~

ගෝටාගේ පොලීසිය සැකකරුවන් අමු අමුවේ මරා දමයි; ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෝටාගෙන්ම මරණ පරීක්ෂණ ඉල්ලයි..!

ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2021.මැයි.14, ප.ව.11.45) මේ සතියේ පොලිස් අත්අඩංගුවේ සිටි පාතාලයේ සැකකරුවන් යයි කියන දෙදෙනෙකු එක ලඟ ලඟ දින දෙකක් තුළම ඝාතනය කිරීම නීති විරෝධී ඝාතනවල ලක්ෂණයක් බව ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය (BASL) පවසයි.

සැකකරුවන් දෙදෙනාට අත්වීමට යන ඉරණම පිළිබඳව ඔවුන් අත්අඩංගුවේ සිටිය දීම බලධාරීන්ට දන්වා තිබූ බව ද නීතිඥ සංගමය ප්‍රකාශ කළේය.

පෙර වරුවේ සිදු වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බව පොලිසිය ප්‍රකාශ කළ කල්ලි නායක ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක ඝාතනය කිරීම සහ ඒ ආකාරයෙන්ම මිය ගිය මාබුලගේ දිනෙත් මෙලන් මාබුල හෙවත්ත් ඌරු ජුවාගේ ඝාතනය ද හෙළා දකින බව නීතිඥ සංගමය ඊයේ (13) දින නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

මෙබඳු මිනීමැරුම් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කරන බව සංගමය පැවසීය.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිට හදිසියේම පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයකට තම සේවාදායකයා මාරු කර යවා ඇති බව විජේසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊට පෙර දින (12) දින සංගමයට දන්වා ඇති බවත්, අත්අඩංගුවේ දී ඔහු මරා දැමෙනු ඇති බවට නීතිඥවරයා බිය පළ කළ බවත් නීතිඥ සංගමය කියා සිටී.

12 දා රාත්‍රී 8 - 9 අතර කාලය තුළ නීතීඥ සංගමය විසින් නීතිඥවරයාගේ සැකය පිළිබඳව පොලිස් ප්‍රධානී චන්දන වික්‍රමරත්නට ඊමේල් හා වට්ස්ඇප් මගින් දැනුම් දී තිබුණි. එහෙත් ආයුධ සොයා ගැනීමක දී, විජේසේකර පොලිසියට පහර දීමට තැත් කිරීම නිසා අත්අඩංගුවේ සිටියදී ඔහු ඝාතනය කර ඇති බව මාධ්‍ය විසින් වාර්තා කරන ලද බව නීතිඥ සංගමය පැවසීය.

මේ ආකාරයටම මරා දමන ලද මාබුල හෙවත් ඌරු ජුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඔහුගේ ඝාතනයට පෙර කරුණු ඉදිරිපත් කළ බව සංගමය කියයි.

“පොලිස් භාරයේ සිටින පුද්ගලයින්ගේ චරිත ස්වභාවය සහ එවැන්නන්ට එරෙහි චෝදනාවල බරපතලකම නොසලකා, ඔවුන්ගේ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව සහතික කිරීම රජයේ සහ පොලීසියේ යුතුකමක්,” යැයි නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සහ ලේකම් රජීව් අමරසූරිය විසින් අත්සන් කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ.

මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මාබුල සහ විජේසේකර අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය පවසයි.

මිනීමැරීම ඇතුළු බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට සහ එවැනි ක්‍රියාකාරකම් සඳහා ආධාර සහ අනුබල දුන් ජාලවලට එරෙහිව අධිකරණයක නඩු පවරා ඔවුන්ගේ අපරාධවලට දඬුවම් ලබා දීම අපරාධ යුක්තියේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් බව නීතිඥ සංගමය කියා සිටී.

තමන් සමග පැමිණියේ යයි කියන නිරායුධ සැකකරු මාරාන්තික බලය යොදා නොගනිමින් පාලනය කිරීමට පොලිස් නිලධාරීන් අපොහොසත් වීම නිසා පෙර සඳහන් කළ නීතිමය අවශ්‍යතාවය පරාජය වී ඇත. පොලීසිය යටතේ අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට බොහෝ අවස්ථාවල දී පොලිසියට  නොහැකි වීම තේරුම් ගැනීමට නොහැකිය.

මෙම සිදුවීම් පිළිබඳව බැරෑරුම් ලෙස අවධානය යොමු කරන ලෙසත්, නැවත නැවත සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් නීතීඥ සංගමය ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.  මේ සිදුවීම් පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බව ද ප්‍රකාශ කර ඇත.

-2021 මැයි 13 වන දින Economynext වෙබ් අඩවියේ පළ වූ, ‘Killing of suspects in police custody: Sri Lanka Bar Association calls for investigation’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ මුල් සිංහල පරිවර්තිත කොපිය පහත ඉමේජ වල දැක්වේ.

---------------------------
by     (2021-05-14 19:25:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links