~

යුක්තිය ජයගන්න..! රොද බඳින්න..! Black Sunday 'කළු ඉරිදා' විරෝධයට ආගම් භේදයෙන් තොරව පෙරට..!

(ලංකා ඊ නිව්ස් -2021.‍මාර්තු.02, පෙ.ව.7.00) පුපුරුවා ගත් පාස්කු බෝම්බ බැඳ තිබුනේ සහරාන්ලාගේ ඇඟේ වුවද ඒවා පිටුපස සිට පුපුරුවා ලූ රිමෝට් කන්ට්‍රෝල තිබුනේ රාජපක්ෂලා අතේ ය. ඒ බව තහවුරු වන්නේ සහරාන්ලා බුද්ධි අංශයට බඳවා ගත්තේ, රහස්‍ය ගිණුමකින් මුදල් ගෙව්වේ, ආයුධ දුන්නේ, සහරාන් කලකිරී බුද්ධි අංශයෙන් ඉවත්ව සිටියදී යලි ඔහු හමුවී අන්තවාදී තව්හිද් ජමාත් සංවිධානය හදන්නැයි කීවේ,  අන්තවාදී සංවිධානය හැදූ පසු කාර්යාල පහසුකම් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ ය. 

ඔවුන් බලයෙන් පහ වූ පසු එකී කුමන්ත්‍රණයට දායකත්වය සහ ආරක්ෂාව දුන්නේ පසුව ආ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. අගමැතිට, නි.ආරක්ෂක ඇමැතිට, පොලිස්පතිට ජාතික ආරක්ෂක මණ්ඩලයේ දොර වසා දයාසිරිලා තිලංගලා වැනි රාජපක්ෂ සට්ටැඹියන්ට දොර ඇරියේ, සහරාන් අත් අඩංගුවට ගැනීමට සිටි ටීඅයිඩී ලොක්කා තමාගේ ගෝලයෙක් ලවා ව්‍යාජ චෝදනා නගා හිරේ දැම්මේ, සහරාන්ලා බෝම්බ පුපුරුවා ගන්නා බවට ඉන්දියාව 8 වතාවක් දුන් අනතුරු ඇඟවීම බල්ලාගේ ගුදයේ දැම්මේ, බෝම්බ පුපුරුවා ගන්නා දා සිංගප්පූරුවට වී සිටියේ, බෝම්බ පිපිරීමෙන් පසු අගමැති හදිසි ආරක්ෂක මණ්ඩලයක් රැස්කරද්දී ඊට යන්න එපා යයි හමුදාපතිවරුන්ට කිව්වේ  මෛත්‍රීපාල සිරිසේන ය. ප්‍රහාරය සඳහා කරන ලද පහසුකම් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් ලබා ගත්තේ මෛත්‍රීපාල සිරිසේනය. 

මේ සියල්ල දැනටමත් හෙළි වී තිබියදී ඒ ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමයම ඒවා ගැන කිසිවක් කතා නොකර වෙනත් බහුබූත නිර්දේශ ඉදිරිපත් කරමින් වාර්තාවක් නිකුත් කළේය. සිරිසේනට පවා චෝදනා කර ඇත්තේ වගකීම පැහැර හැරීමක් ගැනය. නමුත් ඔහුට චෝදනා නැගිය යුත්තේ අපරාධය සඳහා කුමන්ත්‍රණය කිරීම සහ අනුබලය දීමට ය. පාස්කු බෝම්බය පසුපස සිටි කුමන්ත්‍රණ කරුවන් සොයනවා වෙනුවට එම කොමිසමයම ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම වැනි අදාල නැති විකාර රාශියක් ගැන නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ අන් කිසිවකට නොව මෙම නීච බිහිසුනු ප්‍රහාරය සිදුකර ජාති ආගම්වාදය මගින් බලයට ආ රාජපක්ෂලා සහ සිරිසේනලා බේරා ගැනීමට ය.

මේ සත්‍යය දැන් රටේ ජනතාවට තේරුම් යමින් තිබේ. එනිසාම පාස්කු බෝම්බ ප්‍රහාරයට සැබෑ ලෙස වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන එන ලෙස බල කරමින් ලබන මාර්තු 7 වැනි ඉරුදින දිවයින පුරා "කළු ඉරිදා" නමින් විරෝධතා මාලාවක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. කිතුණු පල්ලි, හින්දු දේවාල, මුස්ලිම් පල්ලි, බෞද්ධ පන්සල් ඉදිරිපස මෙම "කළු ඉරිදා" විරෝධතාවය සිදුකිරීමට නියමිත ය. මෙය ලංකාවේ ප්‍රථම වතාවට සියළු ආගම් එකතු වී සිදුකරන විරෝධතාවය ලෙස ඉතිහාසගත වනු ඇත. 

පාස්කු බෝම්බ ප්‍රහාරයට වසර 2 ක් සපිරෙන ලබන අප්‍රේල් 21 දක්වා මෙම විරෝධතා මාලාව දියත් කිරීමට නියමිත ය. 

එන්න මාර්තු 7 'කළු ඉරිදාවට' එකතු වන්න..! යුක්තිය ජයගන්න..! රොද බඳින්න..!  

---------------------------
by     (2021-03-02 01:48:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links