පාරේ-සමින්දාර් ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.ජුනි.03, ප.ව.11.20) මීට මාස කිහිපයකට පෙර හිටපු අප්පොච්චා හදිස්සියේම බංග්ලාදේශයට ගියේ රටේ ජනාධිපති වූ මලයාගේ ඉල්ලීම පරිදිය. ඒ ගමන අරමුණ වුයේ ඒ රට අගමැතිනිය වු සීක් හසිනා හමු වී අතමාරුවක් කර ගැනීමටය. ජයසුන්දරයා ලියා දුන් කොලයේ තිබුන දේවල් අප්පොච්චා කට පාඩම් කර ගත්තේය.
අකමැත්නේ වුවද සීක් හසිනා අප්පොච්චා හමු වීමට තීරණය කරේ අල්ලා දෙවියන් කෙරෙහි තිබු භක්තිය නිසාය.
“අයියා මොකද කවදාවත් නැතුව මේ පැත්තේ එන්න හිතුවේ” හසීනා ඇසුවාය.
“අපේ මලයාගේ කන්දොස් කිරියාව ඉවසගල්ල බැරිම හිංදයි ලංගි මං මේ ආවේ, පුලුවල් කමකට ලෙවෙයි. පොඩි උදව්වක් ගල්ල පුලුවල් ද බලං යල්ල ආවේ."
“ඔච්චර ගෙම්බර් තියෙන අයියලා වගේ දේශප්‍රේමි රටකට අපි වගේ මුස්ලිම් රටකින් මොන උදව්ද? අනිත් එක, අයියලට චන්දේ දීපු 69 ලක්ෂයක් උගත් සිංහල බෞද්ධයෝ මොනව නොකියයිද?" හසීනා වටෙන් ඇවිත් එසේ ඇසුවේ අප්පොච්චාට පොඩි සත්තමක් ද දමමින්ය.
"මේකයි ලංගි, රටේ සීනි ඇටයක් ලෑ, දරුවෙකුට බිත්තරයක් බැද ගල්ල පොල්තෙල් ටිකක් ලෑ. පිං සිද්ධවෙයි ඔහේට පුලුවල්ලම්, කීයක් හරි දෙල්ල." සීක් හසීනාට පුදුම වී සිටීමට නොහැකි වූවා ය.
"තුන් වේලට බත් ගිලලා පුරුදු අපේ රටේ ඒකුංට ඒක වේලක් පිරිමහ ගල්ල බෑ ලංගි."
හසීනා අප්පොච්චාගේ පිං සේංඩු මුහුණ දෙස බලාගෙන ඔහුට සාවදානව කන් දුන්නාය. මුස්ලිම් මිනිස්සුන්ට සිංහල-බෞද්ධයින් සලකන ආකාරය ඇයට කලින් වාර්තා වී තිබිණි. ජයසුන්දරයා ලියලා දීපු කොලේ කට පාඩමින් අප්පොච්චා කියාගෙන කියාගෙන ගියේය.
“වැඩිය නෙවෙයි, ලංගි පොඩි ගනුදෙනුවක් ”
“ඇයි බොලා චීන්නුන්ට රටට කෙලින්න ඉඩ දීලා අපි වගේ තම්බි රටකින් හිඟන්න එන්නේ?” කියා අසන්නට සිතුනත් හසීනා එසේ නොකළේ ලංකාවේ දේශපාලකයන් යනු උපන්ගෙයි අමන-මරි මෝඩයන් සහ නීල කාස හොරුන් කියා තේරුම් ගෙන සිටි නිසා විය යුතුයි.
“අපි වගේ මුස්ලිම් රටකින් මේ විදියට ණය ගත්තොත් අයියලාට ඊලඟ චන්දෙන් නාමල් පුතාව ජනාධිපති කරන්න බැරි වෙයි නේද?” ඇය ඇසුවා ය.
"එදා චන්දෙදී අපි ඉතිං ඔහේලගේ ඈයොන්ට හිරි හැර කොරා තමයි, අපි දල්ලවා ඔහේලා ඒවා හිතේ තියාගෙන ඉල්ලෑ කියලා. අපේ රටේ ඉල්ල ලක්ෂ හැත්තෑවක් විතර පට්ට මෝඩ බයියෝ. ඒකුංට ජාතිවාදය ඔලුවට දාලා ඕන කුපාඩි වැඩක් කරගල්ල අපිට පුලුවල්. ඊලඟ ද චන්දේදි අපි කියනවා මුස්ලිම් ජාතිකයෙකුට රාජපක්ෂ පරම්පරාවේ ලේ නෑකමක් තියෙනවා කියල. නයි පෙන්නල චන්ද ගත්ත අපිට ඕවත් මඤ්ඤංද ලංගි." අප්පොච්චා ඇත්තම කීවේය.
