-විශේෂ ලියුම්කරුවක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.අප්‍රේල්.11, ප.ව.9.00) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පුර්ණ අනුමැතිය ලැබී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ලැයිස්තුගත කිරීම කරන තෙක් රටේ ජනතාවට චීනයේ සයිනොෆාම් එන්නත ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ජාතික ගුවන් විදුලියට පවසයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ අතරමං වූ වෘත්තිය සමිතිවල පුද්ගලයින් පවසන දේ පිළිබඳව ජනතාව වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතු බව ය. රටේ ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කරමින් රජය ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ දරන මුත් මේ වනවිටත් නව ලක්ෂ විසි පන් දහසක පමණ පිරිසක් එන්නත කොට අවසන් බව ද ඔහු කියයි.
මේ වනවිට චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක ප්‍රමාණයක් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබේ. මෙම සියලුම එන්නත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පුර්ණ අනුමැතිය සහිතව මෙරටට ගෙන්වූ එන්නත් බවද චන්න ජයසුමන කියයි.
කොවිඩ් 19 වසංගතයත් සමඟ චන්න ජයසුමන නාමය ගසට පොත්ත මෙන් බැඳී පවතී. 19 වසංගතයත් සමඟ ඔහු සමාජ කරලියට පැමිණෙනුයේ "විනෝද සමයක්" ද සමඟිනි. ඒ සුදර්ශන වූර්ණය නම් වන පැරණි ආයුර්වේද ඖෂධ වට්ටෝරුව ඇසුරින් ප්‍රතිනිෂ්පාදිත 'සුදර්ශන පැණිය' නම් ඒ වන විට අත්හදා බලමින් තිබූ පැණියක [Suspension] සාම්පලයක් ද අතැතිවය. ආයුර්වේදයට අනුව ජ්වර නමින් හැඳින්වෙන උණ ඇතුළු රෝග කිහිපයකට ගුණ දෙන බව පැවසෙන සුදර්ශන වූර්ණය පැණියක් ලෙස නිෂ්පාදනය වනු ලදුව ඒ වන විට එහි සාර්ථකත්වය පිළිබඳ පරීක්ෂණ කරමින් තිබූ මුත් එම ඖෂධය සහ කොවිඩ් 19 අතරේ වූයේ සීනි සහ ලුණු අතර ඇති අන්දමේ සම්බන්ධයකි.
ඒ අල්ල පනල්ලේ ඒ සුදර්ශන පැණියේ සාම්පලයක් ද රැගෙන මාධ්‍ය හමුවකට පැමිණි මොහු එම සාම්පලය දක්වමින් එය කොවිඩ් 19 සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බවත් නුදුරේ දීම එය රජයේ රෝහල් වලින් බෙදා දීමට කටයුතු කරන බවත් කියා සිටියේ ඒ තුළින් තමන් "පොරක්" වනු ඇතැයි යන ගොබ්බ හැඟීමෙනි. එහෙත්, එය මෙරට බටහිර, ආයුර්වේද සහ දේශීය වෛද්‍ය වරුන් අන්දමන්ද කළ ප්‍රකාශයක් වූ අතර මෙරට රජරට පුරා පැතිර ගිය හඳුනා නොගත් වකුගඩු රෝගයේ මූලය නාථ දෙවියන් විසින් සොයා ගෙන ඇතැයි පැවසීම මත මොහු භින්නෝන්මාදය [Schizophrenia] සයිකෝසීය මානසික රෝගයෙන් පෙළෙන්නකු විය හැකි බවට ද ඊට පෙර සිටම වෛද්‍ය ක්ෂේත්‍රයේ සමහරු අනුමාන කළහ.
ජාතික චින්තනය යන පොදු අරුතක් සහිත වදන "සන්නාමයක්" කර ගනිමින් විද්‍යාව, පෙරදිග දර්ශනය හා දේශීයත්වය සම්බන්ධ වදන් උඩු යටිකුරු වන සේ මූට්ටු කොට අමුතුම අපභ්‍රංස දර්ශනයක් කියා දෙමින් සිටියදී විශේෂඥ වෛද්‍ය වරුන් තිදෙනකුගේ ශාස්ත්‍රීය ප්‍රහාරයකට ලක් ව මර ඇඳට වැටී සිටින භින්නෝන්මාද දාර්ශනික නලින් ද සිල්වා ගේ සුවච කීකරු ගෝලයකු ද වන චන්න ජයසුමන අප්පු කුට්ටි කංකානමලාගේ ධනපාල නම් ඔල්මාද කාරයෙකු කොවිඩ් 19 සඳහා ගුණ දෙන ඖෂධයක් බව කියමින් තැනූ මොකක්දෝ දහ ජරාවක ද ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින්නට පටන්ගත්තේ ද මීට මාස කිහිපයකට කලිනි.
ඒ අනුව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකු ලෙස කටයුතු කරමින් සිටි ඔහු පිළිගත් ආචාර්ය උපාධියක් තබා නිසි ලෙස සම්පූර්ණ කරගත් එම්.බී.බී එස් වෛද්‍ය උපාධියක් වත් නැති මෝඩ ගොබිලෙකු හෙවත් ශාස්ත්‍රීය මන්ද පෝෂිතයකු බව මෙරට බුද්ධිමත් සමාජය දැන් උස්මුරුත්තාවටම වටහා ගෙන හමාරය.
මේ සියළු තත්වයන් යටතේ ඔහු දැන් චීනයේ නිපද වූ සයිනොෆාම් එන්නත ගැනත් අතරමං වු වෘත්තිය සමිති සාමාජිකයන් ගැනත් කියන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව එය චීනයේ නිපදවුව ද එය රාවණාගේ නැන්දම්මාගේ දිනපොතේ තිබූ වට්ටෝරුවක් චීනුන් විසින් සොරකම් කොට තැනූවක් බව මතු දිනයක චන්න ජයසුමන කීව ද අප පුදුම විය යුතු නැත.
මේ අතර ජනපති නන්දේට අද වන විට හොම්බෙන් යන්නට සෑහෙන දුරට වැඩ කටයුතු සැළසූ ගොබ්බ වියත් මඟේ චන්නගේ ජාතියේම මොඩලයක් වන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ද මෙවැනිම සුපිරි කතාවක් කියා තිබේ. එනම් මේ දිනවල පොල් තෙල් වලට වස මුසු වීම මත ජනතාවට සිදුවන බරපතල අනර්ථය පිටු දැකීමට පොල් තෙල් සිඳීම පිණිස ගම් මට්ටමින් සෙක්කු ඉදි කළ යුතු බවකි.
අප දන්නා තරමින් අප රටේ ආහාර සඳහා පොල් තෙල් භාවිතා කරන ලද්දේ මහනුවර රාජධානි සමයේය. එම යුගයේ සිට සෙක්කු මඟින් පොල් තෙල් සිඳින ලද්දේ පොල් වගාව බහුලව සිදු කෙරෙන ප්‍රදේශ වල පමණි. ඒ එම පොල් අස්වනු අතිරික්කය ප්‍රයෝජනයට ගත හැකි ද්විතීය ක්‍රමයක් ලෙසිනි. ඒ හරුණු කොට අප රටේ උතුරු, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව, ඌව ආදී පළාත් වල සෙක්කුව භාවිතා වූයේ නම් ඒ ඉතා අඩුවෙනි. එමෙන්ම සෙක්කු මඟින් තෙල් සිඳීම පිණිස ගස් වලින් වැටෙන වියළි පොල් තෝරා ඒවා අව්වේ වියළීමෙන් කොප්පරා බවට පත් කර ගත යුතුය. එක් සෙක්කුවකින් එක් දවසක් තුළ සිඳ හත හැකි වූයේ ද පොල් තෙල් ගැලුම් කිහිපයකි. ඒ අනුව වියළි පොල් තෝරා කොප්පරා බවට පත් කොට ඒවා සෙක්කුවක් වෙත රැගෙන ගොස් ලබා ගන්නා තෙල් ප්‍රමාණය නූතන ගමක පාරිභෝගික අවශ්‍යතා සංතෘප්ත කිරීමට නම් අඩුම තරමින් එක් ගමකට සෙක්කු දහයක් දොලහක් වත් තිබිය යුතුය. ඊට අමතර ඒ සෙක්කු වල බැඳීමට ප්‍රමාණවත් හරකුන් ද සොයා ගත යුතුය. එහෙත්, වෙන මොනවා වුණත් එම හරකුන්ගේ ප්‍රශ්නය නම් එතරම් ම බරපතල නොවනු ඇතැයි අපට නොසිතේ. ඒ මෙම ලිපියෙන් පැවසෙන දෙදෙනා ද සහිතව එවැන්නවුන් තවත් සැලකිය යුතු ප්‍රමාණයක් සොයා ගත හැකි බැවිනි.
---------------------------
by (2021-04-11 16:06:38)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි