීරණය සම්බන්ධව අපගේ අප්‍රසාදය ප්‍රකාශ කිරීම සඳහාය.
ඔබ මැනැවින් දන්නා ලෙස, මෙම තත්වය ඇති වී තිබෙන්නේ 2019/2020 වර්ෂය සඳහා වූ බඳවා ගැනීමේ පටිපාටිය නිසි ලෙස කලමණාකරනය කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසමත් වූ නිසාය. නව හා පරණ විෂය නිර්දේශවල සම්ප්‍රයුක්ත සාමාන්‍ය ලකුණු මත ශිෂ්‍යයන් බඳවා ගත යුතු බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධාරණය කිරීම තුල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුලු වීමට සුදුසුකම් ලැබූ සිසුන් බොහෝ දෙනෙක්ට එම අවස්ථාව අහිමි වන ආකාරයේ විකෘති තත්වයක් හටගත්තේය. ආණ්ඩුව අමතර සිසුන් 100 දෙනෙක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට තීරණය කලේ ඉහත කී තීරණය නිසා බලපෑමට ලක්වූ සිසුන් හා දෙමාපියන් විසින් සැලකිය යුතු මට්ටමකින් කල බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙසටය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ රජයේ වෛද්‍ය පීඨ 11ක් තිබෙන තත්වයක් තුල මෙම සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට ආණ්ඩුව තීරණය කළේ කවර හේතුවක් නිසාදැ'යි අපට නොවැටහේ. සිසුන් බඳවා ගැනීම වෙනුවෙන් රජය කොතලාවල විශ්ව විද්‍යාලය අරමුදල් ද වෙන් කොට තිබෙන පසුබිමක් තුල, අපට මෙම තීන්දුව පසුපස වන තාර්කිකය වටහා ගත නොහැක. මේ සඳහා රජයට මුදල් තිබේ නම්, එම මුදල් රාජ්‍ය වෛද්‍ය පීඨ වෙත යොමු කළ නොහැක්කේ ඇයි?
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ නීති ප්‍රතිසංස්කරණ මහජන විරෝධතා නිසා පසුබෑමට ලක්ව තිබෙන මොහොතක, මෙම ආයතනයට සිවිල් සිසුන් බඳවා ගැනීම සාමාන්‍යකරණය කිරීම සඳහා ආණ්ඩුව වංක හා වංචනික ලෙස කටයුතු කරන බව පැහැදිලිය. ආණ්ඩුව ගත් තීරණයේ පදනම ප්‍රශ්න නොකොට, මෙම කාර්යය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රජය වෙත සිසුන් 100 දෙනෙක්ගේ නම් ලැයිස්තුවක් ලබාදීම නිසා අප බෙහෙවින් කණස්සල්ලට පත් වී සිටිමු. මෙම රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් ස්වාධීන නියාමන ආයතනයක් ලෙස ක්‍රියා කළ යුතුව තිබෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිවිල් වැසියන් බඳවා ගැනීම සඳහා නීත්‍යනුකූල ලෙස බලයක් නොමැති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය දිගටම කරගෙන යන නීතිවිරෝධී ක්‍රියාකාරීත්වය නොතකා හැර සිටීම අවාසනාවන්ත තත්වයකි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිවරයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලය 'විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ නියෝජිත' යන නිල නාමය යටතේ නියෝජනය කරයි. මේ අනුව මෙම නීතිවිරෝධී ක්‍රියාකාරීත්වයේ හවුල්කරුවෙක් බවට ඔහුද පත්වී සිටී. රජයේ නිලධාරියෙක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පොදු මහජනයාට වගකිව යුතු බවත්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට නීතිවිරෝධී ලෙස සිසුන් ඇතුලත් කරගැනීමේ ක්‍රියාවලිය වෙත ආධාර හා අනුබල සැපයීම මහජනයා කෙරෙහි වූ මෙම වගකීම සිතාමතා උල්ලංඝණය කරන්නක් වන බවත් අප සිහිපත් කිරීමට කැමැත්තෙමු.
