~

දැන් කොහොමද..? ත්‍රී වීල් ෂැප ද..?

(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.04, පෙ.ව.6.35) වත්මන් ගෝඨාණ්ඩුව බලයට පත්වූයේ  රටේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන බව පවසමිනි. රටක පොලිසිය නීරෝගී නොවේ නම් එවැනි රටක ආරක්ෂාව ගැන කතා කර පළක් නැත. ලෝකයේ දියුණු රටවල් තම පොලිසි වෙත ලැම්බෝගිනි වැනි අධික වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් කර ලබාදෙති. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව උදෙසා වෙඩි නොවදින රථ ලබාදෙති. 

එසේ නමුත් අධි තාක්ෂණික මෝටර් රථ ලබා දිය යුතු පොලිසියකට වත්මන් ආණ්ඩුව ලබා දී ඇත්තේ ඩේවිඩ් පීරිස් සමාගම හදන ත්‍රීරෝද රථ 2000 කි. 

ඉහලම ගම් බට්ටා ට පොලිසිය බාරදීමෙන් දැන් ශ්‍රී ලංකාවේ සමස්ථ පොලිසියම ගම්බට්ටන් කිරීමට යන බව නම් පෙනේ. මේ ඕඩරය ඩේවිඩ් පිරිස් සමාගමටම ලබා දීමේ ද රහසක් තිබේ. ඒ නම් ජංගි වීරසේකර හෙවත් පෑන්ටි සරත් ගේ ඡන්ද ව්‍යාපාරයට ඩේවිඩ් පීරිස් සමාගම විශාල මුදලක් පරිත්‍යාග කර තිබේ. දැන් කොරෝනා වසංගතයත් සමග ඩේවිඩ් පීරිස් ලාගේ ත්‍රී වීල් විකුණා ගත නොහැකිව ලත වෙති. එබැවින් ඩේවිඩ් පීරිස්ලාගේ වැටී ඇති අදායම ගොඩ දැමීම සදහා පෑන්ටි සරත් ඉදිරිපත් වී තිබේ. ඒ පෑන්ටි සරත්ට ද ලොකු කුට්ටියක් අත යටින් ලබා ගෙන ය.  

කාර්යක්ෂම පොලිස් සේවයක් උදෙසා ත්‍රී වීල් වෙනුවට අවම තරමින් ලංකාවේ  එකලස් කරන මෝටර් රථ හෝ දිය හැකිව තිබුනා නොවේ ද ? දුම්රිය මැදිරි හදන තන්ත්‍රිලාට ද මහේන්ද්‍රා වාහන එකලස් කරන වෙල්ගමලාට ද ඒ හැකියාව තිබේ.  එසේත් නැතිනම් මෙම ත්‍රීවීල් 2000  මේ වසංගත අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට ලබා දුන්නා නම් එය මීට වඩා ප්‍රායෝගික නොවේ ද?

අහෝ.., පෑන්ටි සරත්ගේ පොලිසිය හෙට අනිද්දා ත්‍රී විල් පාක් එකට වැටෙනු ඇත. මහ මග යන ජනතාව පොලිස් ත්‍රී වීලර් නොහැඳින ඒවායෙන් හයර් ඉල්ලනු ඇත.  අපරාධ කරුවෙක් ලුහුබැඳ යාමට ත්‍රීවීල් තරම් සුදුසු වෙනත් වාහනයක් කොයින්ද ? 69 ලක්ෂයේ ගව පට්ටියටට උචිත ශ්‍රී ලංකා පොලිසියට නියම ගරුත්වයක් ලැබී ඇත.

ඉතියෝපියාවේ පොලිසිය ද ඇතුළු වෙනත් රටවල පොලිසිවලට ඒ ඒ රටවල රජයන් විසින් ලබා දී ඇති වාහන සහ ලංකාවේ පොලිසියට ද අතීතයේ සිට ලබා දුන් වාහන වල සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ. 

දැන් කොහොමද..? ත්‍රී වීල් ෂැප ද..?

---------------------------
by     (2021-07-04 02:47:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links