(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.07, පෙ.ව.6.00) 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ද සහිතව මීලඟ පාර්ලිමේන්තුවේ අති බහුතරයක් වූ ආසන 145 ක් තනිවම ජයගෙන තිබේ. ඔවුන්ගේ සහායක පක්ෂ වූ ඊපීඩීපී, කරුණා අම්මාන්, අතාවුල්ලා ආදීන් සමග එක්ව ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක් වූ 152 හදා ගත හැකිය. සජිත් ප්‍රේමදාසගේ ජාතික ජන බලවේගය දෙවැනි තැනට සමස්ත මන්ත්‍රීධූර 54 ක් ලබාගෙන ඇති අතර, ටීඑන්ඒ සමස්ථ මන්ත්‍රී ධූර 10 ක්ද, ජවිපෙ ජාතික ජන බලවේගය සමස්ථ මන්ත්‍රී ධූර 3 ක්ද ලබාගෙන ඇත. වසර 70 කට අධික කාලයක් ලංකා දේශපාලනයේ පතාක භූමිකාවක් හෙබැවූ එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික්ක මට්ටමින් කිසිදු මන්ත්‍රී ආසනයක් දිනා ගත නොහැකි වූ අතර ලැබුනේ ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධූරයක් පමණි. ගලගොඩඅත්තේ ඥාණසාරට ද අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබූ එක් ආසනය සමග මෙවර පාර්ලිමේන්තුවට යා හැකිය. මීලඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 225 බෙදී යන ආකාරය අවසන් ප්‍රතිඵලය අනුව පහත පරිදිය.
පොදු ජන පෙරමුණ - මුළු ඡන්ද - 68,53,693 - 59.09% යි
දිනූ දිස්ත්‍රික්ක - 18 යි
දිස්ත්‍රික්ක මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 128 යි
ජාතික ලැයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාව - 17 යි
මුළු මන්ත්‍රී සංඛ්‍යාව - 145 යි
සමගි ජන බලවේගය - මුළු ඡන්ද - 27,71,984 - 23.9%
දිනූ දිස්ත්‍රික්ක - 1 යි (ත්‍රිකුණාමලය)
දිස්ත්‍රික්ක මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 47 යි
ජාතික ලැයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාව - 7 යි
මුළු මන්ත්‍රී සංඛ්‍යාව - 54 යි
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ටීඑන්ඒ) - මුළු ඡන්ද - 3,27,168 - 2.82%
දිනූ දිස්ත්‍රික්ක - 3 යි
(මඩලකපුව, වන්නි, යාපනය - මැතිවරණ වලදී වවුනියාව, මන්නාරම, මුලතිව්, පරිපාලන දිස්ත්‍රික්ක 3 වන්නි දිස්ත්‍රික්කය ලෙස හැඳින්වෙන අතර කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය ද යාපනය දිස්ත්‍රික්කයට ඇතුලත්ය)
දිස්ත්‍රික්ක මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 9 යි
ජාතික ලැයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
මුළු මන්ත්‍රී සංඛ්‍යාව - 10 යි
ජාතික ජන බලවේගය - මුළු ඡන්ද - 4,45,958 - 3.84%
දිනූ දිස්ත්‍රික්ක - නැත
දිස්ත්‍රික්ක මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 2 යි
ජාතික ලැයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
මුළු මන්ත්‍රී සංඛ්‍යාව - 3 යි
අහිල ඉලංගෙයි දෙමළ කොන්ග්‍රසය (විග්නේෂ්වරන්)
දිනූ දිස්ත්‍රික්ක නැත.
දිස්ත්‍රික්ක මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි (යාපනය)
ජාතික ලැයිස්තුවෙන් ලැබූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
මුළු මන්ත්‍රී සංඛ්‍යාව - 2 යි
ඊපීඩීපී පක්ෂය (ඩග්ලස් දේවානන්දා) - -ලැබූ මුළු ඡන්ද - 61,464 - 0.53% යි
දිස්ත්‍රික් මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 2 යි
(යාපනය සහ වන්නි 1 බැගින්)
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නැත.
ටීඑම්වීපී (කරුණා අම්මාන්)
දිස්ත්‍රික් මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
(මඩකලපුවෙන්)
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නැත.
සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (බදුර්දීන්)
දිස්ත්‍රික් මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
(දිගාමඩුල්ලෙන්)
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නැත.
ජාතික කොන්ග්‍රසය (අතාවුල්ලා)
දිස්ත්‍රික් මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
(දිගාමඩුල්ලෙන්)
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නැත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (හකීම්)
දිස්ත්‍රික් මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
(මඩකලපුවෙන්)
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නැත.
මුස්ලිම් ජාතික සන්ධානය
දිස්ත්‍රික් මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
(පුත්තලමෙන්)
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
දිස්ත්‍රික්ක මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
(යාපනයෙන්)
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නැත.
තමිල් මක්කල් දේසායි කුට්ටනි
දිස්ත්‍රික්ක මට්ටමින් දිනූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නැත.
එක්සත් ජාතික පක්ෂය -ලැබූ මුළු ඡන්ද - 2,49,435 - 2.15% යි
ජාතික ලැයිස්තුවෙන් පමණක් ලැබූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
දිස්ත්‍රික් මට්ටමින් කිසිදු මන්ත්‍රී ධූරයක් නැත.
අපේ ජන බල පක්ෂය (ඥානසාර) -ලැබූ මුළු ඡන්ද - 67,758 - 0.58% යි
ජාතික ලැයිස්තුවෙන් පමණක් ලැබූ මන්ත්‍රී සංඛ්‍යාව - 1 යි
දිස්ත්‍රික් මට්ටමින් කිසිදු මන්ත්‍රී ධූරයක් නැත.
---------------------------
by (2020-08-07 00:53:10)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි