(ලංකා ඊ නිව්ස් -2021.මාර්තු.10, ප.ව.11.40) වර්තමානයේ රාජපක්ෂ ආණ්ඩුවම මැදිහත් වී සිදුකරමින් තිබෙන දැවැන්ත පරිසර විනාශය පිළිබඳව ලොවට කීම සඳහා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ද සහභාගී වන විශේෂ සාකච්ඡා සභාවක් හෙට (11) සවස 3 ට කොළඹ 05 පයිප් පාරේ පිහිටි ජානකී හෝටලයේ දී පැවැත්වේ.
සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය කරු ජයසූරියගේ ප්‍රධනත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සභාවට ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, ආචාර්ය මොහාන් මුණසිංහ, ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ, ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන, පරිසර මාධ්‍යවේදී නයනක රන්වැල්ල, පරිසරවේදී තිලක් කාරියවසම්, පරිසරවේදී සම්මානනීය ගීත රචක සුනිල් සරත් පෙරේරා ඇතුළු විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිත ය. මෙම සාකච්ඡා සභාව දෙස් විදෙස් මාධ්‍යවේදීන් සඳහා විවෘතව පවතී.
---------------------------
by (2021-03-10 22:40:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි