බීබීසී වාර්තාව සිංහලට නැගුවේ කුඩගම්මන සීලරතන හිමි
(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.11, ප.ව.3.20) සමහර විද්‍යාඥයන් සැක කරන ආකාරයට කෝවිඩ්-19 මරණය ඇති කරවන්නේ, හුස්ම ගැනීම අපහසු කරවීමෙන් සහ පෙනහළුවලට හානි පැමිණවීමෙන් නොව, මොළයට හානි කරවීමෙනි. සෙසු රෝග ලක්ෂණ අතර, හිසරදය, මොළයේ ලේ කැටිගැසීම සහ ආඝාතමය තත්වයන් ද ඇතිවේ.
ජුලී හෙල්ම්ස්ට අනුව, එය ඇරඹී ඇත්තේ 2020 මාර්තු මුල දී ඊසාන දිග ප්‍රංශයේ ස්ට්‍රාස්බරෝ සරසවි රෝහලෙහි ඇගේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරවූ ලෙඩුන් අතළොස්සකගෙනි. දින කිහිපයක් තුළ එම දැඩි සත්කාර ඒකකයෙහි සිටි හැම රෝගියෙකුට ම කොවිඩ්-19 වැළඳී තිබුණ අතර, ඇය විස්මයට පත්වන්නේ හුදෙක් ඔවුනට තිබුණේ හුස්ම ගැනීමෙහි අපහසුතාවන් පමණක් නොවූ නිසා ය.
ඔවුහු බෙහෙවින් නොසන්සුන් ව සිටියහ. ඇය පවසන ආකාරයට බොහෝ දෙනෙකුට ප්‍රධාන වශයෙන් මානසික අවුල් සහගත බව සහ සිහිමුලාව තිබී ඇති අතර, ස්නායුමය ආබාධයන් ද දක්නට ලැබී තිබිණ. ඔවුන් යොමුව තිබී ඇත්තේ, වෛද්‍යමය නිද්‍රාවට පත් කරවිය යුතු තරම් නොසන්සුන් රෝගීන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීමට ය. එහෙත්, ඒ ඇති වී තිඛෙන තත්වය මුළුමනින් ම අසාමාන්‍ය වූවකි. ප්‍රතිකාර කළ රෝගීන්ගෙන් වැඩි දෙනෙකු තරුණයන් විම සැබවින් ම, බියජනක වී තිබේ. බොහෝ දෙනෙකු තිහත් හතළිහත් අතර වයසේ සිටිය ද, දහඅට වන වියෙහි සිටියවුන් ද හමුවී තිබේ.
මේ විස්තර එකතු කළ හෙල්ම්ස් සහ ඇගේ කණ්ඩායමට දක්නට ලැබුණ නොදැනෙන සුළු බව සහ අවුල් සහගත බව පැහැදිළි කරමින් කෝවිඩ්-19 රෝගීන්ගෙන් පිළිබිඹු වූ ස්නායු ආබාධ ලක්ෂණ නමින් නිව් ඉංග්ලන්ඩ් මෙඩිකල් ජර්නලයට ලිපියක් සම්පාදනය කෙරිණි. ඒ සියල්ල පසුගිය පෙබරවාරියෙහි වූහාන්වල රෝගීන්ගෙන් පිළිබිඹු වී යැයි පර්යේෂකයන්ට හඳුනා ගතහැකි වූ රෝග ලක්ෂණ වන අතර, ඒවායින් පෙනනුම් කෙරෙන්නේ මොළයට හානි වී ඇති බව දැක්වෙන සලකුණු ය.
