~

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩමින් සහ ලෝක වාර්තාවක්ද තබමින් නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි..! ලැයිස්තුව මෙන්න..!!

(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.‍12, ප.ව.5.25)  නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද මහනුවර මගුල් මඩුවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විණ. කැබිනට් අමාත්‍යවරු 28 ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පත් කරන බව ප්‍රකාශිත නමුත් අද දිව්රුම් දුන්නේ රාජ්‍ය අමාත්‍යවරු 39 ක් පමණි. ලංකාවේ ප්‍රථම වරට ජනාධිපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්ලා 22 ක් පත් කරමින් ඔවුන්ට පත්වීම් ලිපි ලබා දීමට මගුල් මඩුවේ දීම සිදුකෙරිණ. කැබිනට් අමාත්‍යාංශ වලට මෙන්ම සෑම රාජ්‍ය අමාත්‍යාංශයකටම වෙන වෙනම ලේකම්වරු සිටීම ද විශේෂයකි. නමුත් රාජ්‍ය ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන නිසා තම තමන්ගේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ යුත්තේ අදාල කැබිනට් ඇමැතිවරයා හරහා ය. රාජ්‍ය අමාත්‍යවරු අයත් වන කැබිනට් ඇමැතිවරු කවුරුදැයි දැක්වෙන ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබිණ.

ජ්‍යෙෂ්ඨයින් කැපිලා..

හිටපු ජනාධිපතිවරයෙක් ද පොළොන්නරුවෙන් වැඩිම මනාප ගත් පුද්ගලයා ද පමණක් නොව පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ද වන මෛත්‍රීපාල සිරිසේනට කිසිදු අමාත්‍ය ධූරයක් ලබා දී නොතිබිණ. ජ්‍යෙෂ්ඨයින් වන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න ආදීන්ට ද කිසිදු ඇමැතිධූරයක් නැත. එස්බී වැනි ජ්‍යෙෂ්ඨයෙකුට දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ධූරයක් පමණි. ශ්‍රීලනිපයේ මහලේකම් ද හිටපු කැබිනට් ඇමැතිවරයෙකු ද වන දයාසිරි ජයසේකරට ද, හිටපු මහ ලේකම්වරයෙකු හිටපු කැබිනට් ඇමැතිවරයෙකු ද වන දුමින්ද දිසානායක ටද  ලබා දී තිබුනේ කැබිනට් නොවන රාජ්‍ය ඇමැතිධූරය. විජේදාස රාජපක්ෂ බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියද ඔහුට කිසිවක් ලැබුනේ නැත.  

නාමල් රාජපක්ෂ, අලි සබ්‍රි කැබිනට් අමාත්‍ය ධූර වලට පත් කර තිබූ අතර රාජපක්ෂ පවුලෙන් ආ නවක මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂට ද රාජ්‍ය ඇමැතිධූරයක් ලබා දී තිබිණ. රාජපක්ෂ පවුලෙන් පාර්ලිමේන්තුවට ආ අනෙක් නවකයා වන නිපුණ රණවක  මාතර දිස්ත්‍රික් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ධූරයට පත් කර තිබිණ. චමල් රාජපක්ෂ ද කැබිනට් ඇමතිවරයෙකි. 

ව්‍යවස්ථාව උල්ලංඝනයක්.. 

19 වන සංශෝධනය අනුව සිරිසේනගෙන් පසුව පත්වන ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් දැරිය නොහැකි වුවද ජනාධිපති ගෝඨාභය ආරක්ෂක ඇමැතිධූරය ලබා ගෙන තිබිණ. ව්‍යවස්ථාව වෙනස් කිරීමට 2/3 බලයක් තිබෙන්නේ වී නමුත් එය සිදුකිරීමට පෙර එවැනි දෙයක් කිරීම පැහැදිලිවම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

බරපතල විවේචන..

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ සම්බන්ධයෙන් බරපතල විවේචන තිබේ. ලෝකයේ විද්‍යා හා තාක්ෂණ විෂය ප්‍රබල විෂයක් මෙන්ම ශ්‍රී ලංකාවේද මෙතෙක් කාලයක් එය කැබිනට් විෂයක් ලෙස සැලකූ නමුත් මෙවර විද්‍යා හා තාක්ෂණ විෂයට කැබිනට් අමාත්‍යංශයක් තබා රාජ්‍ය අමාත්‍යාංශයක් හෝ නැත.  පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් ද කිසිදු අමාත්‍යාංශයක් නැත. ආනයන අපනයන ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ද කිසිදු අමාත්‍යාංශයක් නැත. එය වෙළඳ කැබිනට් ඇමැතිවරයා යටතට ද අයත් වී නැත (ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව) පුදුමය නම් මෙතක් කාලයක් විශේෂ කැබිනට් අමාත්‍යංශයක් වූ කාන්තා හා ළමා යන විෂය රාජ්‍ය ඇමැතිවරයෙකුගේ විෂයන් අතරට එකතු කර එය ද පිරිමියෙකුට බාර දීමයි. එය පැහැදිලිවම කාන්තාව සහ ළමයින් නොතකා හැරීමකි. ආගමික යන පොදු නාමයකින් තොරව බුද්ධාගමට වෙනම අමාත්‍යංශයක් වෙන් කළද රටේ පවතින මුස්ලිම් සහ හින්දු ආගම් සඳහා කිසිවක් වෙන් කර නැත. බොහෝ රාජ්‍ය අමාත්‍යාංශ විෂයන් වනාහී මීට පෙර සංස්ථා සභාපතිවරයෙක් විසින් ඉටු කළ කාර්යයන් ය. 

ලෝක වාර්තාවක්..

මේ  අතර මෙවර කැබිනට් සහ රාජ්‍ය ඇමැති මණ්ඩලය ලෝක වාර්තාවක් තබා තිබේ. එනම් පත් කළ කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් 14 දෙනෙක් ම අපරාධ චෝදනා යටතේ අධිකරණ ඉදිරියේ නඩු පවරා තිබෙන අය වීමයි.

අගය කළ යුතු දේ..

ධනාත්මක දේ ද තිබේ. මෙගා කැබිනට්ටුවක් වෙනුවට 25 දෙනෙකුගෙන් පමණක් යුත් කැබිනට්ටුවක් පත් කිරීම අගය කළ යුතුය. පෙර ආණ්ඩු වල මෙන් තැවරි තැවරී කාලය මරමින් නොසිට දිව්රුම් දීමට පෙරම අමාත්‍යංශ කවරේද සහ ඒවාට අයත් ආයතන කවරේදැයි සඳහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබීම ද අගය කළ යුතුය.   

පත් කරන ලද කැබිනට් අමාත්‍යවරු:

1- අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා - ආරක්ෂක
2- මහින්ද රාජපක්ෂ මැතිතුමා - මුදල්
3- මහින්ද රාජපක්ෂ මැතිතුමා - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
4- මහින්ද රාජපක්ෂ මැතිතුමා - නාගරික සංවර්ධනය හා නිවාස
5- නිමල් සිරිපාල ද සිල්වා මහතා - කම්කරු
6- ජී.එල්. පීරිස් මහතා - අධ්‍යාපන
7- පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය - සෞඛ්‍ය
8- දිනේෂ් ගුණවර්ධන මහතා - විදේශ
9- ඩග්ලස් දේවානන්ද මහතා - ධීවර
10- ගාමිණි ලොකුගේ මහතා - ප්‍රවාහන
11- බන්දුල ගුණවර්ධන මහතා - වෙළෙඳ
12- ආර්.එම්.සී.බී. රත්නායක මහතා -වනජීවි හා වන සංරක්ෂණ
13- ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන
14- කෙහෙළිය රඹුක්වැල්ල මහතා - ජනමාධ්‍ය
15- චමල් රාජපක්ෂ මහතා - වාරිමාර්ග
16- ඩලස් අලහප්පෙරුම මහතා - විදුලිබල
17- ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - මහාමාර්ග
18- විමල් වීරවංශ මහතා - කර්මාන්ත
19- මහින්ද අමරවීර මහතා - පරිසර
20- එස්.එම්. චන්ද්‍ර සේන මහතා - ඉඩම්
21- මහින්දානන්ද අළුත්ගමගේ මහතා - කෘෂිකර්ම
22- වාසුදේව නානායක්කාර මහතා - ජලසම්පාදන
23- උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - බලශක්ති
24- රමේෂ් පතිරණ මහතා - වැවිලි
25- ප්‍රසන්න රණතුංග මහතා - සංචාරක
26- රෝහිත අබේගුණවර්ධන මහතා - වරාය හා නාවික
27- නාමල් රාජපක්ෂ මහතා - තරුණ හා ක්‍රීඩා
28- අලී සබ්‍රි මහතා - අධිකරණ

පත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරු

1- චමල් රාජපක්ෂ මහතා - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ
2- පියංකර ජයරත්න මහතා - විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙදපොළ විවිධාංගීකරණ
3- දුමින්ද දිසානායක මහතා - සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
4- දයාසිරි ජයසේකර මහතා -බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
5- ලසන්ත අලගියවන්න මහතා - සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
6- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය -බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන
7- අරුන්දික ප්‍රනාන්දු මහතා -පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
8- නිමල් ලන්සා මහතා -ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
9- ජයන්ත සමරවීර මහතා -ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
10- රොෂාන් රණසිංහ මහතා -ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
11- කනක හේරත් මහතා -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
12- විදුර වික්‍රමනායක මහතා - ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු
13- ජානක වක්කුඹුර මහතා -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
14- විජිත බේරුගොඩ මහතා - දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
15- ෂෙහාන් සේමසිංහ මහතා - සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන , රාජ්‍ය සම්පත් සංවර්ධන
16- මොහාන් ද සිල්වා - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක භාවිත නියාමන
17- ලොහාන් රත්වත්තේ මහතා - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
18- දිලුම් අමුණුගම මහතා - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
19- විමලවීර දිසානායක මහතා - වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන
20- තාරක බාලසූරිය මහතා - කලාපීය සහයෝගිතා කටයුතු
21- ඉන්දික අනුරුද්ධ මහතා - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
22- කංචන විජේසේකර මහතා - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
23- සනත් නිශාන්ත මහතා - ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන
24- සිරිපාල ගම්ලත් මහතා - මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන
25- සරත් වීරසේකර මහතා - පලාත් සභා හා පළාත් පාලන කටයුතු
26- අනුරාධ ජයරත්න මහතා -ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
27- සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා -තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
28- තේනුක විදානගමගේ මහතා - ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන
29- සිසිර ජයකොඩි මහතා - දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
30- පියල් නිශාන්ත ද සිල්වා මහතා - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා
31- ප්‍රසන්න රණවිර මහතා - වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
32- ඩී.වී. චානක මහතා - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
33- ඩී.බී. හේරත් මහතා - පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත
34- ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
35- නාලක ගොඩහේවා මහතා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
36- ජීවන් තොණ්ඩමන් මහතා - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
37- අජිත් නිවාඩ් කබ්රාල් මහතා - මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
38- සීතා අරඹේපොළ මහත්මිය - නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
39- චන්න ජයසුමන මහතා - ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන

පත් කරන ලද ජනාධිපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්

1 කොළඹ දිස්ත්‍රික්කය - ප්‍රදීප් උඳුගොඩ
2 ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන
3 කළුතර දිස්ත්‍රික්කය - සංජීව එදිරිමාන්න
4 මහනුවර දිස්ත්‍රික්කය - වසන්ත යාපා බණ්ඩාර
5 නුවරඑළිය දිස්ත්‍රික්කය - එස් බී දිසානයක
6 ගාල්ල දිස්ත්‍රික්කය - සම්පත් අතුකෝරළ
7 මාතර දිස්ත්‍රික්කය - නිපුන රණවක
8 හම්බන්තොට දිස්ත්‍රික්කය - උපුල් ගලප්පත්ති
9 යාපනය දිස්ත්‍රික්කය - අංගජන් රාමනාදන්
10 කිලිනොච්චිය දිස්ත්‍රික්කය - ඩග්ලස් දේවානන්දා
11 වව්නියාව දිස්ත්‍රික්කය - කේ. දිලීපන්
12 මන්නාරම / මුලතිව් දිස්ත්‍රික්ක - කාදර් මස්තාන්
13 ත්‍රීකුණාමලය - කපිල අතුකෝරළ
14 අම්පාර - ඩී. විරසිංහ
15 කුරුණෑගල - ගුණපාල රත්නසේකර
16 පුත්තලම - අශෝක ප්‍රියන්ත
17 අනුරාධපුරය - එච්. නන්දසේන
18 පොළොන්නරුව - අමරකීර්ති අතුකෝරළ
19 රත්නපුර - අකිල එල්ලාවල
20 කෑගල්ල - රාජිකා වික්‍රමසිංහ 
21 මාතලේ දිස්ත්‍රික්කය - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
22 බදුල්ල දිස්ත්‍රික්කය - සුදර්ශන දෙනිපිටිය

විෂය පථ සහිත අදාල ගැසට් නිවේදනය පහත දිගුවෙන් කියැවිය හැකිය

http://www.documents.gov.lk/files/egz/2020/8/2187-27_S.pdf

---------------------------
by     (2020-08-13 11:43:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links