~

රනිල් - මහින්ද හොරා කාලා මාට්ටු..! සේයාරූ සාක්කි එළි දකී..!!

(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.09, ප.ව.6.15) මහා සංඝ රත්නය අඬු හතරෙන් ඔසවා පැහැරගෙන යමින් රාජපක්ෂ පවුලේ ජුන්ටා ආණ්ඩුව පීඩාවට පත් මහජනතාව නඟන හඬට එරෙහි මර්දනය තියුණු කර තිබියදී ඊයේ (08) රාත්‍රී එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ අගමැති මහින්ද රාජපක්ෂ 'රාත්‍රී හොරා කෑමකට' සහභාගී වූ අවස්ථාවක සේයාරූ මාධ්‍යයට නිකුත් වී තිබේ. 

මහින්ද රාජපක්ෂ, බිරිඳ ශිරන්ති රාජපක්ෂ, ශිරන්තිගේ සොයුරු - ශ්‍රී ලන්කන් ගුවන් සේවය විනාශ කළ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සමග රනිල් වික්‍රමසිංහ මෙම කුඩා රාත්‍රී භෝජනයට සහභාගී වී සිටියහ. නිල නොවන වාර්තා පවසන අන්දමට මෙම රහසිගත රාත්‍රී භෝජනය සූදානම් කළ නිවෙස් හිමියා ඊට ආරාධනා කර තිබුනේ ඉහත සිව් දෙනාට පමණි. එනම් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂට රහසේ පුද්ගලිකව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දීමට ය. රහසේ කන කෑමට ගමේ භාෂාවෙන් කියන්නේ කියන්නේ 'හොරෙන් කෑම' හෙවත් 'හොරා කෑම' යනුවෙනි. 

වසරකට පමණ පසුව රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත්, බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත් එකට සිදුවීම අහම්බයක් නොවන බව දේශපාලන විචාරකයන්ගේ මතය යි. ආර්ථිකය ගොඩ නගා ගැනීමට නොහැකිව, දිනෙන් දින ජන අප්‍රසාදයට ලක්වෙමින් විනාශයට ඇද වැටෙන රාජපක්ෂ රෙජීමය, තම ගැලවුම්කාර රනිල් වික්‍රමසිංහ සමග ජාතික ආණ්ඩුවක් කෙරෙහි උනන්දුවක් ඇතිවීම සිදුවිය හැක්කකි. නමුත් අද පාර්ලිමේන්තුවේ රනිල්ට ඇත්තේ රනිල් පමණක් ය. 

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු යෑමට පෙර ගුවන් විදුලියක් සමග කළ සාකච්ඡාවක දී කියා සිටියේ මෙම අවස්ථාව විපක්ෂයට පාලනය බාර ගැනීමට සුදුසු අවස්ථාවක් නොවන බවත්, ජීවන බර දරා ගැනීමට නොහැකිව ජනතාව ප්‍රචණ්ඩත්වය කරා යොමුවුහොත් එය අර්බුදයක් බවත් ය. හොරෙන් හොරන් සාකච්ඡා කරමින් ගොනුන් හැරෙන්නේ කුමන දිශාවටද යන්න ගැන ජනතාව කල්පනාකාරී විය යුතුය. 

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ නායකයන් අවස්ථාවාදයට සහ පාවාදීමට නැඹුරු වූ අවස්ථා ලෝක ඉතිහාසයේ අප කොතෙකුත් දැක තිබේ. සෑම සියළු ක්‍රියාවන්ටම වඩා අවස්ථාවාදය සහ පාවාදීම් නීචය; භයානක ය. 

---------------------------
by     (2021-07-09 15:02:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links