~

රුහුණු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සිසුන් කොරෝනාවට බිලි දීලා..!

(ලංකා ඊ නිව්ස් -2021.මැයි.06, ප.ව.10.45) රටේ පවතින භයානක වසංගත තත්වය මත සියලුම විශ්ව විද්‍යාල සහ පාසැල් වසා තිබියදී රුහුණු විශ්ව විද්‍යාලය පමණක් සිසු ජිවිත කොරෝනාවට බිලිදීමට උපකුලපති විසින් නේවාසිකාගාර සිසුන් නිවාස අඩස්සියේ තබා ඇති බව සංවේගයෙන් දැනුම්දෙමු. 

මෙම විශ්වවිද්‍යාලයේ උපකුලපති වන සුජීව අමරසේන තමා විශේෂඥ වෛද්‍යවරයෙකු යැයි පුරසාරම් දොඩමින් ආචාර්ය සට්ටැඹියන් කිහිප දෙනෙකු ද සමග සිසුන්ගේ ජිවිත බිල්ලට ගනිමින් ක්‍රියාකිරීම දැඩි ලෙස හෙලා දකිමු. මේ ව්‍යසනයට හේතුව මේ වනවිට අනිකුත් විශ්ව විද්‍යාල තම වාර්ෂික විභාග කටයුතු නිමකර ඇති නමුත් මෙම මෝඩ උප කුලපතියාට සහ ආචාර්ය සට්ටැඹියන් කිහිප දෙනෙකුට  එම විභාග නිමකිරීම සැලසුම් කර ගැනීමට අපහසුවීම ය.  එනිසා කඩිමුඩියේ සිසුන් නේවාසිකාගාරවල හිරකර විභාග පවත්වා අධ්‍යයන වර්ෂය අවසන් කිරීමට කටයුතු කිරීම මගින් තම නොහැකියාව වසා ගැනීමට මෙම කාලකන්නි පිරිස ක්‍රියාකරමින් සිටිති. 

මෙම අවකල් ක්‍රියාවන්ට උඩගෙඩි දෙන ආචාර්ය සට්ටැඹියන් කිහිප දෙනෙකුම තනතුරු අපේක්‍ෂාවෙන් මේවාට සහයෝගය පළකර තිබේ. පළමු වසර සිසුන් සඳහා පවත්වන ඉංග්‍රීසි පාඨමාලාවන්ට විශ්ව විද්‍යාලයට පසුගිය සති අන්තයේ පැමිණෙන ලෙස දැන්වීමට මෙම මෝඩ උපකුලපති වන සුජීව අමරසේන ඇතුළු ආචාර්ය සට්ටැඹියන් කිහිප දෙනෙකු තීරණය කළ අතර පසුව සිසුන්ගේ දැඩි විරෝධය නිසා අකුලාගෙන සිසුන්ගේම යෝජනාව වූ මාර්ග ගත ක්‍රමය මගින් එම පාඨමාලාව සාර්ථකව නිමකර ඇත. 

මේ වනවිට නේවාසිකාගාර වලින් 30 කට අධික සිසුන් කොරෝනා වයිරසය අසාදනය වී රෝහල්ගත කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් තුට්ටුවකට මායිම් නොකරමින් උමතුවෙන් හැසිරෙන මෙම මිනීමරුවන් පිරිස අවම වශයෙන් නේවාසිකාගාර හෝ පොදු වැසිකිලි හෝ කිසිදු විෂබීජ හරණයක් කිරීමට ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත. නමුත් උපකුලපති සුජීව අමරසේන තමා විශේෂඥ වෛද්‍යවරයෙකු යැයි පුරසාරම් දොඩවයි.  

මෙම ක්‍රියාවන් විවේචනය කිරීම හෝ ඒවාට විරුද්ධ වීම හෝ නිවසට යාමට ඉල්ලීම විශ්ව විද්‍යාලයේ පංති තහනමකට හෝ නෙරපීමට ප්‍රමාණවත් වන අතර එනිසාම සිසුන් විසින් තම ජීවිත ආශාවන් අතහැර සියල්ල ඉවසා සිටීම ඉතා ශෝචනීය තත්වයකි. 

රුහුණු විශ්ව විද්‍යාලයේ ආපනශාලා භාරකරු විසින් ලබාදෙන සන්තෝසම් නිසා ඌරන්ට වත් කෑමට නොහැකි ආහාර සිසුන් වෙත නිකුත් කරන අතර එම ආහාර වල පණුවන් සිට සිසුන් විසින් ඒවා පෙන්වූ පසු වෙනත් ආහාර පිඟානක් ලබාදෙන අතර මෙම අපිරිසිදු ආපන ශාලාවෙන් ආහාර ගැනීම සිසුන්ට අනිවාර්ය කර තිබේ. සිසුන්  පිටතින් ආහාර ගෙන්වා ගැනීම ද මෙම වසලයා විසින් තහනම් කර තිබෙන අතර එනිසාම බොහෝ සිසුන් එක වේලක් පමණක් ආහාරයට ගෙන ජීවිකාව සරිකර ගන්නේ උපාධිය ලබාගැනීම අවශ්‍ය නිසාය.

සියලුම සිසුහු සෑම දිනකම මෙම විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සාප කරති. ඇත්ත වශයෙන්ම මෙම  විශ්ව විද්‍යාලය මිහිපිට අපායක් බඳු සිරකඳවුරක් බව නොපැකිලව පවසමු. 

ලිංගික හිංසන වැනි අවර ගනයේ වැඩකටයුතු ගැන දැනගැනීමට ඇති අතර ඒවා ඉදිරියේදී සාක්‍ෂි සහිතව පෙන්වා දෙන්නෙමු. රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් කොරෝනා මාරයා වෙත දක්කන හිට්ලර් පන්නයේ උපකුලපති සුජීව අමරසේන වසලයා සහ ආචාර්ය සට්ටැඹියන් කිහිප දෙනෙකු විසින් කරගෙන යන මෙම සමූහ මාරාන්තික ක්‍රියාවන් නැවත්වීමට මැදිහත්වී අපගේ ජිවිත බේරා දෙන ලෙස රජයෙන් නොව ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආයාචනය කර සිටිමු.

රුහුණු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සිරකරුවන් 

---------------------------
by     (2021-05-06 17:24:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links