මීට අමතරව, විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම සමාලෝචනය කරන ලෙස අප විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු. සිසුන්ට බරපතල අසාධාරණයක් වන ලෙස දෝෂසහගත ලෙස කොමිසම ක්‍රියා කළ පලමු අවස්ථාව මෙය නොවේ. සෑම වර්ෂයකම, ඇතුලත් කරගැනීමේ ක්‍රියාවලියේ විවිධ ගැටලු පවතී. තම ශිෂ්‍ය පුරප්පාඩු නිසි ලෙස පිරවී නොමැති බවට හෝ; විශේෂයෙන්ම පළමු වටයේ බඳවා ගැනීම්වලින් පසුව අදාල පුරප්පාඩු පිරවීම සඳහා විශාල වශයෙන් කල් ගත වන බවට අධ්‍යයන දෙපාර්තමේන්තු රාශියක් පැමිණිලි කොට තිබේ. එහෙත් පාරදෘශ්‍යභාවයක් හෝ වගකීම්සහගත බවක් නොමැති වත්මන් බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කිරීම සඳහා කෙරෙන සියලු මැදිහත්වීම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් වලක්වනු ලබයි. බඳවා ගැනීමේ පටිපාටිය පිලිබඳ විස්තරාත්මකව තොරතුරු සැපයීම සම්බන්ධයෙන් කොමිසම දක්වන්නේ මහත් මැලිකමකි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා කළ යුතුව තිබෙන බවත්; එය මූලික වශයෙන් වගකිව යුතු විශ්ව විද්‍යාල පහලොවේ උන්නතිය පෙරදැරි කරගෙන ක්‍රියා කළ යුතු බවත් අප කොමිසම වෙත මතක් කර දීමට කැමැත්තෙමු. කොමිසමේ එක් මූලික වගකීමක් වන්නේ දේශපාලන මැදිහත්වීම්වලින් විශ්ව විද්‍යාලවල ශාස්ත්‍රීය නිදහස ආරක්ෂා කරදීමය. කෙසේ වුවද, අප ඉදිරියේ පවතින කරුණුවලින් පෙනී යන්නේ කොමිසම හුදෙක් දේශපාලන අධිකාරියේම කොටසක් ලෙස ක්‍රියා කරන බවත්, ශාස්ත්‍රීය නිදහස මෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය තුල වන ආයතනික ව්‍යුහයන් විසින් ගන්නා තීරණ දුර්වල කෙරෙන ආකාරයකට කටයුතු කරන බවත්ය.
සිවිල් අධ්‍යාපනය මිලිටරිකරණය වීම පිලිබඳ කිසිදු තැකීමකින් තොරව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ආරක්ෂා කිරීම සඳහා කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින ලැජ්ජා විරහිත හා දේශපාලන වශයෙන් අනුබල ලත් ආකාරය කොමිසම යටතේ වන විශ්ව විද්‍යාල පහලොවේ ශාස්ත්‍රඥ ප්‍රජාවගේ උන්නතිය සහ අදහස්වලට එරෙහිව සෘජු ලෙස ක්‍රියා කිරීමකි.
කොමිෂන් සභාව අත වූ දෝෂයන් නිසා රජයේ වෛද්‍ය පීඨවලට බඳවා ගැන්මට නොහැකි වූ සිසුන් සම්බන්ධ වගකීම භාර ගන්නා ලෙසත්, ඔවුන් අදාල පීඨවලට නිසි ලෙස අනුයුක්ත කිරීම සඳහා අදාල පියවර ගන්නා ලෙසත්, සිවිල් ජනතාවට අධ්‍යාපනය ලබාදීමේ බලයක් නොමැති ආයතනයකට ඔවුන් යොමු කිරීම මගින් ඔවුන්ගේ අනාගතය අවදානමේ නොහෙලන ලෙසත් අප විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දැඩිව ඉල්ලා සිටිමු. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තුල වන හමුදා සංස්කෘතිය සිවිල් වැසියන්හට අධ්‍යාපනය ලැබීම සඳහා උචිත පරිසරයක් නොවේ. මීට වසර කිහිපයකට පෙර, සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගත් අවස්ථාවේ ද මෙබඳුම අර්බුදයක් ඇති වූ බව අප කොමිෂන් සභාව වෙත සිහිපත් කරමු. සයිටම් ආයතනය තම වෛද්‍ය පීඨය වසා දැමූ විට එහි ඉගෙනුම ලත් සිසුන් බලවත් අපහසුතාවයකට පත්වූහ. මෙම සිසුන් සිය දෙනා සමග මේ හා සමාන වරදක් සිදු නොකරන ලෙසට කොමිෂන් සභාව වෙත සිහිකැඳවිය යුතුය.
මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් අප වෙත ලබාදෙන ලෙස අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය වශයෙන් අපි ඉල්ලා සිටිමු.
අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම-කැඳවුම්කරු.
විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA)
[email protected], [email protected]
1 විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය
2 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය
3 විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
4 ලංකා ගුරු සංගමය
5 ලංකා ගුරු සේවා සංගමය
6 ඒකාබද්ධ ගුරු සේවා සංගමය
7 ලංකා වෙළඳ කාර්මික හා සාමාන්‍ය සේවක සංගමය (CMU)
8 ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය
9 කම්කරු අරගල මධ්‍යස්ථානය
10 සමගි සේවක සංගමය
11 මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
12 ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
13 ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
14 අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය
15 අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි වෛද්‍ය එකමුතුව
16 අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතිය
17 අන්තර් සමාගම් සේවක සංගමය
18 අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුතුව
19 අලුත් පරපුර
20 අළුත් පියාපත්
21 ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR)
21 එක්සත් කම්කරු සම්මේලනය
22 ජන නියමු කලාකරුවෝ
23 ජනාවබෝධ කේන්ද්‍රය
24 ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය
25 ජාතික කම්කරු සංගමය
26 ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය
27 ජාතික විද්වත් සංවිධානය
28 ජාතික විද්වත් සභාව
29 නීතිය සහ සමාජ භාරය
30 පලාත් කළමණාකරන නිලධාරීන්ගේ සංගමය
31 පුහුණු හා විද්‍යා පීඨ ගුරු සංගමය
32 ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව
33 ප්‍රජා සුභසාධක සංවර්ධන අරමුදල
34 මානව හිමිකම් සහ සංවර්ධන කේන්ද්‍රය
35 රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
36 රයිට්ස් නව්
37 රැකියා ලාභී උපාධිධාරී සංගමය
38 ලංකා ගෘහ විද්‍යා හා කෘෂි විද්‍යා ඩිප්ලෝමා ධාරී ගුරු සංගමය
39 ලංකා ජාතික ගුරු සංගමය
40 ලංකා තැපැල් සේවා සංගමය
41 ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය
42 ලංකා ප්‍රගති ගුරු සංගමය
43 ලංකා බැංකු සේවක සංගමය
44 ලංකා විදුලි සේවක සංගමය
45 ලංකා වෘත්තීය සමිති සම්මේලනය
46 වාණිජ හා කාර්මික සේවක සංගමය
47 වැඩ කරන ජන බලය ජාතික වෘත්තිය සමිති පෙරමුණ
48 වැඩකරන කාන්තාවන්ගේ මධ්‍යස්ථානය
49 විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
50 වෙළෙඳ කලාප සේවක මධ්‍යස්ථානය
51 වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
52 ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය
53 ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය
54 ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය
55 ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
56 සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය
57 සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
58 සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය.
59 සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
60 සමස්ත ලංකා සුව සේවා සංගමය
61 සමාජ සංවර්ධන ආයතනය
62 සමාභිමානී සාමුහිකය
63 සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ සංගමය
64 ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
65 ස්වාධීන වරාය සේවක සංගමය
66 හෝටල් සේවක මධ්‍යස්ථානය
67 තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (UPTO)
68 එක්සත් පොදු සේවා සංගමය (CCMU)
69 රක‍්ෂණ සේවක සංගමය (IEU)
70 තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය (AEUIT)
71 ලංකා වතු සේවා සංගමය (CESU)
72 දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව (RPTUA)
73 ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය (TEDA)
74 ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය (FBTIE)
75 ස්වාධීන තටාක සේවක සංගමය (IDWU)
76 ලංකා වැවිලි සේවා සංගමය (CPSU)
77 Protect සංගමය
78 අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි නීතිඥයෝ
79 එක්සත් පොදු සේවක සංගමය
80 මානව හිමිකම් හා සංවර්ධන මධ්‍යස්ථානය (CHRD)
81 සමාජ සංවර්ධන හා වැඩ කරන කාන්තා පෙරමුණ
82 අධ්‍යාපනය රැකගැනීම උදෙසා කලාකරුවෝ
83 නීතිය සහ සමාජ භාරය (LST)
---------------------------
by (2021-10-04 23:06:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි