(ලංකා ඊ නිව්ස් -2021.සැප්.21, ප.ව.6.30) නිවෙසක තිබූ ගොරකා කිලෝ 09 ක් සොරකම් කළැයි පසුගිය 18 වනදා අධිකරණය හමුවට පමුණුවනු ලැබූ සැකකරුවකු ලබන මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ නියෝග කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ බේරුවල පාදාගොඩ පදිංචි තරුණයෙකු වන අතර ගොරකාවල වටිනාකම රුපියල් 9,000 ක් බවද පැවසේ.
මිනිසුන්ට ජීවත් වීමට නොහැකිව ගොරකා හෝ හොරකම් කරන්නට තරම් වටිනා දුර්ලභ භාණ්ඩයක් ගානට වැඩ කරන විරුවාගේ සෞභාග්‍යයේ දැක්ම විසින් රට 'සංවර්ධනය' කර තිබේ.
---------------------------
by (2021-09-21 13:10:15)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි