~

බේබිලා හරි වසයි..! ගවුම් ඉරාජ්ට සිද්ධ වූ දිට්ඨ ධර්ම වේදය..!

-විශේෂ ලියුම්කරුවෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.අගෝ.26, පෙ.ව.3.45) ප්‍රසිද්ධ සංගීතකරුවෙක් වන ඉරාජ් වීරරත්න හෙවත් ගවුම්-ඉරාජ් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වීම දැන් පැරැණි ප්‍රවෘත්තියකි.

පෞද්ගලික කාරණාවක් මූලික කර ගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්, හැකි සෑම අවස්ථාවකම ඕනෑම දෙයකට සහාය දක්වන බවත් ඇමති නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔහු සිය ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම ද සම්පූර්ණයෙන් අක්‍රිය කර තිබේ. ට්විටර් ගිණුමේ ද තිබූ පැරණි පෝස්ට් මකා දමා ඇත. 

ඉරාජ් ගේ ඉවත්වීම කාලයක් පුරා රාජපක්ෂ පාලනයේ දෙවන වටයේ අළු යට පැවැති ගිණි පුපුරු මතුවීමේ ප්‍රවනතාවයකි. ඇත්තටම ඉරාජ් මෙසේ ඉවත්වූයේ ඇයි.?

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව එයට හේතු කීපයකි..

තරුණ සේවා සභාවේ වත්මන් සභාපති ධූරය හොබවන දමිත වික්‍රමසිංහ යනු නාමල් ගේ සමීපතම මිතුරියක වන පසු ගිය දා අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්ධූරයක් ලබා දී පසුව ඉවත්කළ මාධවී කෞෂල්‍යාගේ සැමියා ය. කෞෂල්‍යාගේ ලබැඳියාවෙන් නාමල් ගේ බලය අතට ගන්නා දමිත්, අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිවෙකුට සවන් නොදේ. අනෙක් අතට ඔහු ගෝඨාභයගේ වියත්මග ආරම්භක සාමාජිකයෙකි. එබැවින් ඔහුට තරුණසේවා සභාව තුල ඒකාධිපතියෙක් වෙන්නට ඕනෑ තරම් බලය ඇත.

අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම්වලදී ඔහු කරන්නේ ටෙහානි ඉමාරා ට එස්එම්එස් යැවීම සහ තුන්ඩු කෑලි පාස්කිරීම පමණි.

ඉරාජ්ලාට සිද්ධ වී ඇත්තේ නාගත් අසූචිවල ගඳ ඉවසා දරා සිටීම පමණි. පසුගිය දිනවල ගවුමක් ඇඳගත් ඉරාජ් ගේ ඡායාරූපය නිසා ද, කාමුකත්වය දඩමීමා කරගනිමින් ජනප්‍රිය වීමට මාන බැලූ නිසා ද, ඔහුගේ රාජපක්ෂ සට්ටැඹිවාදී වැඩ නිසා ද ලංකාවේ නව තරුණ සමාජය තුල ඉරාජ් ඉතා අපකීර්තිමත් අපතයෙක් බවට පත්විය.

රුපියල් තිස් දහසක අධ්‍යක්ෂක මණ්ඩල දීමනාවකට ඉරාජ් ගෙන් කෝටි 300 වැඩ රාජපක්ෂලා අරගෙන ඇත.

යෝෂිත රාජපක්ෂ ගෙන් ඉරාජ්ට හොඳ කනේ පාරක් වැදී ඇතැයි කියන කතාවක්ද සමාජමාධ්‍ය ජාලාවල දැඩි ලෙස සංසරනය වෙයි. "අපිට විශාල ශබ්දයක් ඇහුනා, ටාං ටාං ගාලා. බැලුවහම යෝෂිත ඉරාජ්ගේ කනට ගහලා. බේබිලා හරි වසයි..!" එක් සමාජ මාධ්‍යයක සටහන්ව තිබිණ. 

යෝෂිත දැන් අග්‍රාමාත්‍ය නිවසේ නිල ලත් ප්‍රධානියාය. මහින්ද ගේ නූල හෙලවෙන්නේ යෝෂිත අතිනි. අත්සන් කරන ලිපියක් ගැනවත් මහින්දට වගක් නැත. මහින්දට ඩිමෙන්ෂියා ය. සත්‍ය අගමැතිවරයා යෝෂිත ය. (ඒ පිලිබඳ සම්පූර්ණ හෙළිදරව්වක් පසුව බලාපොරෙත්තු වෙන්න) 

ඉරාජ් දැන් පාවිච්චි කර ඉවත ලූ ටොයිලට් පේපරයක් තත්ත්වයට පත්ව ඇත. සංගීතය නිසා තමන්ට ආවේනික බ්‍රෑන්ඩ් එකක් හදාගත් ඉරාජ් දේශපාලනය නිසා, විශේෂයෙන්  රාජපක්ෂලාගේ අසූචි බුදින්නට ගොස් දැන් අනාථ වී ඇත. 

ඉරාජ් බ්‍රැන්ඩ් එක දැන් මරුටි එන්ජිමක් සවිකළ අවුඩි කාරයක් මෙනි.

දිට්ඨ ධම්ම වේදී කර්මය යනු මෙයයි. රාජපක්ෂලාගේ තවත් දත් දෙක තුනක් ලඟදීම  ගැලවීයාමට නියමිතය.

-විශේෂ ලියුම්කරුවෙක් විසිනි-

---------------------------
by     (2021-08-25 22:34:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links