~

ඉතිහාසයේ ප්‍රථම වරට රට 'බංකොලොත්'..! විදෙස් බැංකු අපේ ව්‍යාපාරිකයන්ගේ ණයවර ලිපි (LC) ප්‍රතික්ෂේප කරති..!

චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.‍දෙසැ.20, පෙ.ව.1.15) රටට සෞභාග්‍ය ගෙන එනවා කියා බලයට ආ 'වැඩ කරන විරුවා' ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් වසරකට පසු ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව නිල වශයෙන්ම "බංකොළොත් රටක්" බවට පත් කර තිබෙන බව සාතිශය දේශ-සංවේගයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ.

එක ව්‍යාපාරිකයෙකුගේ අත්දැකීම.. 

මෙය සිදුව ඇත්තේ ව්‍යාපාරිකයන් ආනයනයේ දී ශ්‍රී ලංකාවේ බැංකු වලින් ලබා ගන්නා ලද ණයවර පත් හෙවත් එල්.සී. (Letter of Credit) විදේශීය බැංකු වලින් පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබීමෙනි. ලංකා ඊ නිව්ස් වෙත සිය අත්දැකීම හෙළි කළ ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් කියා සිටියේ පසුගිය සතියේ තමන් ඉදිරිපත් කළ එල්.සී. 3 ක් නවසීලන්තයේ, එංගලන්තයේ සහ ස්විට්සර්ලන්තයේ ප්‍රධාන තලයේ බැංකු 3 ක් විසින් පිළිනොගෙන ප්‍රතික්ෂේප කළ බවයි. ඔහු ඉදිරිපත් කර තිබුනේ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද එල්.සී. 3 කි. ඔහුගේ ව්‍යාපාරික ජීවිතය තුල මෙවැන්නක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය විය. ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස එම ජාත්‍යන්තර බැංකු කියා ඇත්තේ ලංකාව ණය ගෙවා ගත නොහැකි රටක් ලෙස පසුගිය 11 වන සිකුරාදා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් පහතට ඇද දමා තිබීම ය. ඒ අනුව ලංකාවේ දේශීය බැංකු වලින් ඉදිරිපත් කරන ණයවර ලිපි හෙවත් එල්.සී. විශ්වාස කිරීමට නොහැකි බැවින් කෙලින්ම අත්පිට මුදල් ගෙවීම හෝ ඉදිරිපත් කළ එල්.සී. සඳහා වෙනත් විදේශ බැංකුවකින් ගැරන්ටි සහතිකයක් ඉදිරිපත් කළ යුතු යැයි දන්වා ඇත.

ඉහත කී ව්‍යාපාරිකයා ප්‍රකාශ කර සිටියේ වෙනත් විදේශ බැංකුවකින් ගැරන්ටි සහතිකයක් ලබා ගැනීමේ දී ඔවුන් ද එකී එල්.සී වල වටිනාකමට මුදල් තැන්පත් කරන ලෙස දන්වා ඇති බවයි. එනම් සිදුවන්නේ අත්පිට මුදල් ගෙවා මිලදී ගැනීමට සමාන එකම ක්‍රියාවලිය ය.

ඥානක්කාගේ අනාවැකියක් ද?

මේ සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයා මුදල් ඇමැති අගමැති මහින්ද රාජපක්ෂ දැනුවත් කර ඇති අතර අගමැතිවරයාගේ පිළිතුර වී ඇත්තේ දැනට ලංකාවේ තිබෙන විදේශ බැංකුවකින් ණයවර ලිපි හෙවත් එල්.සී. ලබා ගන්නා ලෙසයි. ඉන්පසු ඔහු ජනාධිපති ගෝඨාභය‌ගේ ජනාධිපති කාර්යාලයෙන් මේ පිළිබඳ විමසා ඇත. ඔවුන් දී ඇති විසඳුම නම් ජනවාරි 16 වෙනිදා වන තුරු ඉවසන්න කියා ය. ජනවාරි 16 සිදුවන්නේ කුමක්දැයි ව්‍යාපාරිකයා විමසූ කල ඊට කිසිදු පිළිතුරක් දී නැත. අප සමග අදහස් දැක්වූ ව්‍යාපාරිකයා කියා සිටියේ ජනවාරි 16 දා හතර මහ නිධානය පහළ වනු ඇතැයි අනුරාධපුරේ ඥානක්කා ජනාධිපතිට අනාවැකියක් කියා තිබේ දැයි තමන් නොදන්නා බවයි.

අවදානමක් සහිත රටක් සමග ගනුදෙනු කිරීමට ඇති බිය..

11 වැනි සිකුරාදා ෆිච් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගනුදෙණුවේ දී B- සිට CCC දක්වා පහතට ඇද දමා තිබිණ. ඊට ප්‍රථම මූඩි ශ්‍රේණිගත කිරීම් වලදී B3 සිට Caa1 දක්වා පහතට ශ්‍රී ලංකාව ඇද දමා තිබිණ. මෙම හැඳින්වීම් දෙකම ඒ ඒ ශ්‍රේණිගත කිරීම් වල සමාන මට්ටම් වෙති. එනම් ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේ දී 'සැලකිය යුතු අවදානමක්' හෙවත් substantial risk සහිත රටක් ලෙස නම් කිරීමයි. එවැනි අවදානමක් සහිත රටක් සමග ගනුදෙනු කිරීමට බිය ජාත්‍යන්තර බැංකු ඉහත කී ලෙස ලංකාවේ බැංකු නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. 

ප්‍රායෝගික තත්ත්වය එවැනි අනතුරු දායක තත්ත්වයක තිබිය දී අපොස සා.පෙළටවත් ආර්ථික විද්‍යාව ඉ‌ගෙන ගෙන නැති නමුත් 'මහා ආර්ථික වැඩ්ඩා' ලෙස පෙනී සිටින බැසිල් රාජපක්ෂ කියා තිබුනේ ආණ්ඩුවට ණය ගෙවීමට බැරි කමක් නැති බවයි. නමුත් රටක් බංකොලොත් යයි කියන්නේ ඒ රටට ණයක් දීමට කිසිවෙක් විශ්වාස නොකිරීම මිස අන් කිසිවක් නොවේ. එල්.සී. ප්‍රතික්ෂේප කිරීමෙන් තහවුරු වන්නේ එයයි. 

පහල දැමීමට බොරු අය වැයත් හේතුවක්..

මෙලෙස ලංකාවේ ව්‍යාපාරිකයන්ට අත් පිට මුදලට භාණ්ඩ ආනයනය කිරීමට සිදුවන්නේ නම් ප්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ මිල දී ගැනීම් සීමා වී රට තුල දරුණු භාණ්ඩ හිඟයක් ඇති වීමයි. එය අත්‍යාවශ්‍ය භාණ්ඩයේ සිට සුඛෝපභොගී භාණ්ඩ දක්වාම පැතිරෙනු නියත ය.

ෆිච් ආයතනයේ ශ්‍රේණිගත කිරීම් වල දී ශ්‍රී ලංකාව පහතට ඇද දැමීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පසුගියදා රාජපක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කරන ලද අය වැය වාර්තාවේ දී ඉලක්කම් සෙල්ලම් දමා ව්‍යාජ සෞභාග්‍යයක් මවා පෙන්වීම ෆිච් ආයතනය පිළිනොගැනීම යයි හිටපු නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති වරයෙක් ද, ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් ද වන ඩබ්.ඒ. විජේවර්ධන දෙසැම්බර් 14 දා ඩේලි එෆ්ටී පුවත්පතට සවිස්තරාත්මක වාර්තාවක් සපයමින් හෙළිකර තිබිණ. (කියවන්න Child’s guide to credit rating downgrade: A warning not to be ignored)

ඉතිහාසයේ විශාලතම කඩා වැටීම ඍණ -16.3% යි..

මේ අතර ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඉදිරිපත් කළ දත්ත අනුව 2020 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී මෙරට ආර්ථික වර්ධන වේගය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම පහත වැටීම වාර්තා කර තිබිණ. එය සියයට ඍණ -16.3 දක්වා විශාල ලෙස පහත වැටී ඇත. මුල් කාර්තුවේ දී එය සියයට ඍණ -1.6 ක් විය. මේ වන විට පවතින්නේ සියයට ඍණ -5.3 ක බව දෙපාර්තමේන්තුව පවසයි. එනම් ආණ්ඩුවේ දේශපාලුවන් පම්පෝරි කෙළින 'සංවර්ධන සෞභාග්‍යය' අමු පට්ට පල් කෙබරයකි.  

ගංජා දිලිත්ලා, කුඩු රෙනෝලා, නෙත් නිහාල්ලා, ටිරාන් හුලස් ලා තම පච මෝල් වලින් 'නයි පෙන්වා' ජනතාව මුලා කර නූගත් රාජපක්ෂලා බලයට ගෙන්වා රටට ගෙනැවිත් දී තිබෙන සව්බාගය මෙය ය. ඉතිහාසයේ ප්‍රථම වරට 'බංකොලොත් රටක්' වීම ය.

චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2020-12-19 19:50:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links