~

අගමැති මහින්දගේ සෞඛ්‍ය නරකින් ඉතා නරකට..! සතියකට වරක් ලේ මාරු කරන්න වෙලා..!

(ලංකා ඊ නිව්ස් -2021.‍ජන.01, ප.ව.9.15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය නරකින් ඉතා නරකට පත් කරමින් ඔහුට සතියකට වරක් ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍රයකින් ලේ පිරිසිදු කිරීමට සිදුව තිබේ. 

ඊට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ වකුගඩු යුගලයම අක්‍රීය වීම හේතුවෙනි.  සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එක් වකුගඩුවක සියයට පනහක ක්‍රියාකාරිත්වයක් තිබුනද සෑහෙන්නේ ය. නමුත් මහින්ද රාජපක්ෂගේ වකුගඩු වල තත්ත්වය ඉතා නරක අන්දමට ඇද වැටී තිබේ. මහින්ද කලෙක සිට වකුගඩු දුර්වලතාවයකින් පෙළින.

මහින්ද රාජපක්ෂගේ ලේ පිරිසිදු කිරීමේ කටයුත්ත සිදුකරනුයේ නාවික හමුදාවේ වෛද්‍ය කණ්ඩායමක් විසිනි. 

වෛද්‍ය වරුන් පවසන්නේ මහින්ද රාජපක්ෂ මේ රෝගී තත්ත්වයට ඇද වැටීමට හේතු වී ඇත්තේ ඔහු සම සුදු කර ගැනීම සඳහා ලබා ගත් ඖෂධයේ නරක පසු ප්‍රතිඵලයක් ලෙස බවයි. 

ලංකාවේ බොහෝ දෙනා ඉහත කී සම සුදු කර ගැනීමේ ඉන්ජෙක්ෂන් විද ගැනීම දැන් මෝස්තරයක් බවට පත්ව තිබේ.  

---------------------------
by     (2021-01-01 16:03:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links