"ඕන නං ඉතිං මුස්ලිම් ජාතිකයෙකුට සිවුරක් අන්දලා සිංහල බෞද්ධයින්ට බණ කියන්න රට වටේ යවන්නත් අපිට පුලවල් ලංගි. අපේ වියත්තු සෙට් එකක් දාලා, මුස්ලිම් කියන්නේ සිංහල ජාන තියෙන දුටු ගැමුණු පරපුරේ අපේම ජනකොටසක් කියලා පොඩි මාධ්‍ය සංදර්ශනයක් පටන් ගල්ලත් පුලුවන් ලංගි." අප්පොච්චා කියාගෙන කියාගෙන ගියේය.
“අනේ ලංගි, ඔහේල කියන ඕනම දෙයක් කරල්ල පුලවං, රට හරියේ හාල් ඇටයක් නෑ ලංගි, ගෑණියෙකුට සම්බෝලයක් හදාගල්ල පොල් ගෙඩියක් ලෑ. කොරෝනා පරීක්සා කොරගන්න ඕන බඩු-මුට්ටු ටික ලෑ, ඉස්පිරිතාලෙක ඇඳක් ලෑ, ඩොලර් එක ලහුතෙට ලැගල, මොලවා කරල්ල ද කියලා දල්ලෑ ලංගි. කොහොම හරි මේ වැඩේ කොරලා දෙල්ල සුදු ලංගි වගේ. අපි ලංගිලා දාන පර්දාව ගලවල්ල කියලා නීති දාල්ලෑ ලංගි” අප්පොච්චා ලවක් දෙවක් නැතුව කියාගෙන කියාගෙන ගියේය.
"අපි ලංගිලාගේ කට්ටියට හරක් මරලා මස් විකුලල්ල පෝර්මිට් දෙල්ල කියල කැබිනට් එකට කිව්ව."
"පහුගිය කාලේ චෙව්ව දේවල් ලංගිලා ගලල් ගල්ල එපා..! 2004 ඉඳලා අපි හොඳටම කරපු රටක්, අවුරුදු 2500 ක් පරණ ඉතිහාසයක් තියෙන සිංහ පරම්පරාවට අයිති ජාතියක් ලංගි. අපේ රටේ ඉල්ලෙ තුන් වේලටම බත් කන නියම සිංහල බෞද්ධයෝ. අපි මේ හිඟාකල්ල ආවා කියලා හිතල්ල එපා ලංගි." අප්පොච්චා පම්පෝරියක් දැම්මේ ලංකාවේ මාධ්‍යවේදින්ට සහ බයියන්ට ඇහෙන්නට ය.
“අයියෝ නෑ නෑ එහෙම හිතන්නෑ....” තුහ් විතරක් කියා සීක් හසිනාට සිතුන ද ඇය ඒ බව නොපෙන්නා සිටියේ ඩිප්ලෝමැටික් ගතිය රැක ගන්නටය.
"අනේ ලංගි, ඔන්න ඔහේ, මට කීයක් හරි දීලා දාල්ල." අප්පොච්චා සෙම හොටු පෙරාගෙන අඬන්නට විය.
සීක් හසීනාට ලංකාව ගැන දුක සිතිනි, තමන්ගේ රටේ මිනිස්සු විඳින අන්ත අපා දුක හසිනාට අමතක වුවා නොවේ. බංග්ලාදේශයේ දුප්පත් මිනිස්සු එක් රැකියාවක් ලෙස කරන්නේ භාවිතයෙන් අයින්කරපු නැව් කුඩා යකඩ කැබලි වලට කඩා විකිනීමයි. එය ඉතා දුෂ්කර සහ අවදානම් රැකියාවකි, එයින් රටට ලැබෙන්නේ ද සොච්චම් මුදලකි. එවන් මිනිසුන් හම්බ කළ මුදල් ලංකාව වැනි දිනෙන් දින බංකොලොත් වන රටකට ණයක් ලෙස දීමටත් ඇයට සැක සිතිනි. බංග්ලාදේශය වැනි රටක තිබෙන ආර්ථික අහේනිය ලිං මැඩියන් වැනි ලංකාවේ බයියෝ දන්නෙ නැත.
“අනුන්ට ණය දෙන්න පුලුවන් තත්වයක අපේ ආර්ථිකය දියුණු නෑ මැඩම්” කියා ඇයගේ උපදේශකයෝ ඇයට කීවෝය. එහෙත් ලංකාව වැනි රටක් තමන්ගේ ණය කරුවකු වීම එක් අතකින් බංග්ලාදේශයට ආඩම්බරයට කාරණයක් විය. පකිස්ථානයෙන් ඉවත් වී 1971 වැනි කාලයකදි ස්වාධීන ජනරජයක් වු තමන්ගේ රට ගැන ඇයට සතුටක් දැණින. රටක නායිකාවක ලෙස, අවුරුදු 2500 ක් පැරණි ඉතිහාසයක් ඇති රටක් වැටුන තැන ගැන ඇයට කණගාටුවක් ද ඇති විය. “සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා” කියන කියමන ඇයගේ කණට කර කව්දෝ උපදේශකයෙක් කීවේ ය.
අප්පොච්චා යළි පිංසෙන්ඩු වෙන්න විය. "එදා මගේ මලයාව බලයට ගේන්න අපි අන්ත ජාතිවාදය වැපුරුවා තමයි, අපේ රටේ එවුන්ට වෙන දේවල් කියල පැහැදිලි කොරල්ල බෑ ලංගි..! අපි ඉතිං, ජාතිවාදය නහුතේට අවුස්සලා මලයව ජනාධිපති කොරාට, ඒකාට දැන් රටේ එවුං මඩ ගහනවා, ඌ ෆේල් කියලා, රටේ නායකයා හැටියට ඒකා එල්ල ඕල ගමනක් මේ මං ආවේ ලංගි, අනේ ලෑ බෑ නොකියා මේ වැඩේ කරලා දෙල්ල! පැනික් වෙලවා කියලා මලයට මොනවත් කරගල්ල බෑ ලංගි....!"
“හා හා මං මුදල් ඇමැතිතුමාට කියලා අයියගේ වැඩේ කරලා දෙන්නම් කෝ”, හසීනා එසේ කීවේ අප්පොච්චාගේ අඬෝ වැඩියාව කං කරච්චලයක් වූ නිසා විය හැකිය.
තම රටේ මෙන්ම, අසල්වාසි රටවල සිදුවන දුෂණ සහ දේශපාලන අපහරණ ගැන සීක් හසීනාට ද අවබෝධයක් නොතිබුනා නොවේ. “සර් ෆේල්” කියන කථාව ගැන ශ්‍රී ලංකාවේ සිටින බංග්ලාදේශ තානාපතිවරයා, ඒ රට ජනාධිපති ඇතුලු මැති ඇමැතිවරුන්ව දැනුවත් කර තිබිණි. රාජපක්ෂලාගේ දේශපාලන මගෝඩි වැඩ ගැන ආසියාවම දන්නා අතර රාජපක්ෂලා චීන්නුන්ගේ වහල්ලු බවද ලෝකයම දනිති. එය බංග්ලාදේශයට ද අමුත්තක් නොවේ. “චීනේට රටම උගස් කොරල, එකත් මදි වෙලා මුං අපි ලඟටත් ආව නේද” කියා හසීනා ලඟ සිටි සියලුම දෙනාට සිතිනි.
අප්පොච්චා නාහෙන් අඬා, පිං සෙංඩු වී ඩොලර් මිලියන 200 ක් හිඟා ගත්තේය.
අසල සිටි ඇමතිවරයෙක් 'සර් ෆේල්' කථාව මතක් වී සීක් හසිනාට මෙසේ කීවේය.
“ ඔය රාජපක්ෂලාට ෆේල් නොවී කරන්න පුලුවන් දේවල් දෙකක් තියෙනවා මැඩම්. එකක් තමයි අනිත් රටවලින් ණය ගන්න එක. අනිත් එක තමයි, ඒ ණය මංකොල්ල කන එක” අද වෙන කොට මේ දෙකම ඕකුන් හොඳටම කරලා තියෙනවා."
-ලිව්වේ, රාජපක්ෂලාට චන්දය නොදීම නිසා පාරේ බහින්න පුළුවන් මං,
---------------------------
by (2021-06-03 18:04:42)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි