පුරවැසියා ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.මැයි.14, ප.ව.9.45) ලංකාවේ පවතින කොරෝනා ව්‍යසනය මධ්‍යයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ගේ අත්සනින් යුක්තව නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් රජයට හිතවත් කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙත ලබාදීමට සූදානම් වන බව වාර්තාවේ.
ශ්‍රී ලංකාව තුල මේ වන විට මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍රලාභී සමාගම් 24 ක් ක්‍රියාත්මක වේ. එම සමාගම්වල නිෂ්පාදන ධාරිතාව රටේ මත්පැන් පරිභෝජනය කරන්නන්ගේ අවශ්‍යතාවයටත් වඩා අතිරික්තයක් වන අතර එවන් පසුබිමක තවත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව බරපතල සැකයක් මතුව තිබේ.
ලංකාව තුල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සහිත සමාගම් 24 ක් ක්‍රියාත්මක වුවත් රජයට වාර්ෂිකව ලැබෙන සුරාබදු ආදායමෙන් 95% ක්ම ගෙවනු ලබන්නේ ඉන් බලපත්‍රලාභී සමාගම් 5 ක් පමණි. අනෙකුත් බලපත්‍රලාභී සමාගම් 19 යෙන්ම සුරාබදු ආදායම් වශයෙන් රජයට ලැබෙන්නේ මුළු සුරාබදු ආදායමෙන් 5% පමණ සුළු ප්‍රතිශතයකි. මන්ද බොහෝ සමාගම් බදු ආදායම වංචනිකව ගෙවීම පැහැර හැර සිටින නිසාවෙනි.
මින් බොහෝ බලපත්‍රධාරීන් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය භාවිතාකොට මත්පැන් නිෂ්පාදනය කර අධික ලෙස ලාභ ලබන සමාගම් වේ. මෙවන් වටපිටාවක කළ යුත්තේ ලංකාවේ දැනට පවතින මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රලාභී සමාගම් වල නිෂ්පාදන ගුණාත්මක භාවය සහ බදු මුදල් නියාමනය වුවත් එය පසෙකළා තවත් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබාදීම මගින් සිදුවන්යේ මෙම සමාගම් නියාමනය තවත් අපහසු වීමයි.
සුරාබදු දෙපාර්තුමේන්තුවට එම සුරාබදු ආදායම පැහැර හරින හා තත්වයෙන් බාල අමුද්‍රව්‍ය යොදා ජනතාවට විෂ පොවන සමාගම් අතලොස්ස නියාමනය කිරීමට නොහැකිව සිටියදී තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකුට නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදීම මගින් සිදුවන්නේ බදු මුදල් වංචා කරන, තත්වයෙන් බාල අමුද්‍රව්‍ය යොදා මත්පැන් නිපදවන තවත් එක් සමාගමක් ලංකාවේ ආර්ථිකයට එකතු වීම පමණි.
ඒ අනුව උතුම් බුදු තෙමඟුල සිදුවූ වෙසක් මාසයේදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඔහු යටතේ පවතින බුද්ධ ශාසන සහ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධූරයේ වගකීම් අමතක කරමින් නව මත්පැන් බලපත්‍රය ලබාදීම සඳහා සිය අත්සන දැනටමත් යොදා ඇති බව වාර්තාවේ.
අග්‍රාමාත්‍යවරයා මෙසේ සිය අනුමැතිය සහිත අත්සන යොදා ඇත්තේ මෙරට සෞඛ්‍ය අංශ විසින් පවතින කොරෝනා අධි වසංගත තත්වය නිසා ජනතාවගෙන් මත්පැන් භාවිතයෙන් වලකින ලෙස ඉල්ලා ඇති වටපිටාවක වීම ඛේදනීය කරුණකි.
---------------------------
by (2021-05-14 16:31:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි