~

කාලි පැණියේ ගංජා..! ජ.පුර වාර්තාවෙන් හෙළිවේ..!

සතී පනාවැන්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.‍දෙසැ.31, ප.ව.11.00)  මේ වන විට සමාජයේ ජෝක් එක බවට දේශීය වෙදකම පත්කරන්න "ධම්මිකගේ කාලි පැනිය" සමත් වෙලා. අවිද්‍යාවෙන් මේ ජෝක් එකක් වෙන්නේ ඔහුම පමනක් නෙවෙයි. දේශීය දැනුම, හර පද්ධති වගේ සියල්ලම. කොහොම උනත් රටේ කථානායක, පාර්ලිමේතුව, පොලීසිය, හමුදා වගේ සියල්ලම පමනක් නෙවෙයි, දළදාව, සහ මහානායක හිමිවරුන් වැනි සියල්ලමත් තමන්ට ඕන විදියට නටවන්න පුළුවන් බව මාධ්‍ය හිමිකරුවන් තහවුරු කල තවත් එක් අවස්ථාවක් මේක.

පසුගියදා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කුට්ටිඅප්පුලාගේ ධනපාල එහෙම නැත්නම් ධම්මික බණ්ඩාර නම් මෙම පැනි හිමිකරු පෙන්වුයේ ජයවර්ධනපුර සරසවිය පවා සිය පැනිය ගැන පර්යේෂණයක් කර වාර්තාවක් ලබා දී ඇති බවයි. නමුත් කොල ටිකක් අතේ තියන් පෙන්වූවාට ඒවායේ අඩංගුව කුමක්ද යන්න ඔහු සඳහන් කළේ නැත. තවත් එක ආණ්ඩුවට හිමි වෙබ් අඩවියක් එය සටහන් කර තිබුණේ "ගල් මුල් මැද ධම්මික පැණිය තවත් ඉදිරියට.. ජ’පුර සරසවියෙනුත් පර්යේෂණ වාර්තාවක්.. ඇසුරුම්කර බෙදා හැරීම සූදානම් කෙරේ.." යනුවෙනි.

නමුත් මේ කියන පර්යේෂණ වාර්තාව කුමක්ද? එමගින් "ධම්මිකගේ කාලි පැනිය" කොරෝනා වෛරසයට යම් ප්‍රතිරෝධයක් තිබෙන බව පැහැදිලි කරනවාද? ඇත්තටම පාලකයන් වහලා ගහන්නෙත් ඒක. එක අතකින් විද්වතුන් රැසක් බිහි කළ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සිය වාර්තාව ගණිකා සේවයේ යෙදවීම ගැන පැහැදිලි කිරීමක් කළ යුතුය. ඇත්තටම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සතු විශ්ලේශන විද්‍යාගාර භාවිතයෙන් ඔවුන් කරලා තියෙන්නේ මේ පැණියේ තියෙන සංයෝග මොනවාද යන්න විශ්ලේශනය කිරීම පමණයි. එමගින් අනාවරණය වී ඇත්තේ කාලි පැනියේ ගංජා වල අඩංගු "කැනබිනොයිඩ්ස්" නම් සංයෝග අඩංගු වන බවයි. ඒ අනුව සැම දෙනාම මෙතෙක් කාලි පැණිය කියලා බීලා තියෙන්නේ ගංජා අඩංගු මිශ්‍රණයක් බවට තහවුරු වී ඇත.

සතී පනාවැන්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/69

---------------------------
by     (2020-12-31 17:40:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links