-තිලක නවමිණි ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.ජුනි.09, ප.ව.11.45)
මුහුදේ වස නැවකි ගින්නකි මරුවැලකි
කන්දේ දරුණු නායෙකි මරණ පොකුරෙකි
පොළොවේ වසංගතයෙකි මර සරදමෙකි
දෙවියෝ පලායති දෙවොල මැ මළ ගෙයෙකි
ඇතියෝ බාල් කති නැතියෝ හූල්ලති
බලයෝ ඔසු ලබති දුගියෝ පැණි සොයති
මැරයෝ කුඩු බෙදති බූරුවො දුම උරති
නයුවෝ හොරාකති වැසියෝ හුළං බොති
උස් පුටු බොරු වවති පොදු දනයට කෙළිති
ඇත්තට කටු දමති කට වට වැට බඳිති
මෝරට නීති නැති සූඩයො හිරේ යති
මේක යි ඇත්ත ඇති පැත්තකට ගැති නැති
---------------------------
by (2021-06-09 19:41:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි