කීර්ති රත්නායක ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.01, පෙ.ව.7.30) ජනාධිපතිවරණයෙන් පරාජය වූ සජිත්, හඬා වැලපෙමින් ගෝඨා ඉදිරියේ වැඳ වැටුන බව පසුගිය ලිපියෙන් කීවෙමු. ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දෙපා මුල වැඳ වැටුණු ප්‍රථම අවස්ථාව එය නොවේ. මෙහි දැක්වෙන්නේ ප්‍රේමදාසලා රජාපක්ෂලා ඉදිරියේ ප්‍රථම වැඳීම සිදු කළ ආකාරය සහ ඊට හේතු භූත වූ කථා පුවතය.
දිනය 2014 මාර්තු 25, ස්ථානය කොළඹ කුරුඳුවත්තේ පිහිටි පෞද්ගලික බැංකුවකි. වේලාව පස්වරු දෙක පසුවී විනාඩි කිහිපයක් ගෙවී ගොස් තිබිණි. දිනයේ බැංකු කටයුතු නිමා කිරීමට ආසන්න ව තිබීම නිසා බැංකුව තුල කලබලකාරී බවක් දිස් විය. කලබලකාරී පරිසරය තවත් වැඩි කරමින් වේගයෙන් පැමිණි ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් බැංකුවේ දොර අසල නතර විය. ඉන් බැසගත් අව් කන්නඩියක් පැළඳ සිටි කාන්තාවක් යුහුසුළුව කවුන්ටරය වෙත දිව ගියා ය. කළබලකාරී ලෙස බැංකුවට පැමිණි ඇය දුලාංජලී ප්‍රේමදාස හෙවත් සජිත් ප්‍රේමදාසගේ එකම සොයුරිය බව බැංකුවේ සමහරෙක් දැන සිටියහ. දුලාංජලී තම අත වූ මුදල් බැංකු නිළධාරිණියකට දුන්නා ය.
කවුන්ටරයේ සිටි තැනැත්තිය නවක නිලධාරිණියක් වූ අතර තමා ඉදිරියේ සිටින කාන්තාව සජිත්ගේ සොයුරිය බව දැන නොසිටියා ය. ඇයට ලැබුනු මුදල රුපියල් මිලියන 2කි. නවක නිලධාරිණිය ඉතා සියුම් ලෙස මුදල් නෝට්ටු පරීක්ෂා කළා ය . Fake note detector එකෙන් ලැබුන සංඥාවත් සමග බැංකු නිළධාරිණිය හඬ අවධි කළා ය. “මැඩම්, මේ ඔක්කොම ෆේක් නෝට්ස් ”. කලබලයෙන් යුතුව මුදල් රැගෙන ආ කාන්තාවට බැංකු නිළධාරිණිය දැන්වූවා ය.
එසැනින් දුලාංජලී සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකුට කථා කළා ය. කළ යුතු දේ පිළිබඳව ඇයට උපදෙස් ලැබුණි. දුලාංජලී රැගෙන ආ මුදල මිලියන 2 ක් වුවද, පන්දාගේ නෝට්ටු වලින් රැගන ආ නිසා එය හෑන්ඩ් බෑගයේ දැමිය හැකි තරම් කුඩා විය. වහා ක්‍රියාත්මක වූ දුලංජලී බැංකු නිළධාරීන්ට සිතන්නවත් ඉඩක් නොදී මුදල්ද රැගෙන බැංකුවෙන් පලා ගියාය. දුලාංජලීගේ පලායාමත් සමග බැංකුව මහත් කම්පනයකට ලක් විය. මක් නිසාදයත් දුලාංජලී කාලයක් තිස්සේ එම බැංකුවේ මුදල් තැන්පත් කළද, ඇය හිටපු ජනාධිපති දියනියක් වූ නිසා, මුදල් වල ප්‍රමාණය මැන්නා මිස ගුණය මැනීමට ඔවුන් කටයුතු කොට නොතිබුනු බැවිනි.
බැංකුව විසින් මෙම සිද්ධිය රහස් පොලීසිය වෙත පැමිණිලි කළේ තම ගැලවිල්ලට ය. දුලාංජලී නිවෙස වෙත යන විට, හේමා ප්‍රේමදාස, ඇය සහ සජිත් බේරා ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු යොදා තිබුනි. ප්‍රේමදාස පවුලට එවක ජනපති මහින්ද රාජපක්ෂ හමුවීමට එදින වේලාවක් ලැබී තිබුනි. එය සම්බන්ධීකරණය කළේ ටිරාන් අලස් ය.
සජිත් දුලාංජලී පමනක් නොව හේමා ද කඳුලු සලමින් මහින්ද ලඟ වැඳ වැටුනෝය. මහින්ද යනු බ්ලැක්මේල් කලාව වෘත්තියක් ලෙස කරන අයෙකි. විරුද්ධ පක්ෂයෙන් එල්ල වන විරෝධය සමනය කරනු වස් CIDයට කටඋත්තරයක් ලබා දෙන ලෙස මහින්ද කීවේය. තවද, එසේ කළා කියා මයිල් ගහකටවත් හානියක් නැතැයි ද මහින්ද ශපත කෙළේය.
මහින්දගේ වචනය විශ්වාස කළ දුලාංජලී පසුදිනම CID ය වෙත ගියා ය. CID ය ඇයගෙන් පැය 4 කට වඩා ප්‍රශ්න කළේය. දුලාංජලී ලබා දුන් කටඋත්තරය එදිනම මහින්දගේ අතට පත් විය. එහි පිටපතක් CID ය සතුව වත් නැති අතර එකම පිටපත ඇත්තේ කාල්ටන් වලව්වේය.
දුලාංජලීගේ කට උත්තරයේ සඳහන්ව ඇති කරුණු පහත පරිදිය.
රුපියල් පන්දහසේ නෝට්ටු ලැබුනේ හික්කඩුව ආරච්චියේ ක්‍රිෂාන්ත රෝලීන් නැමති ආර්.ප්‍රේමදාස යුගයේ සිටි ඇමැති පුතෙකුගෙන් බව
ක්‍රිෂාන්ත රෝලීන්, යනු සජිත් එංගලන්තයේ සිටි සමයේ ඔහුගේ හොඳම මිතුරා බව
ක්‍රිෂාන්ත රෝලීන් සජිත්ගේ බිස්නස් පාර්ට්නර් බව
සජිත්ගේ දේශපාලන සහ පුන්‍ය ව්‍යාපාර වලට මුදල් ලබා දෙන ප්‍රධානතම පුද්ගලයා ක්‍රිෂාන්ත රෝලීන් බව
දුලාංජලීට ක්‍රිෂාන්ත රෝලීන් සමග කිසිදු ගණුදෙනුවක් නොමැති බව (ඇය ඇඳුම් පිටරට යවන ව්‍යාපාරයක් රෝලින් සමග පවත්වාගෙන ගිය නමුත් ඒ වග වසන් කළාය)
මෙම සිද්ධියෙන් පසුව ක්‍රිෂාන්ත රෝලීන්ගේ නිවස පරික්ෂා කළ අතර එහි තිබී තවත් 5000 ව්‍යාජ නෝට්ටු 2383 ක් සොයා ගෙන තිබුනි. ව්‍යාජ මුදල් ජාවාරම වසර ගණනාවක් තිස්සේ කරනගෙන යන එකක් බව ක්‍රිෂාන්ත රෝලීන් CID යට දුන් කටඋත්තරයේ සඳහන්ය. රුපියල් වලට අමතර විදේශ මුදල් නෝට්ටු ගණනාවක් මුද්‍රණය කරන බවද ඔහු පිළිගෙන තිබුනි. ව්‍යාජ නෝට්ටු වලින් සැකසු කෝටි ගණන් මුදල් විටින් විට සජිත් වෙත දී ඇති බව ද කටඋත්තරයේ සඳහන්ය
2002 කාලයේ සජිත් හම්බන්තොට දේශපාලනය කළේ රත්නවීර පාතාල කණ්ඩායමේ සහායෙනි. රත්නවීර පාතාල කණ්ඩායමේ නිළ අනුග්‍රාහකයා වූයේ සජිත් ප්‍රේමදාසය. ලංකාවේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ නොවූ එකම පාතාල කණ්ඩායම මොවුන්ය. ඔවුන්ට මුදල් ලැබුනේ හොර නෝට්ටු අච්චු ගැසීමෙනි.
එකල හොර සල්ලි අච්චු ගැසීමේ දියුණුම තාක්ෂණය සතුවූයේ මොවුන්ට ය. ලංකාවේ මුල්වරට ඇමෙරිකන් ඩොලර් අච්චු ගැසීම පටන් ගත්තේ මොවුන්ය. මෙම කණ්ඩායමේ සිටි රාහුල රත්නවීර තවමත් ජීවතුන් අතර වෙයි. ඔහු ප්‍රකාශ කරන පරිදි හොර සල්ලි ජාවාරමේ මහ මොළ කරු සජිත් ප්‍රේමදාසය. රතනවීරලාට හොර සල්ලි අච්චු ගසන තාක්ෂණය දුන්නේ ක්‍රිෂාන්ත රෝලීන්ය.
කෙසේ වුවද මහින්ද, ප්‍රේමදාස පවුලට පොරොන්දු වූ පරිදි සජිත් හෝ දුලාංජලී හෝ කිසිවෙකුට හානියක් නොකළේ ය. ඒ දෙදෙනා පමණක් නොව හොර නොට්ටු ගෙදර ගොඩ ගසා තියාගෙන මාට්ටු වූ ක්‍රිෂාන්ත රෝලින්ටද හානියක් නොකෙළේ ය. හොර නෝට්ටු කේස් එක යට ගසන ලෙස සෑම මාධ්‍ය ආයතනයකටම නියෝග දුන්නේය. නමුත් අද වන විට සජිත්ගේ හොර නෝට්ටු කේස් එකේ ලිපි ගොණුව ඇත්තේ නාමල් බාරයේ ය.
ප්‍රේමදාස පවුලේ හොර නෝට්ටු ‘කේස් එක මාට්ටු’ වීමත් සමග සජිත්ගේ දේශපාලන ව්‍යාපෘති සහ පුන්‍ය කටයුතු නතර වුනි. බොර දියේ මාළු බෑ බෝන් අගේන් නම් ක්‍රිස්තියානි නිකාය සජිත් දැලේ දමා ගත්තේ මෙවන් පසුබිමක ය. පසුව සජිත්ගේ දේශපාලන සහ සමාජ සත්කාර වලට ඔවුන් මුදල් දුන්නේය. දුලාංජලී ප්‍රසිද්ධියේ බෝන් අගේන් සරණ ගියා ය. සජිත් අප්රකාශිතව බෝන් අගෙන් සරණ ගියේය.
හිටපු හමුදා බුද්ධි නිලධාරී
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/48
---------------------------
by (2020-08-01 07:01:15)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි