~

මහ රෑ ජාමේ රුවන්වැලි සෑ මළුවට කඩා පනින්න ආ බීමත් කුම්භාණ්ඩයා; ලොහාන් රත්වත්තේ..!

ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.දෙසැ.08, ප.ව.7.00) මරණීය දණ්ඩනය නියම කර බන්ධනාගාරගතව සිටින රැඳවියන් ගේ යහපත් කල් ක්‍රියාව පදනම් කර ගනිමින් නිදහස් කර හැරීමට බන්ධනාගාර අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවට පසුගිය දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අධික ලෙස බීමත්ව පසුගිය 07 දා (ඊයේ) අලුයම 1 ට පමණ කොට කලිසමකින් සැරසී තවත් කිහිප දෙනකු ද සමඟ අනුරාධපුර රුවන්වැලි සෑ මළුවට පිවිසීමට වෙර දරා ඇතත් ආරක්ෂකයන් ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා වෙයි.

පුන් පොහොය දිනවල හැරුණු කොට සෙසු දිනවල රාත්‍රී දහයට රුවන් වැලි සෑ මළුව වසන බවත් පසු දා හිමිදිරියට පෙර එය විවෘත කළ හැක්කේ නා හිමි වරුන් ගේ පූර්ව අවසරයක් මත පමණක් බවත් කී ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය ඇමති වරයාට මළුවට පිවිසීම සඳහා අවසර ලබා දී නැත. එවිට එම ආරක්ෂකයන් හට සේම නාහිමි වරුන්ට ද අමු තිත්ත කතාවෙන් බැන වැදුණු ඔහු තමන් රාජ්‍ය අමාත්‍යවරයකු බවත්, ඒ සඳහා අවසර ලබා නොදුනහොත් මෙම පොලිස් නිලධාරීන් මාරු කිරීමට තමන් කටයුතු කරන බවත් පවසමින් එම නිලධාරීන්ට තර්ජනය කර ඇත. මෙහි දී වෙරි මත දරා ගත නොහැකි රාජ්‍ය ඇමති වරයා දෙවරක් බිම ඇද වැටුණු අතර ඔහුගේ ආරක්ෂකයන් විසින් ඔහු ඔසවා තිබේ.

මෙම සිදුවීම පිළිබඳව එම පොලිස් නිලධාරීන් විසින් තමන් වහන්සේ දැනුවත් කොට ඇති බවක් රුවන්වැලි මහ සෑ විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ද කීහ.

සාමාන්‍යයෙන් රුවන් වැලි සෑ පුද බිමට මෙවන් අවේලාවන් හිදී වාහන නොපිවිසෙන බැවින් මෙම සිදු වීමෙන් කුතුහලයට පත් රුවන් වැලි සෑ රථ ගාල අද්දර වෙළඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු හා රුවන් වැලි සෑ විහාර පරිශ්‍රයේ පිහිටි සති ශාලාවේ නැවතී හිඳින කිහිප දෙනෙකු ද මෙම සිදුවීම නිරීක්ෂණය කොට තිබේ. ඔවුන් පැවසුවේ ද කවුරුන් හෝ ඒ බීමත් තැනැත්තා තිරිසනෙකු මෙන් හැසිරුණු බව ය.

ලොහාන් ගේ අතීතය..

2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර, උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් දස දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හා සම්බන්ධ "දේශපාලන ත්‍රස්තවාදියකු" වන ලොහාන්  හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු වූ අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමල් පුතු ය.  එම ඝාතන සිදුකර තිබුණේ අර්ධ ස්වයංක්‍රීය ටී.56 ගිනිඅවි වලින් බවට පරීක්ෂණ මඟින් තහවුරු විය. ඉතා සාහසික අයුරින් ඝාතනය කර තිබූ මෙම පුද්ගලයන්ගේ සිරුරු වෑන්රථයක තිබී සොයාගනු ලැබීය. සිද්ධියට සැක පිට  අත්අඩංගුවට ගනු ලැබු  අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ ඇතුලු සැකකරුවන් පහලොවකට හට එරෙහිව නීතිපතිවරයා විසින් මිනීමැරීමේ චෝදනාව සමග තවත් චෝදනා සහිතව මහාධිකරණයේදී නඩුපවරනු ලැබීය. මෙහි සෙසු සැකකරුවන් ආරක්ෂක අංශවලට සම්බන්ධ වූවන් බව පසුව හඳුනාගනු
ලැබුණි.

කෙසේ වෙතත් අද වන තුරු මෙම සමූහ ඝාතනයට වග කිව යුතු කිසිවකුත් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වී නොමැත. ඒ අනුව උඩතලවින්න දස පුද්ගල මිනී මැරුම තවදුරටත් නොවිසඳුණු අපරාධයක් වී තිබේ. සාක්ෂිකරුවන් බියවැද්දීම වැනි ම්ලේච්ඡ බලපෑම් මත සාක්ෂි පරස්පරතා මතු වීම විත්තියේ වාසියට යොදා ගැනීම ඊට හේතුව ය. එමෙන්ම මෙය රත්වත්තේ පරපුරේ පියෙකු හා පුතුන් දෙදෙනෙකු සෘජුවම සම්බන්ධ සමූහ මිනිස් ඝාතනයක් බැවින් අපරාධය යටපත්කිරීමට අදිසි හස්ත ගණනාවක් අධිකරණයට බලපෑම් කළ බවට ද එකල මත පළ විය. කෙසේ වෙතත් අද වන තුරු ඝාතනයට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුවී නොමැත. අපගේ අධිකරණ ක්‍රියාවලියේ සිදුරු, කඩතොලු නිසා නිසා මේ අපරාධකරුවන් තවමත් නිදැල්ලේය.

දැන් අපට සිතීමට ඇත්තේ එම මුස්ලිම් තරුණයන් දස දෙනා දිවි නසා ගන්නට ඇති බවකි. 

ලොහාන් රත්වත්තේගේ පෝරකයට නියම වූ මිනී මරුවන් නිදහස් කොට ගෙදර යැවීමේ කතාව ද භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයෙන් වරද කරු වී පෝරකයට නියම වී සිටින දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සඳහා ඉලක්ක වූවක් බව ඕනෑම තොත්ත බබෙකුට වැටහෙනු ඇත. ගෝටාණ්ඩුව විසින් ලොහාන්ට බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය පදවිය ලබා දෙන ලද්දේ ද ඒ සඳහා වන නිල කොන්තරාත්තුවක් ලෙසිනි. ඒ බව ඔහුගේ මෙම කුම්භාණ්ඩ විලාසිතාවේ පිස්සු කෙළීම් වලින් මනාව තහවුරු වනු ඇත.

ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙක් ලියයි

---------------------------
by     (2020-12-08 13:32:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links