~

ලොන් හැලුණු බැල්ලක් දුටුවත් කාම රාගයෙන් මත් වී තොල කට ලෙවකන කොටුවේ හඩ්ඩා..!

ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.මැයි.02, ප.ව.11.30) ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සහ විරහය  පමණක් තෝතැන්න කරගත් අපේ ගීතයට යුක්ති ධර්මය නීතිය සහ මානව දයාව එකතු කළ ප්‍රථම ගායිකාව නන්දා මාලිනී ගෝකුල බව පැවසීම අසත්‍යයක් නොවේ. ඇය සිය ගී හඬ අවදි කළ වෙනත් ඉසව් ද බොහෝ ය. නන්දා මාලිනී යනු අපේ සංගීත වංශ කථාවේ තවත් එක් ගායිකාවක් නොව ස්වර්ණමය යුගයකි. විච්චූර්ණ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සමහර විට අඩ නිරුවතින් පවා වේදිකා මතට නැඟී දඟලමින් ඇඹරෙමින් නලියමින් බෙරිහන් දෙන ගායක ගායයිකාවන් යැයි කියා ගන්නා පුස්සන් අතරේ දශක හයකට ආසන්න කාලයක් තිස්සේ එතුමිය සංගීතය වෙනුවෙන් කළ මෙහෙවර වචනවලින් විස්තර කිරීම ද ඉතා දුෂ්කරය. ගීතවත් හඬක් මෙන්ම ප්‍රබල ආත්ම ශක්තියක් ද ඇය සතුය. නන්දා මාලිනිය කලාව කුමක් කවරෙක් සඳහාදැයි නිවැරදිව වටහාගෙන සිටින ගායිකාවකි.

කොටුවේ පොඩි හාමුදුරුවෝ නමින් පෙනීසිටින භික්ෂු ප්‍රතිරූපකයා 'පිස්සියක්' ලෙස හැඳින්වූයේ දැයේ පිනට පහළ වී සිටින මෙම අසහාය ගායිකාවයි. මේ අමනයා පවසන්නේ නන්දා මාලිනී තිස් වසරක යුද්ධය පරාජය කළ රණ විරුවන් ගැන උදාන ගීත ගායනා නොකළ බවයි. මන්න පිහිවලින් කුඩා දරුවන්ගේ බෙලි කැපූ, ක්‍රිෂාන්ති කුමාරස්වාමී වැනි පාසල් දැරියන් දූෂණය කොට මරා දැමූ කාකි ඇඳුම් කාරයන් ගැන ඇය ප්‍රශස්ති ගී නොගැයූ බව සත්‍යයකි. එ‍හෙත් ඇය සැබෑ රණ විරුවන් ගැන කථා නොකළාද?

උඩඟු ලියන් ගොතා බඳින - නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත - මේ දෙරණේ
රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් - රණ විරුවෙකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිල්ලෙන් - තැලී පෙලී පොඩි වී මියදෙන්නම්
එමඟට මා විසිකරන්න

නන්දා මාලිනී මේ ගීතය ගයනා කළේ කොටුවේ වැද්දා උගේ අම්මගේ ඩිම්බ කෝෂයේවත්, අප්පගේ අණ්ඩ කෝෂයේවත් නොසිටි කාලයක ය.

බණ කියනවා යැයි කියමින් ගැහැණුන්ගේ බුරිය සහ ඊට පහලින් ඇති අවයව ගැනත් රෑ දොළහට තමන්ට දුරකථනයෙන් කථා කරන හැට පිරුන නාකි අම්ඩිලා ගැනත් කිසිම හිරිකිතයක් නැතුව ප්‍රසිද්ධියේ කට මැත දොඩවන මොහු හද්දා කුපාඩියෙකු මිස සිවුරක් දැරීමට සුදුස්සෙකු නොවේ.

රුපියල් විසි පන් දහසක් නැතුව මම බණක් කියන්නේ නැතයි මේ හාදයා නිතර කියයි. එමෙන්ම මුගෙන් කුණු හරුප අසන්නට මුදල් වියදම් කරන ගොන් කණු ද මේ රටේ එමටවත් සිටිති. නන්දා මාලිනිය මේ බව  හොඳින්ම දැන සිටියා ය. ඇය සිය අවබෝධය බොහෝ කලකට පෙර දී අප හමුයේ ගීතවත් කළේ මෙසේය.

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
දෑ ගොත් කුල නොදුටු උන් බණ පිළි පදිනු
වැදි බණ මැඳින් මුනි බණ තෝරා අසනු
වැදි බණ ‍දෙසන සඟ ඝන වුව පිටු දකිනු.

කොටුවේ හඩ්ඩාගේ බණ ගැන කියන්නට තවත් කරුණු කාරණා අවශ්‍ය වෙතයි නොසිතමි.

කොටුවේ හඩ්ඩා මැදමූලන වසුරු භුන්ජක නිකායේ වහල් සිවුරු කාරයෙකි. 'ධම්ම දානං සබ්බ දානං ජිනාති' යනුවෙන් බණ පොතේ සඳහන් වුවත් මොහු දන්නා බණක් නැත. රාජපක්ෂලාගේ වසුරු තලි දිවෙන් ලොවමින් රසයි රසයි කියන මොහුට නන්දා මාලනිය 'පිස්සියක්' ලෙස පෙනුනේ පාස්කු ප්‍රහාරයට දෙවසරක් පිරීමේ සැමරුමේදී ඇය ගැයූ 

“කොහිද යුක්තිය, කොහිද ධර්මය, කොහිද නීතිය, විමසනූ!!! 

ගීතය නිසාය. මෙය රාජපක්ෂලාට එල්ල කළ ප්‍රහාරයක් ලෙස ඔහු දුටුවේය. මහා ඛේදවාචකය සම්බන්ධයෙන් ජනතාවගේ හදවතේ බුර බුරා නඟින දුක් ගිනි ජාලා ඔහු නොදුටුවේය. රාජපක්ෂලාට චෝදනාවක් එල්ල වේ නම් එය කොටුවේ හඩ්ඩා ඇතුලු ඔහුගේ නඩයට මහා විස්සෝපයකි. එසේ වීමට ද කිසියම් ‍හේතුවක් තිබිය යුතුය. 

කිං කිං කියන විට මො‍කෙක්දෝ එකෙකුට මළ පනින බවක් අපි අසා ඇත්තෙමු. 

නාන්දා මාලිනී ගෝකුල  අයුක්තියට අධර්මයට අශිෂ්ඨත්වයට අසාධාරණයට අවනීතියට එරෙහිව හැමදාමත් සිය ගී හඬ අවදිකළ අභීත ගායිකාවකි. මහාචාර්ය සුනිල් ආරිය රත්නයන් ගී පැබඳුමෙන් ඇයට තව තවත් ශක්තිය ලබා දුන්නේය. 88/89 ආර් ප්‍රේමදාස භීෂණ සමයේ ඇය පවන ප්‍රසංගය සමඟ රට පුරා ගමන් කළේ ජීවිතය පරදුවට තබමින් ය.

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟි තලා දෙතිස්වදය පමුණුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්.

දුෂ්ඨ පාලකයන්ගෙන් මෙසේ විමසීමට තරම් පිට කොන්දක් ඇති ගැහැණියක් තබා පිරිමියෙක්වත් තවමත් මේ රටේ බිහි වී ඇද්ද? මගේ අවබෝධයේ හැටියට රටේ තබා ලොවෙත් නැති තරම් ය.

තට්ට හිසක් සහ කහ රෙදි කඩක් දරමින් සමස්ථ සංඝ සමාජයටම නිගා ‍දෙන ලොන් හැලුණු බැල්ලක් දුටුවත් කාම රාගයෙන් මත් වී තොල කට ලෙවකන බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයටම අවමන් කරමින් තෝරාගත් දෙස්පල්ලන් පිරිසකට සිවුරෙන් පාවඩ එළන කොටුවේ හඩ්ඩා වැනි  මුඬු මහණුන් රටටම ශාපයකි. 

ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙක් විසිනි

---------------------------
by     (2021-05-06 18:21:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links