මේ වනවිට, ලොව නන් දෙසින් හමුවන තුන්සියයක් පමණ අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ, ගඳ-සුවඳ නොදැනීම, උගුරේ පුපුරු ගැසීම වැන්නක් දැනීම සහ සාමාන්‍ය හිස රදයට අමතර ව, කෝවිඩ්-19 රෝගීන් අතර ස්නායුමය අසාමාන්‍යතාවන් දක්නට ලැඛෙන බව ය. ඒවා කතා කරගත නොහැකිවීම, මොළයේ ලේ කැටිගැසීම සහ ආඝාතය වැනි වඩාත් දරුණු තත්වයන් පෙන්නුම් කරයි. ශ්වසන රෝගයක් ලෙස මුලින් බලාපොරොත්තු තැබූ වෛරස් රෝගයට මේවා එකතු වන්නේ අළුතින් වන අතර, ඒවායින් වකුගඩු, අක්මාව සහ හදවත වැනි ප්‍රධාන අවයවයන් මෙන් ම හැම සෙසු අවයවයට ම ද බරපතළ බලපෑම් එල්ල වී මුළුමනින් ම ක්‍රියා විරහිත වී යා හැකි ය.
"මොළයේ කි්‍රයා කාරිත්වය අවහිර වීම අනෙක් වෛරසයන්ට වඩා, කෝවිඩ්-19 සමග වඩාත් දරුණු වන්නේ ද යන්න තවමත් අපි නොදනිමු. එහෙත්, මට කිව හැක්කේ එවන් තත්වයන් මෑතක දී අපට ඛෙහෙවින් දක්නට ලැබුණු බව ය." මිචිගන්, ඩෙට්ට්‍රොයිට්හි හෙන්රි ෆෝර්ඩ් පදනමෙහි ස්නායු විශේෂඥවරියක වන එලිසා ෆොරි පැවසුවා ය. "රෝගීන් ගණන ඉහළ යන අතර, පෙනෙන්නට පටන් ගන්නේ සාමාන්‍ය තත්වයන් ම පමණක් නොවන අතර, සුවිශේෂතාවන් ද දක්නට ලැඛෙනු ඇත. ඒ හැම එකක් ම එකටමයි අපට දකින්න ලැබෙන්නෙ. ඒව අපි කිසිකෙනෙක් අපේ ජීවිත කාලයන් තුළ දැකල තිබුණ දේවල් නෙවෙයි."
වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ ගණන් විවිධ ය. එහෙත්, කෝවිඩ්-19 සම්බන්ධයෙන් වගකිවයුතු සාර්ස්-කෝවිඩ්-2 වෛරසය ආසාදිත බවට හෙළිදරව් වූවන්ගෙන් 50% ක් ස්නායුමය අසාමාන්‍යතාවන්ට ලක්ව තිබිණ.
මෙම ස්නායු රෝගී තත්වයන්හි බරපතළකම රේඩාර් තිරයෙහි බෙහෙවින් දිස්විණ. කායික වෙද්‍යවරුන් ඇතුලූ බොහෝ දෙනෙකු ගැස්මක්, වෙවුලූමක් නොමැති ව ආඝාතීය තත්වයක් වැනි ස්නායුමය රෝගී තත්වයන් පමණක් දැකීමෙන් විස්මයට පත්වනු විනා, එය කුමක් නිසා ඇත්වන්නේ ද යන්න හඳුනා නොගනු ඇත. සංඥා මගින් තොරතුරු ලබාදෙන යන්ත්‍රෝපකරණ සමග, නිදිකාරක ඖෂධ සහ ඇඳ විවේකයත්, දැඩිසත්කාර ඒකකයේ වටපිටාවත් සිහි මුලාව ඉහළ නැංවිය හැකි අතර, කවර රෝග ලක්ෂණයක් වුව වෛරසය සමග සම්බන්ධ කරමින් අවධානය යොමු කරවීමට අපට තිබෙන හැකියාව අවුල් කරවයි.
සාර්ස්-කෝවිඩ්-2 වෛරසයේ බලපෑමෙන් පීඩාවට පත්වන බොහෝ දෙනෙකු අත්දකින අවුල තව තවත් දික්ගස්සනු ලබන දේවල් වන කැස්ස සහ උණ නොමැති අවස්ථාවන්හි දී කිසිවිටෙකත් වෛරසයට සම්බන්ධ කෙරෙමින් පරීක්ෂා කර නොබැලෙයි.
"සැබවින් ම, කෝවිඩ්-19 රෝගීන් අතර, එක ම රෝග ලක්ෂණය ලෙස සිහිමුලා ගතියක් පමණක් පෙන්වන රෝගීන් සැළකිය යුතු ගණනක් ඉන්නව. ඒ අයට කැස්සක් හෝ තෙහෙට්ටුවක් තිබුණෙ නෑ." මේරිලන්ඩ්, බැල්ටිමෝර්, ජෝන් හෝප්ස්කින් සරසවියේ නිර්වින්දනය සහ තීරණාත්මක පිළියම් පිළිබඳ ආශ්‍රේය මහාචාර්ය රොබට් ස්ටීවන්ස් සඳහන් කරයි.
"අප දෙවන වසංගතයකට මුහුණ පාමිනුයි ඉන්නෙ. ඒක ස්නායුමය ආබාධයන් පිළිබඳ එකක්"
සාර්ස්-කෝවිඩ්-2 තලබමනයකින් බල ගැන්වූ සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාව ඇති කරවන වෛරසයක් නොවන බව, වසංගතය ආරම්භයේ පටන් ඉතාමත් ම පැහැදිළි ව දක්නා ලැබුණ අතර, එහි රවටන සුළු, අසාමාන්‍ය මෙන් ම සමහර විට, තැතිගන්වන සුළු ලක්ෂණ ගණනාවක් තිබුණි.
නිදසුනක් වශයෙන්, බාල වයස් සහ වියපත් වූවන් බහුතරය මරා දමන ඉන්ෆ්ලූවෙන්සා ව ඇතුළු බොහෝ වෛරස වසංගතවලට ඉංග්‍රීසි යූ අකුරේ හැඩය ගත් මරණ ප්‍රස්ථාරයක් තිබුණ ද,සාර්ස්-කෝවිඩ්-2 වැළඳුණු ළමයින් තුළින් ප්‍රකට කරන්නේ සාමාන්‍ය රෝග ලක්ෂණ ය. නව කොරෝනා වෙරසය ද, මිනිසාට බලපාන අනුපාතයෙහි වෙනසක් දක්නට ලැබේ. ආසාදනය වූ ස්ත්‍රී පුරුෂයන් ගණන් සමාන වුව ද, ලොවපුරා මෙතෙක් දැඩි සත්කාර ඒකකයන්ට ඇතුළත් කෙරුණ රෝගීන්ගෙන් 70% ක් පිරිමින් ය.
දරුණු ලෙස රෝගියාගේ ඔක්සිජන් මට්ටම පහළ ගිය ද, කෙටි හුස්ම ගැනෙන තෙක් ඒ බවක් දැනෙන්නට නොවීම තවත් අබිරහසකි. අපේ ලේවල ඔක්සිජන් මට්ටම 98%ක් පමණ නිවැරදි ව පෙන්නුම් කෙරෙයි. කවර දෙය වුව ද 85% දක්වා පහත වැටුණහොත්, පුද්ගලයා සිහිසුන් තත්වයට පත්වෙයි. එය නැවත සිහි නොලබන තත්වයක් හෝ මරණය ම ද වියහැකි ය. එහෙත්, ඔක්සිජන් මට්ටම 70%ක් නොව 60%ත් පහළ ගිය ඉතාමත් හොඳ සිහියෙන් මෙන් ම ක්‍රියාශීලී ව සිටි කෝවිඩ්-19 ආසාදිතයන් ගණනාවක් හමු වී ඇත.
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරණ විශාල ප්‍රතිශතයක් රෝගය පතුරුවන්නන් වීමේ රහස එයයි. ගණනය කිරීම් වෙනස් වුව ද, අයිස්ලන්තයෙන් ලැබෙන එක් සමූහ පරීක්ෂා කිරීම් වාර්තාවක් දක්වන්නේ, රෝග ලක්ෂණ කිසිත් පෙන්නුම් නොකළ ද, ජනගහණයෙන් හරියට ම 50% ක් රෝගය පතුරුවන බවයි.
සමහර විට, බරපතළ ලෙස සිත සසල කරවන කරුණ වන්නේ, කෝවිඩ්-19 ආසාදිත වූවන්ගෙන් 80%ක් ඉතාමත් පහසුවෙන් එයින් නිදහස් වීම ය. ශ්වසන අහසුතා ඇති වී, බහුවිධ ඉන‍්ද්‍රිය පද්ධති බිඳ වැටීම් සිදුවීමෙන් වහා දුස්සාධ්‍ය තත්වයට පත්ව, කිහිප දිනෙකින් මිය යන්නේ ඉතා ම සුළු ප්‍රතිශතයකි. සියල්ලන් ම නොවුණත්, මෙයින් බහුතරය වියපත්, හෝ විවිධ සෞඛ්‍ය ගැටළුවලින් පෙළෙමින් සිටියවුන් ය.
ස්ටෙවන්ස් පවසන්නේ, පසුගිය මාස කිහිපය තුළ යමක් ඉගෙනීමට ලැබී තිබේ නම් ඒ, කෝවිඩ්-19 ඉදිරිපත්වන ආකාරයෙන් එකිනෙකට වෙනස් ස්වරූප ඇති එකක් බව ය. "දැනට අප සොයාගෙන තිඛෙන පරිදි, වෛරසය නොයෙකුත් අවයව පද්ධතීන්ට බලපායි. රෝගියා මිය යා හැක්කේ හුදෙක් පෙනහළු දුබල වීමෙන් ම නොවේ. වකුගඩු අක්‍රිය වීම, අක්මාවේ වෙනස්කම් සහ ස්නායුමය ගැටළු මතුවීමෙන් ද එය වියහැකි ය," යයි රොබර්ට් ස්ටෙවන්ස් පවසයි.
"දෙතුන් දිනෙකින් සුවපත් වූ රෝගීන් මට සිටියා. ඒ වගෙ ම, මාස ගණන් රෝහල් ගත ව ඉන්න අයත් ඉන්නව."
පැහැදිළි කළ නොහැකි, එහෙත්, ස්ටෙවන්ස් දැක තිබෙන තවත් මායාවන් තිබේ. "සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන ප්‍රතිකාරක ඖෂධවලට කොවිඩ්-19 රෝගීන්ගේ සංවේදිතාව නැතිව යාම එයින් එකකි. සාමාන්‍යයෙන් අප යොදාගන්නා නිදිකාරක ඔසු 5-10ත් අතර ප්‍රමාණයන්ගෙන් ලබා දීමට සිදුවූ අවස්ථාවන් තිබේ." ඔහු පවසයි.
වෛරස් විද්‍යාඥයන්ට මේ ආක්‍රමණිකයාගේ ජෛවීය සැකැස්ම තේරුම් ගැනීමට වසර ගණන් ගතවනු ඇත. පර්යේෂකයන් වෛරසය සහ එහි ගොදුරු වූවන් පිළිබඳ ව මාස හයක් තිස්සේ සෝදිසි කර බැලූවත්, කිසිදු රෝගයකින් පෙර කිසිදිනෙක දැක නැති වේගයකින් විද්‍යාත්මක අධ්‍යයනයන් ප්‍රකාශයට පත් කළ ද, අපට තවමත් පිළිතුරුවලට වඩා ප්‍රශ්න තිබේ. එකතු කළයුතු නවතම දෙය නම්: වෛරසයෙන් මොළය ආසාදනය වියහැකි ද යන්න පරීක්ෂා කර බැලීමයි.
බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන්නේ, වෛරසයේ ස්නායුමය බලපෑම කෙළින් ම සිදු නොවන්නක් බව ය. ඔවුනට අනුව එය, මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබී යාම හෝ සිරුරෙහි ඇතිවන දැවිලි ස්වභාවයේ අතුරු ඵලයක් ලෙස සිදුවනු ඇති දෙයකි. ෆොරි සහ හෙල්ම් යන දෙදෙනා ම විශ්වාස කරන්නේ, ස්නායුමය බලපෑම ප්ලාස්මා සෛල බෙදී යාමේ මැදිහත් වීමක් බව ය.
මොළයට ඇතුල් වී බලපෑම් කිරීම වෛරසයට ම කළහැකි දෙයක්දැයි පිරික්සා බැලීමට සාක්ෂි එක් රැස් කිරීමට යොමු වී සිටින අනෙක් අය එතරම් නිශ්චිත තීරණයක නැත.
සාර්ස් කෝවිඩ්-2 වෛරසයට මොළයට බාහිර දේ ඇතුල් වීම වළකන රුධිර පටලය විනිවිද යා හැකි බවට ප්‍රකට සාක්ෂි යමක් ඇත් දැයි දෙමසකට පෙර මගෙන් විමසු වේ නම්, මා කියනු ඇත්තේ නොමැති බව ය. එහෙත්, එය ඇත්තෙන් ම වියහැකි බවට පිළිගත හැකි සාක්ෂි අද වනවිට කොතෙකුත් තිබේ යයි ස්ටෙවන්සන්ස් පවසයි.
තමාගේ ම වමනය ගොඩක සිහි නැති ව වැටී සිටිය දී හමු ව තිබුණ සූවිසි වයස් තරුණයකු ගැන ජපාන පර්යේෂක කණ්ඩායමක් වාර්තා කරයි. කඩිනමින් රෝහලට යමින් සිටි ඔහුට ඇති වී තිබුණේ සාමාන්‍ය අපස්මාර තත්වයකි. ඔහුගේ මොළයෙහි එම්.ආර්.අයි. පරීක්ෂණයක ප්‍රතිඵල වාර්තාවෙන් හෙළි ව තිබුණේ, වෛරස නිසා ඇති වියහැකි මොළයේ දැවිල්ල සමග කුඩා සිදුරක් ද හමු වී ඇති අතර, මස්තිෂ්ක තරලයේ සාර්ස්-කෝවිඩ්-2 වෛරසය ද තිබී ඇත. මස්තිෂ්ක තරලයෙහි වෛරස සලකුණු චීනයේ ද 56 හැවිරිදි පිරිමි රෝගියකුගෙන් හමුවී තිඛෙන අතර, ඔහුට ද දරුණු මස්තිෂ්ක ප්‍රදාහය තිබී ඇත. ඉතාලියෙහි කෝවිඩ්-19 රෝගියෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ද මොළයෙහි රුධිර නාලිකා තුළ එන්ඩොතීලියල් සෛල පෙළ ගැසී තිබුණ බව සොයාගෙන තිබේ. ඉතාලිය වැදගත් ම මෙන් ම, සැළකිලිමත් විය යුතු ම රටක් ව තිබිය දී, ප්‍රංශය වැනි සමහර රටවල කෝවිඩ්-19 රෝගීන්ගේ මරණ පරීක්ෂණයන් තහනම් වී හෝ දැඩි ලෙස සීමා කෙරී තිබේ.
සැබවින් ම, සමහර විද්‍යාඥයන් දැන් සැක කරන්නේ, වෛරසය මරණය ඇති කරවන්නේ, ශ්වසන දුෂ්කරතා හෝ පෙනහළු අවහිරතා ඇති කරවීමෙන් නොව, අසිහියෙන් සිටිය දී පවා හුස්ම ගැනීම ක්‍රියාත්මක වීම සහතික කරවන අණ දෙන මධ්‍යස්ථානය වූ මස්තිෂ්ක පද්ධතියට හානි පැමිණවීමෙනි.
සාමාන්‍යයෙන් මොළය ආරක්ෂා වී තිබෙන්නේ,මොළය සහ සුසුම්නාව පුරා පැතිරී තිබෙන කේශනාලිකා තුළ තැන්පත් වූ සුවිශේෂ සෛල තරලයකින් සැදුණ රුධිර පටලයකිනි. වසංගත රෝග බීජ මොළයට ඇතුළු වීම වැළකෙන්නේ එමගිනි. ක්ෂුද්‍ර ජීවීන් සහ වෙනත් විෂකාරක මගින් මොළයට හානි නොවන්නේ එනිසා ය.
සාර්ස් කෝවිඩ් -2 ට එම බාධකය අතරින් යා හැකිනම්, එයින් අදහස් වන්නේ, වෛරසයට මධ්‍ය ස්නායු මණ්ඩලයෙහි මැදට ම යා හැකි බව පමණක් නොව, එය වසර ගණනාවකින් නැවත ආපසු ආ හැකි පරිදි එහි රැඳී සිටින බව යි.
දුර්ලභ වුවත්, මේ පරංගි වැනි හැසිරීම වෛරස සම්බන්ධයෙන් අමුතු දෙයක් නොවේ. හර්පීස් වෛරසය ලෙස පැන නැගෙන පැපොළ වෛරසය නිදසුන් වශයෙන් දැක්විය හැකි ය. සාමාන්‍යයෙන් කොඳුඇට පෙළෙහි ස්නායු සෛල ආසාදනය කරවන එය, වැඩිහිටි වියෙහි දී නැවත හර්පීස් ලෙස මතුවෙයි. ළමා කල පැපොළ රෝගයට ගොදුරුවූවන්ගෙන් 30% ක් පමණ වැඩිහිටි වයසෙහි දී හර්පීස් රෝගයට ගොදුරුවෙයි.
දිගුකාලීන ව ඊට වඩා හානිකර බලපෑම් ඇති කරවන වෛරස වර්ග තිබේ. ඒ අතර ඉතාමත් ම නරක එකක් වන්නේ 1918 දී වසංගතයක් ලෙස පැතිරුණ ඉන්ෆ්ලූවෙන්සා වෛරසයයි. එය මොළයෙහි සහ මධ්‍ය ස්නායු මණ්ඩලයෙහි ඩොපමේන් ස්නායුවලට නැවත සැකසිය නොහැකි තරමේ දරුණු හානියක් කර තිබේ. වෛරසවලින් මොළය ආරක්ෂා කරන ලේ තරලය විනිවිද යා නොහැකි යයි දිගු කලක් තිස්සේ පිළි ගැනුණ ද, එය එසේ නොවන බව අද සමහර විද්‍යාඥයෝ අනුමාන කරති. ලොවපුරා මිලියන පහක් පමණ වූ ජනකායක් නිදිකාරක රෝගය හෙවත් එන්සෙපලයිටිස් ලෙතාර්ජිකා රෝගයෙන් දරුණු ලෙස පීඩාවට පත් ව අමාරුවෙන් ඇවිද යයි.
ඔලිවර් සැක්ස් 1973 දී ඔහුගේ මතකය අවදි කිරීමෙහි සටහන් කර තිබුණේ, "සාමාන්‍ය ජීවිතයේ හැඟීම් දැනීම් පළ නොකළ ඔවුහු හොල්මන් අවතාර සේ ඔහේ වැනෙමින් සිටියහ," යනුවෙනි. එම භ්‍රාන්තියෙන් තැති ගැනුණ ඉතිරිව සිටි රෝගීන් ගැන ඉන් පසුව වසර ගණනාවක් ස්නායු ප්‍රාණවත් කෙරෙන LDOPA ඖෂධය සොයාගෙන පාඩුව පිරිමසා ගැන්මට ඉඩ සැළසෙන තෙක් හෙතෙම සටහන් තබා ගෙන තිබේ. එක්සත් රාජධානියේ ඉන්ෆ්ලූවෙන්සා වසංගතයෙන් පෙළුණ රෝගීන් 1970 දී සහ 80 දී, වෛද්‍ය ප්‍රතිකාර කළයුතු මට්ටමේ ආතතියෙන් පෙළුණ රෝගීන් ගණනාවකට තමා ම ප්‍රතිකාර කළ බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ්හි ස්නායුමය සහ මනෝ රෝග සඳහා වූ ඖෂධ පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් නට් පවසයි. ඒ 1957න් පසු, මුල් ම වතාවට ය.
එය ම, තරමක් වැඩි පරිමාණයකින් නැවත නැවතත් සිදුවීම අපට අත්දැකිය හැකිවනු ඇති බවට අවවාද කරමින් ඔහු පවසන ආකාරයට, දරා ගතහැකි වුව ද ඔවුන්ගේ ආතතිය ඉතාමත් දැඩි වන අතර, එය එසේ වන්නේ, ඒ අයගේ සියළු ආවේගීමය පරිපථ ක්‍රියා විරහිත කර ඇත්නම් ය. "දැඩි සත්කාර ඒකකයෙන් නිදහස් කළ කෝවිඩ්-19 ආසාදිතයන් කවර ආකාරයක හෝ ස්නායුමය හානියක් සිදුවී ඇද්ද යන්න දැකගැනීමට ක්‍රමානුකූල ව, දිගුකාලීන ව, නියාමනය කළයුතු අතර, අවශ්‍ය නම්, ප්‍රතිකාර කළයුතු ය."
රෝග ලක්ෂණ ප්‍රකට කරන්නවුන් වරණාත්මක සෙරටෝනින් නැවත උරාගැනීම වැළැක්වීම වැනි අන්තර් ජාතික පර්යේෂණයන්ට මෙන් ම, විෂාදිය හෝ වෛරසයක් නිසා ප්‍රෝටීන නිෂ්පාදනය අඩුවීම මැන බැලීම වැනි පරීක්ෂණයන්ට යොමු කළයුතු ය. හානිය අවම කර, කාලාන්තරයක් තිස්සේ ඇදෙමින් තිබිය හැකි ගැටළු නිරාකරණය කළ හැක්කේ ඒ අයුරිනි. ඔහු පවසන ආකාරයට මෙය පහසුවෙන් කළහැක්කක් නොවේ. "මට තිඛෙන ගැටළුව එක්සත් රාජධානයේ හැම සෞඛ්‍ය පදනම ම කෝවිඩ් රෝග ලක්ෂණ ගැන පමණක් අවධානය යොමු කිරීම සහ මොළයෙහි නිපදවෙන සෙරටොනිම් ප්‍රමාණය වැනි ස්නායුමය ක්‍රියාකාරිත්වයන් පිළිබඳ ව කිසිවෙකුත් සැළකිල්ලක් නොදැක්වීමයි.
විෂාදිය හෝ වෙනත් මනෝ-ස්නායුමය තත්වයන් වර්ධනය වූ කෝවිඩ්-19 රෝගීන් කණ්ඩායමක් බඳවාගෙන Imperial’s State-of-the-Arts PET ස්කෑනරයක් යොදාගෙන මොළයේ ඉදිමුම සහිත ප්‍රදාහයක් හෝ අන්තර් ස්නායුක පණිවිඩ හුවමාරුවෙහි අසාමාන්‍යතා පිළිබඳ අධ්‍යයනයක් කිරීමට මහාචාර්ය ඩේවිඩ් නට් සැළසුම් කරයි.
උතුරු ඇමරිකාවේ, වොෂින්ටන් දිස්ත්‍රික්කයේ බැල්ටිමෝරයෙහි ස්ටෙවන්ස් ද කෝවිඩ්-19 ආසාදනයෙන් පසුව දැඩි සත්කාර ඒකකයෙන් නිදහස් කරනු ලැබූ ආසාදිතයන් පිළිබඳ දිගුකාලීන අධ්‍යයනයක් කිරීමට සැළසුම් කරයි. එහි දී ද, මොළයේ ස්කෑන් පරීක්ෂණයන් මෙන් ම, ඒ අයගේ චර්යා රටාවන් සහ මතක තබාගත හැකි ප්‍රමාණයන් ආදි ක්‍රියාකාරකම් පිරික්සා බැලෙනු ඇත.
පෙන්සිල්වේනියාවේ, පීටර්ස්බර්ග්වල කොවිඩ්-19 ආසාදනයෙන් පසු ඇතිවන ස්නායු ආබාධ පිළිබඳ ගෝලීය සංසදයේ අධ්‍යයනයන් හරහා පීටර්ස්බර්ග් සරසවියේ ස්නායු පිළිබඳ විශේෂඥයකු වන ෂෙරී චෞ ද, ස්කෑන් පරීක්ෂණ මගින් වසංගතයෙන් ඇතිවන ස්නායු ආබාධ පිළිබඳ සාමූහික අධීක්ෂණයක් සඳහා රටවල් 17ක විද්‍යාඥයින් සම්බන්ධීකරණය කරයි.
වෛරසය ස්නායු පද්ධතියට කරන බලපෑම පෙනහළුවලට කරන බලපෑමට වඩා ඉතා විශාල මෙන් ම, බරපතළ ලෙස හානිකර ද වියහැකි ය. චෞ පවසන ආකාරයට වෛරසය ක්ෂණික ව මෙන් ම තැතිගන්වනසුළු බලපෑම කරන්නේ පෙනහළුවලට ය. එහෙත්, ස්නායු පද්ධතියට කරන බලපෑම ඊට වඩා බෙහෙවින් විශාල මෙන් ම, දිගුකලක් තිස්සේ කෙරෙන එකකි.
කෝවිඩ්-19න් පෙනහළුවලට ඇතිවන ගැටළුවලට වඩා, ස්නායුමය ආබාධ පිළිබඳ ලක්ෂණ සාමාන්‍යයෙන් දැකිය නොහැකි නමුදු, ස්නායුමය හානිවලින් සුවපත් වීම කිසිවිටෙකත් මුළුමනින් ම සිදුවන්නක් නොවේ. එපමණක් නොව, වෙනත් අවයව පද්ධතීන් සමග ගත්විට, ඉතා දිගු කලක් පැවතිය හැකි ය. එ නිසා, සදාකාලික ආබාධිත තත්වයට මෙන් ම මරණයට පත් විමට තිබෙන ඉඩකඩ ද ඉතාමත් වැඩි යයි ඔහු පවසයි.
ස්නායුමය ආබාධ කෙතරම් දරුණු වියහැකි ද යන්න අනෙක් හැම කෙනෙකුට ම වඩා හොඳින් දන්නේ ප්‍රංශයේ හෙල්ම්ස් ය. බීබීසිය සමග සම්මුඛ සාකච්ඡාව පමා කිරීමට ඔහුට අවශ්‍ය විය. ඒ කෝවිඩ්-19 ආසාදනය වී දෙමසකට පෙර රෝහලෙන් පිටව ගිය ඔහුගේ රෝගියෙකු තවදුරටත් වෛරසය නිසා ඇති වූ කායික සහ මානසික වෙහෙසෙන් මෙන් ම, දැඩි විෂාදියෙන් පෙළෙමින් දිවිනසා ගැනීමට යොමුවීමේ අවදානමකට පිළියම් යෙදිය යුතු ව තිබුණ බැවිනි. ඒ එවැනි එක ම රෝගියා නොවේ. එවන් අතවරයන්ට පත් වූ බොහෝ රෝගීන් ඇය දැක තිබුණි.
"ඇය මහා වියවුලකට පත්වෙලයි හිටියෙ. ඇවිදගන්ඩවත් බෑ. උවමනාව තිබුණෙ මැරෙන්ඩමයි. ඒක හරි ම අවාසනාවන්ත තත්වයක්. ඇගෙ වයස අවුරුදු හැටයි. ඒත්, ඈ මට කියල තිබුණ කෝවිඩ් මාව විනාශ කරල තියෙන්නෙ," යයි හෙල්ම් පැවසී ය. එනම්, එය විනාශ කර තිඛෙන්නේ ඇගේ මොළයයි. ඇය තවදුරටත් ජීවිතයෙන් යමක් බලාපොරොත්තු නොවූවා ය.
"එකවර ම මේ හානිය වළක්වන්න ක්‍රමයක් නොදන්න නිසා, මේක හරි ම අමාරු කාරියක්. මොළයට සිදුවන මොන ම හානියක් වුවත් වළක්ව ගන්න කිසිම පිළියමක් අපට නැහැ."
පෙනහළු දුර්වලතා අත්දකින රෝගීන් කෘතිම ශ්වසන යන්ත්‍රයක තැබිය හැකි ය. මුත්‍ර කාන්දුකරණ යන්ත්‍රයකින් වකුගඩු බේරා ගතහැකි ය. කිසියම් වාසනාවකින් ඒ අවයව දෙක ම ආපසු ක්‍රියාත්මක වීමට පටන් ගත්ත ද, මොළයට සම්බන්ධ කළහැකි මුත්‍රපිරිපහදු යන්ත්‍රය වැනි එකක් නැත෴
- Zoe Cormier විසින් බීබීසී යට ලියූ How Covid-19 can damage the brain නම් වාර්තාව ලංකා ඊ නිවුස්හි පළකිරීමට සැකසුවේ,
---------------------------
by (2020-08-11 09:55:09)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි