සේවකයෝ කියති
(ලංකා ඊ නිව්ස් -2020.සැප්.19, පෙ.ව.4.00) කෘෂිකාර්මික නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂක රොහාන් විජේකෝන් යනු හොර ආචාර්ය උපාධියක් ඇති වංචනික පුද්ගලයෙකි. මෙම පුද්ගලයා ආචාර්ය ලෙස තම නම ඉදිරියෙන් භාවිතා කළ ද මොහු සතු ආචාර්ය උපාධියක් නොමැති අතර විශේෂයෙන් කෘෂිකර්මයට සම්බන්ධ කිසිදු පර්යේෂණ උපාධියක් නොමැති මෙම තක්කඩියා මෙතැන් සිට හොරාචාරී රොහාන් විජේකෝන් ලෙස හඳුන්වමු.
මෙම හොරාචාරී රොහාන් විජේකෝන් යනු ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයේ හිටපු සහකාර අධ්‍යක්‍ෂක වරයෙකි. කෘෂිකර්මය ගැන මෙලෝ හසරක් නොදන්නා මේ මෝලා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කළ එකම කාර්යය නම් විශාල ගේට්ටු සවිකරමින්, ඉදිකිරීම් කරමින් සහ ප්‍රදර්ශන පවත්වමින් කොමිස් මුදල් ගසා කෑමත් ගන්නොරුව ජාතික තොරතුරු මධ්‍යස්ථානය යනුවෙන් අති විශාල මුදලක් ගසා කමින් බේබද්දන්ට සහ සල්ලාලයන්ට සාද පැවැත්වීම සඳහා ඉදිකරනලද සුදු අලියෙක් වන් ආයතනයක් හැදීමත් පමණි. මෙම ජාතික තොරතුරු මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ ප්‍රසිද්ධ බේබද්දෙකු වන මෙම හොරාචාරියාගේ සාද පැවැත්වීමටම පමණක් බව අපි ඔබට ශපථ කර පවසා සිටිමු.
ඉහල තැන්වලට පුද සත්කාර කර ජ්‍යෙෂ්ඨතාවය මත කියා ඉබේටම ලැබෙන පත්වීම් ලද කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් ධුරයෙන් විශ්‍රාම යන්නේ කීර්තිමත් නාමයක් දිනු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අසුචි තවරමින් රටේ ජනතාවට 'ක්‍රෝටන් කොළ' කෑමට යෝජනා කරමිනි. එතැන් පටන් එදා කෘෂිකර්ම ඇමතිව සිටි මහින්ද යාපා අබේවර්ධන මහතා පවා මෙම හොරාචරියා අමතන්නේ “ක්‍රෝටන්” ලෙසය. හොරාචාර්ය රොහාන් විජේකෝන් මෙම කෘෂිකාර්මික නවීකරණය කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක වී ඇත්තේද හොර ක්‍රමවේදයකට ය. ව්‍යාපෘති ගැන මෙලෝ හසරක් නොදන්නා මෙම හොරාචාරියා මර්වින් සිල්වා පරදවන එකෙකි. තමුන්ට හොරකමට උදවු නොකරන සෑම දෙනාටම කුමක් හෝ අංචියක් අදින මේ හොරාචරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු සංචාරක බංගලාවල නවතින්නේ ද දිනකට රුපියල් 100 ක් ගෙවා බවත් එය සම්පුර්ණයෙන්ම රාජ්‍ය මුදල් රෙගුලාසි වලට පටහැනි බවත් දන්වා සිටිමු. අවශ්‍ය ඔ්නෑම අයෙකුට එය පරීක්ෂා කර ගත හැකිය.
මේකාගේ රාජ්‍ය මුදල් අවභාවිතාව පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇස් කන් පියා සිටිය ද මේ හොරාචාරියා සුදනෙක් වන්නේ කෙසේද කියා විගණන දෙපාර්තමේන්තුව පැහැදිලි කර දිය යුතුය. පසුගිය වසරවල සංචාරක බංගලාවල වංචනිකව නැවතී ඇති දින සඳහා හොරාචාරී රොහාන් විජේකොන්ගෙන් නියමිත පරිදි මුදල් අයකර රජයට වංචාකල මුදල අයකරගන්නා ලෙසත් හොරාචාරි රොහාන් විජේකෝන්ගේ සුදුසුකම් පරික්ෂාකර හොර සහතික සහ නියමිත සුදුසුකම් සපුරා නොමැති බැවින් සේවයෙන් ඉවත්කර මෙතෙක් මෙම පුද්ගලයා වංචාකර ලබාගත් වැටුප් සහ දීමනා ආපසු අයකරගන්නා ලෙසත් නියමිත පරිදි සුදුසුකම් සහිත අධ්‍යක්ෂක වරයෙකු මෙම කෘෂිකාර්මික නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා බඳවාගන්නා ලෙසත් ජනාධිපතිවරයා ඇතුළු වගකිය යුත්තන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
---------------------------
by (2020-09-18 22:26:34)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි