~

ලෝකයේ නොදියුණු රටවල්වල මහ පොළොවේ දී දෙන ඔන්ලයින් අධ්‍යාපනය දියු‍ණු ලංකාවේ ඉහළ අහසේ දී..!

ඒපී පුවත සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.14, ප.ව.6.40) ශ්‍රී ලංකාවේ දුරස්ථ ගම්මානයක පදිංචිකරුවන්ට ඔන්ලයින් පාසල් පාඩම් ලබා ගැනීම සඳහා දිවියන් සහ අලි ඇතුන් සැරිසරන කැලෑව හරහා ගමන් කිරීමට සිදුව තිබේ.

බෝහිටියාව ගම්මානයේ ගුරුවරුන් සහ පාසල් ළමුන් 45 ක් පමණ කිලෝ මීටර් 3 (සැතපුම් 2) කට වඩා දුර ගොස් පර්වතයක මුදුනට නැග අන්තර්ජාල සංඥා ලබා ගනිති.

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් යාමට නොහැකි වූ සිසුන්ට පාඩම් ලබා දීම සඳහා තොරතුරු තාක්ෂණ ගුරුවරියක වන නිමාලි අනුරුද්ධිකා මෙසේ සංඥා භාවිතා කරයි. ගමේ වෙසෙන සිසු සිසුවියන් ද එම පා ගමනට සහභාගි වන්නේ ඔවුන්ගේ ගුරුවරුන් විසින් එවන ලද ඔන්ලයින් පාඩම් බා ගැනීම සඳහා ය.

සෑම සිසු සිසුවියකටම ජංගම උපාංග හෝ ලැප්ටොප් නොමැත; ළමයින් හතර හෝ පස් දෙනෙක් එක් උපාංගයක් බෙදා හදා ගනිති.

වැඩි වශයෙන් ගොවියන් වන ඔවුන්ගේ දෙමව්පියෝ ද බොහෝ විට ඔවුන්ගේ දරුවන් සමග යති. හය වන ශ්‍රේණියේ පුතා සමග එම ගමනේ යන පත්මිණී කුමාරි පැවසුවේ, දරුවන් දිනකට දෙවරක් පර්වතයට නගින බවත් ඔවුන්ගේ ආරක්ෂාව දෙමාපියන්ට විශාල කනස්සල්ලක් වී ඇති බවත්ය.

දිවයිනේ මධ්‍යම-නැගෙනහිර කොටසේ පිහිටි ගමට මූලික පහසුකම් නොමැති අතර, එහි දරුවන් ඉගෙනුම ලබන්නේ, දැන් වසා ඇති, කිලෝමීටර් 16 ක් (සැතපුම් 10 ක්) දුරින් පිහිටි රජයේ පාසලකය.

කිලෝමීටර 60 ක් (සැතපුම් 37 ක්) පමණ ඈතින් පිහිටි ලුණුගල ගම්මානයේ වැඩිහිටියන් පාසල් ළමුන් රැගෙන යන්නේ වනාන්තර රක්ෂිතයක කඳු මුදුනක පිහිටි ගසක‍ටය. එය මීටර් 10 ක් (අඩි 30 ක්) උස වන අතර එහි දී අන්තර්ජාලය සඳහා සංඥා ලබා ගත හැකිය.

2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පාසල් වසා දමා ඇත.

බලධාරීන් පවසන්නේ සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දීමට ඔවුන් සෑම උත්සාහයක්ම ගන්නා බවයි. නමුත් ලංකා ගුරු සංගමයේ ප්‍රධානී ජෝශප් ස්ටාලින් පවසන්නේ රටේ මිලියන 4.3 ක සිසුන්ගෙන් 40% කට පමණක් ඔන්ලයින් පන්තිවලට සහභාගී විය හැකි බවයි. බහුතරයකට අවශ්‍ය උපාංග හෝ ඉන්ටනෙට් පහසුකම් නොමැත.

පාසල් නැවත විවෘත කිරීමේ අරමුණින් සියලුම ගුරුවරුන්ට එන්නත් ලබා දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා රජය සඳුදා ආරම්භ කළේය.

-2021 ජුලි 13 වන දින AP News වෙබ් අඩවියේ පළ වූ, Eranga Jayawardena ලියූ, ‘AP PHOTOS: In Sri Lanka, a dangerous climb for online school’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2021-07-14 13:13:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links