ධර්මවිජය ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.දෙසැ.11, ප.ව.11.20) දූෂණයට වංචාවට එරෙහිව පෙළ ගැසෙන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා තිබේ. ජනතා පරමාධිපත්‍යය අන්තිම බින්දුව දක්වාවම පෙරන්ගා ගත් ඔහු අද ලොව සිටින මහා බලසම්පන්න එකම රාජ්‍යය නායකයා ය. ඔහු බලයට පත්වූයේ දූෂණය වංචාව හොරකම ඉන්තේරුවෙන්ම පිටුදැක රට සෞභාග්‍යය කරා ගෙන යන පොරෝනදුව පිට ය. එවැන්නෙකු දැන් ඒ සඳහා ජනතාවට පෙළ ගැසෙන්නයි ඉල්ලා සිටීම හාස්‍යජනක නොව අතිශයින්ම භයානකය.
ගෙවීගිය වසරක කාලය තුල ජනපතිවරයා සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් කර නැති බව ඉතා පැහැදිලි ය. ඔප්පුකර ඇත්තේ රජයේ රැකවරණයේ සිටින නිරායුධ මිනිසුන් ඝාතනය, මරණ දණ්ඩනය හිමි වූවන් පාර්ලිමේන්තුවට කැඳවීම, සමූහ මිනිස් ඝාතකයන්ට ජනාධිපති සමාව දීම, වැරදි කරුවන් පෝලිමේ නඩු වලින් නිදහස් වීම, නීතිගරුක කීර්තිමත් අපරාධ විමර්ශන පොලිස් නිලධාරීන් හිරේ දැමීම, පරිසර විනාශය, බඩු මිළ පාලනය කර ගැනීමට නොහැකිවීම, කහ ආනයනය තහනම් කර පොල් ආනයනය කිරීම, පොල් මැනීම, මුට්ටි ගඟේ දමා, පැණි පොවා කොරා්නා මර්දනය කිරීම, ගජ මිතුරන්ට හිතූ හිතූ ලෙස හම්බකර ගැනීමට අවස්ථා සලසා දීම ඇතුළු තවත් බොහෝ අවර ගණයේ බහුබූත ක්රියාවන්ය.
තිස් අවුරුදු යුද්ධය අවසන් කළ තමාට කොරෝනා වෛරසය පැරදවීම කජ්ජක්දැයි මුලදී ඇසූ ගෝඨාභය පසුව ප්‍රකාශ කළේ මේක යුද්ධයක් නම් ඉවර කරන්න තිබුනා වෛරසයක් නිසා බෑ යනුවෙනි. අවුරුද්දක් තුල සියළුම ආහාර ද්‍රව්‍යවල සහ අත්‍යාවශ්‍යය අනෙකුත් පාරිභෝගික භාණ්ඩවල මිළ දෙගුණයකින් ඉහළගොස් ඇත්තේ පුටුවේ වාඩිවූ සැණි් කොළඹ තොග කඩවලට ගොස් කළ රඟපෑම් පුස්සක් කරමින්ය. විවිධ රාජ්‍යය ආයතන සක්‍රීය කිරීම සඳහා ඔහු පත්කළ හමුදා ප්‍රධානීන්ද ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ පිස්සු කෙළිමින් සිටිති. මහා බලගතු නායකයා හැටියට ලක්වැසි ජනතාගේ හිත සුව වෙනුවෙන් ඔහු මෙතෙක් සිදු කළ සාධණිය කිසිවක් නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ නාස්තිය දූෂණය වංචාව හොරකම තව තවත් වර්ධනය වීමට ඉඩදී පම්පෝරි ගැසීම පමණි.
ආසන්නම සිද්ධිය මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙඩිතබා මරා දැමීමයි. මෙම ප්‍රහාරය එල්ලවූයේ වතුර ඉල්ලා කෑ ගැසූ උණ රෝගයෙන් පෙළෙන රැඳවියන් පිරිසකට බව එම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවෙහි පැහැදිලිවම සඳහන් වේ. තමන්ට බීමට වතුර ටිකක් දෙන්නයි ඉල්ලමින් ඔවුන් බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව දෙසට පැමිණියේ එහි රැකවල් ලා සිටි නිළධාරීන්ගෙන් උදව් අපේක්ෂාවෙන් බවද අතුරු වාර්තාවේ සඳහන්ය. ඉකුත් 09 වැනි දා ජාතික පුවත්පත් කීපයකම මේ ගැන සඳහන්ව තිබුනි. ඇතුලේ සිදු වූ ගින්න නිවා දැමීමට සිද්ධිය වූ දා පස්වරු 7 ට පමණ එම ස්ථානයට පැමිණි ගිනි නිවන රථ 5 ට පොලීසිය ඇතුළු ආරක්ෂ අංශ විසින් අවසර නොදුන් බව දෙරණ සහ හිරු සජීවී රූප දර්ශණ සමඟ රටට අනාවරණය කළේය. අදාල කමිටුවට එම හෙලිදරව්ව නිරීක්ෂණය නොවුවේ ඇයි ද යන්න ප්‍රශ්ණයකි. සමහර විට අමතක වෙන්නට ඇත. කොහොමටත් ගෝඨාභය ට වතුර ඇලජික්ය.
මේ අතර රැඳවියන් කිසිවෙක් වෙඩි වැදී මරණයට පත්ව නැතැයි බන්ධනාගාර ඇමැති පාර්ලිමේන්තුවේ දී කී ප්‍රකාශය පුස්සක් කරමින් රැඳවියන් ඝාතනය වී ඇත්තේ වෙඩි වැදීමෙන් බව නීතිපතිවරයා විසින් වාර්තා කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහර බන්ධනාගාර රැඳවියන් ඝාතන පිළිබඳ විමර්ශනයේ වාර්තාවක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පසුගිය 8 වෙනිදා මෝසමක් මඟින් ඉදිරිපත් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබුණේ ඒ අවස්ථාවේ දීය.
‘මහර රැඳවියන් 11 දෙනා වෙඩි තැබීමක් හේතුවෙන් මිය ගොස් තිබෙන අතර රැඳවියන් මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ පානය කර කලහකාරීව හැසිරී නැති බවද එලෙස රහස් පොලිසියේ විමර්ශන වාර්තාව උපුටා දක්වමින් නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය විවෘත අධිකරණය හමුවේ පවසා සිටියා ය.
‘මහර බන්ධනාගාරය තුළ මුළු රැඳවියන් සංඛ්‍යාව 2782 වූ අතර ඉන් රිමාන්ඩ් රැඳවියන් 2148ක් පමණ වූ බවට අනාවරණය විය. ඉතිරි අය දඬුවම් විඳින සිරකරුවන් වේ. මහර බන්ධනාගාරය තුළ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් ඒ වන විට රඳවා සිට ඇත. නොවැම්බර් මස 25 සහ 27 දිනයන්හි දී 1000 කට පමණ පීසීආර් පරීක්ෂණ සිදු කර තිබූ බවටත්, එහි ප්‍රතිඵල 28 වැනිදා සවසත්, 29 වනදා උදේත්, ලැබී තිබුණු බවටත්, එහිදී නිලධාරීන් 06 දෙනෙකුට සහ රැඳවියන් 180 කට පමණ කොවිඞ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබිණ.'
'මෙම තොරතුරු රැඳවියන් වෙත ලැබී ඇති අතර ඒ පිළිබඳව රැඳවියන් අප්‍රසාදයකින් හා බියකින් සිටි බවට වාර්තා විය. එල් වාට්ටුව ඇතුළු වාට්ටුවල උණ රෝගය වැළඳුණු රෝගීන් පිරිසක් සිටි බවට සාක්ෂි ඉදිරිපත් විණි. ඔවුනට බන්ධනාගාර රෝහලෙන් රෝගය විමසා පරීක්ෂා කිරීමකින් තොරව පැනඩෝල් ලබා දී තිබුණි. '
‘රැඳවියන් 1000 කට වැඩි විශාල පිරිසක් එක් රැස්ව උද්ඝෝෂණ කර ඇත. උද්ඝෝෂණයේදී ඉදිරිපත් කර තිබූ ප්‍රධාන ඉල්ලීම් ලෙසට දක්වා තිබුණේ,
ඇප ලබා දී තිබූ රැඳවියන් නිවෙස් වලට යැවීම ප්‍රමාද වී තිබූ හෙයින් තවදුරටත් රිමාන්ඞ් බන්ධනාගාරය තුළ රඳවා තබා නොගෙන නිවෙස්වලට යැවීම කරන ලෙස.
කොවිඞ්-19 රෝගය සඳහා සියළුම රැඳවියන්ට පීසීආර් පරීක්ෂණ කරන ලෙස.
කොවිඞ්-19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙස.
අනුභව කළ හැකි අන්දමට සුදුසු ආහාර ලබා දෙන ලෙස.’
(රිවර්ස් නම් පෙත්තක් ගැන ඉහත කී වාර්තාවේ කිසිදු සඳහනක් නැත. ඩයසිෆෑම් නම් පෙති වර්ගය පානය කළ බව සඳහන්ය. කිසිදු ඖෂධ වර්ගයක පෙති 21,000 ක් ගැන කිසිදු සඳහනක් වාර්තාවේ නැත.)
‘බන්ධනාගාර නිලධාරීන් විසින්, ප්‍රධාන ගේට්ටුව දෙසට රැඳවියන්ට පැමිණිය නොහැකි අන්දමට ඇතුළත ගේට්ටුව වසා ආරක්ෂා කොට රැඳවියන්ට බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි අන්දමට රැකවල් යොදා ඇත. රැඳවියන්ට දෙසට කඳුලු ගෑස් විසි කර ඇත. පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහකාරී තත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇත.’
‘පළමු අවස්ථාවේදී එක් රැඳවියෙකුගේ උරහිසට වෙඩි වැදී තුවාල වී ඇති අතර පිරිස දෙපසට විසිරී ගොස් ඇත.’
‘30 වන දින සවස් භාගයෙහි ද රැඳවියන් අකුලන ගේට්ටුව අසලට පැමිණ ප්‍රකෝපකාරීව කලබල සිදු කර අත. රැඳවියන් වතුර ඉල්ලා ද කෑ ගසා ඇත. එම අවස්ථාවේදී ද නිලධාරීන් විසින් කලහකාරී පිරිස පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇත. ඒ හේතුවෙන් කිහිප දෙනෙකුට වෙඩි වැදී ඇත.’
‘වෙඩි වැදුණු රැඳවියන්ට ආසන්නයේ සිට වෙඩි තැබීමක් සිදු කළා ද යන්න නිගමනය කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවය. මේ අවස්ථාව වන විට එය පවත්වා නැත.’
ගිනි අවි පාවිච්චි කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් පමණයි
මෙම සිද්ධියට පෙර කොවිඞ්-19 රෝගය මහර බන්ධනාගාර රැඳවියන් අතර තිබූ බවට වාර්තා නොවූවත්, මේ සිද්ධිය වූ දින දහවල් කාලයෙහි කොවිඞ්-19 වැළඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඞ් බන්ධනාගාරයෙහි සිටින බවට රැඳවියන්ට දැනගන්නට ලැබීමෙන් පසුව,
– රිමාන්ඞ් බන්ධනාගාරය තුළ තිබූ දැඩි තදබදය නිසාත්,
– රැඳවියන් අතර උණ රෝගය පැතිර තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවදානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවට පත්ව, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ කරන්නට පටන්ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ. බන්ධනාගාර නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වේ.
-එම අවස්ථාවේ රිමාන්ඞ් සැකකරුවන් අතර සිටි විවිධ අපරාධයන්ට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටි විවිධ කල්ලි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුනොවුන්ගේ පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කල්ලි ගැසී එකිනෙකා අතර දරුණු අන්මේ පහර දීම් සිදු කර තිබූ බවට නිරීක්ෂණය විය.
-රැඳවියන් විසින් බන්ධනාගාර දේපළ සහ ලිපි ලේඛනවලට ගිනි තබා, ආයතනය ගොඩනැගිලි කඩා බිද දමමින් විශාල හානියක් සිදු කර ඇති බව නිරීක්ෂණය විය.
-මෙම ගැටුම සිදු වූ අවස්ථාවේදී රැඳවියන් සතුව පරිශ්‍රයෙන් සොයාගත් ගල්, මුගුරු, යකඩ පොලු, මන්න, කඩු, පිහි මෙන්ම ගිනි තැබීම සඳහා බොයිලේරුවෙන් ලබා ගත් තෙල්ද තිබී ඇති මුත් කිසිවෙකු අත ගිනි අවි තිබී නැත. ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සන්තකයේ බවත්, ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඔවුන් පමණක් බවත් කමිටුවේ නිරීක්ෂණයයි.
-මෙම ගැටුම 29 වන දින සවස ආරම්භ වී රාත්‍රී කාලයේද 30 දින සවස් භාගයේද තිබී ඇත.
ඉහත මහර සමූහ ඝාතනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උධෘත අප යොදා ගත්තේ වංචාවට දූෂණයට හොරකමට එරෙහි වන්නන්ට ගෝඨාභය ජනපති දක්වන ප්‍රතිචාරය මෙනෙහිකර දීමට ය. ඔහුගේ ඉල්ලීම ඉතා භයානක එකක් බව අප පවසන්නේ ඒ නිසාය. ගෝඨාභයට අනුව ඔබ දූෂණයට වංචාවට හොරකමට අසාධාරණයට එරෙහිව පෙළ ගැසෙන්නන්ට ගියොත් නියත වශයෙන්ම සිදුවන්නේ ඔහුගෙන්ම වෙඩි කෑමට ය. පසුව ඔබ රිවර්ස් මත් පෙති ගහලා සිටියේ යැයි ජාතියේ පංචායුධය විමල් පචවංශ කියනු ඇත. කිසිවෙක් වෙඩි වැදී මිය ගොස් නැතැයි මිනීමරු රත්වත්තේ කියනු ඇත. මහර සමූහ ඝාතනය පසක්කර දෙන්නේ එම කාරණයයි.
මිනිස් ලේ හැර අන් දෙයක් නොදන්නා, මොළේ අමාරුවකැයි කියා හමුදාවෙන් ඉවත් වූ, හෙට කරන්නේ කුමක්දැයි නොදන්නා ඇමරිකානු - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙකුගෙන් අන් කුමක් අපේක්ෂා කරන්නද? එබැවින් අප පෙළ ගැසිය යුත්තේ පාලකයන්ගේ ව්‍යාජ ඉල්ලීම් අනුව නොව ඒකාධිපති ගෝඨාභය ඇතුළු රාජපක්ෂ හැතිකරය සහමුලින් පරාජය කිරීමට ය.
---------------------------
by (2020-12-11 18:07:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි