~

රාජපක්ෂලාට සුවඳ චීනුන්ගේ තවත් ගඳ වැඩක්..! පිලිපීන මුහුදට ‘කක්කා’ දානවා...!

ඉන්ක්වරියර් සඟරාවේ වාර්තාව සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.15, ප.ව.11.40) පිලිපීනයේ පරිසර හා ස්වාභාවික සම්පත් දෙපාර්තමේන්තුව (DENR) අඟහරුවාදා ප්‍රකාශ කළේ, ස්ප්‍රැට්ලි දූපත්වල ස්ථාන ගත කර ඇති චීන නැව් සිය ගණනකින් දමන අපද්‍රව්‍ය හෝ ‘කක්කා’ නිසා කලාපයේ කොරල් පරවලට හානි සිදු වී ඇති බවට කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

“බටහිර පිලිපීන මූදට අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව සම්බන්ධ චෝදනාව ගැන අප පළමුවෙන්ම පිලිපීන වෙරළාරක්ෂක බලකාය (PCG) සහ ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව (DND) සමග එක්ව කටයුතු කරනවා; මුලින්ම හොයන්නේ චෝදනාවේ ඇත්ත නැත්තයි,” යනුවෙන් DENR උප ලේකම් බෙනී ඇන්ටිපෝර්ඩා පැවසීය. 

“ඊට පසු, අපි අපේ DFA මාර්ගයෙන් චීන රජයේ අවධානය යොමු කරවනවා. ඇත්ත වශයෙන්ම [මේවා] චීන යාත්‍රා නම් අපි ඒ බව තහවුරු කරනවා,” යයි ඔහු පැවසීය.

ස්ප්‍රැට්ලි දූපත් අසල චීන නැව්වලින් අමු අපද්‍රව්‍ය - නැති නම් කක්කා - මුහුදට දමන බවට වාර්තා වීමෙන් පසුව මෙම තත්ත්වය වර්ධනය විය.

එක්සත් ජනපද භූගෝලීය දත්ත සමාගමක් වන Simularity කියන පරිදි, පසු ගිය වසර පහ තුළ පමණක් මෙසේ අමු අපද්‍රව්‍ය ගල්පර මතට දැමීමෙන් සිදුව ඇති හානිය අභ්‍යවකාශයේ සිට දැක ගැනීමට පුළුවන.

Simularity සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි ලීසා ඩර් පැවසුවේ, “එහි නැංගුරම් ලා ඇති නැව් සිය ගණනක් අමු අපද්‍රව්‍ය සෑම දිනකම ඔවුන් වාසය කරන ගල්පර මතට දමන බවයි.”

Simularity විසින් එක්රැස් කරන ලද චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, අපජල අපද්‍රව්‍ය හේතුවෙන් පසු ගිය වසර පහ තුළ බටහිර පිලිපීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත්වල සමහර ප්‍රදේශවල ගල්පරවලට සිදු වී ඇති හානිය, “දෘශ්‍යමානය, විස්මයජනකය.” චීනුන් මේ විනාශය සිදු කර ඇත්තේ, කෘතිම දූපත් ගොඩනැඟීම සහ දැවැන්ත, නීති විරෝධී යෝධ බෙල්ලන් ඇල්ලීමෙන් සිදු කරන සාගර විනාශයට අමතරවය.

-2021 ජුලි 13 වන දින Inquirer.Net වෙබ් අඩවියේ පළ වූ, Zacarian Sarao ලියූ, ‘DENR to probe reports of Chinese ships dumping poop in Spratlys’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2021-07-15 18:25:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links