~

කොළඹ ආනන්දයේ ප්‍රාථමික අංශ ප්‍රධානී චමින්ද රන්දෙනිය පට්ට දූෂිතයෙක්..! සියළු තනතුරු වලින් එළවන්න..! -පාසැල් සංවර්ධන සමිතිය ජනාධිපතිට ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.ජූලි.20, ප.ව.11.30) කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධානී චමින්ද රන්දෙනිය නමැත්තාගේ දූෂණ හා අක්‍රමිකතා රාශියක් හෙලිවීම හේතුවෙන් ප්‍රාථමික අංශ ප්‍රධානි තනතුරෙන් ද 2021 පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්ෂන මණ්ඩලයෙන් ද ඇතුළු ඔහු දරන සියළු තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන සමිති විධායක කමිටුවේ දෙමාපියන් නියෝජනය කරන සියළු සාමාජියන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. ඒ ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.  

2020 ජූලි මස 07 වන දින 
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක‍්ෂ මැතිතුමා, 
ජනාධිපති කාර්යාලය, 
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධානී චමින්ද රන්දෙනිය මහතාගේ දූෂණ හා අක්‍රමිකතා හෙලිවීම හේතුවෙන් ප්‍රාථමික අංශ ප්‍රධානි තනතුරෙන් හා  2021 පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්ෂන මණ්ඩලයෙන් ඉවත් කිරීමේ යෝජනාව.

පාසලේ ප්‍රාථමික අංශයේ භාර ආචාර්ය වරයා වශයෙන් කටයුතු කරන චමින්ද රන්දෙනිය මහතා වසර කීපයක සිට නොයෙක් දූෂණ හා අක්‍රමිකතා කටයුතු වලට සම්බන්ධ වී පාසලේ කීර්තිනාමයටත් පරිපාලනයටත් බාහිරව යමින් කටයුතු කරන බව පහත කරුණු මත සනාථ වී ඇත.

1. 2020 වර්ෂයේ පළමු වසරක ඇතුලත් ගත් සිසුන්ගේ දෙමාපියන්ගෙන් එක් අයෙක්ගෙන් රු. 15,000/- සිට රු. 20,000/- මුදලක් (පළමු ශ්‍රේණියේ ඇති පන්ති 6ක දෙමාපියන්ගෙන් ආසන්න වශයෙන් රුපියල් ලක‍්ෂ තිස් එකක මුදලක් ( රු. 3,100,000/- )) නීති විරෝධිව එකතු කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සියළු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් වියදම් කර මුදල් අවභාවිතා කිරීම. මේ සම්බන්ධයෙන්  පාසල් සංවර්ධන සමිති චක්‍ර ලේඛ අංක 2018/26 චක්‍ර ලේඛණයේ අදාල කොටස් සහ පාසල් වල අවිධිමත් ලෙස මුදල් අයකිරිම තහනම් කිරිම චක්‍ර ලේඛණ අංක 2015/05 දරණ චක්‍ර ලේඛණ මේ ඇමණුම් අංක 01 සහ 02 ලෙස අමුණා ඇත.

2. පාසල් සංවර්ධන සමිතියේ සාමාජික ගාස්තු සහ පරිපාලන වියදම් සඳහා මුදල් එකතු කිරීම. අංශ ප්‍රධානාචාර්යවරයාගේ මගින් ගුරුවරු හරහා මුදල් එකතු කිරීම එම අංශයට පැවරෙන අතර පසු ගිය වර්ෂ කීහිපයේම මෙම වගකීම පැහැර හැර ඇති බව පසුගිය වර්තා වලින් සනාත වේ. මේ පිළිබඳ පාසල් සංවර්ධන සමිතියේ කාර්යාලය මගින් යවන ලද විමසීම් වලට මේ දක්වා පිළිතුරු ලැබී නැත. 

3. පාසලේ සිසු දරුවන්, ගුරුවරුන් හා දෙමව්පියන් අතර ප්‍රාථමික අංශ ප්‍රධානියා හා සිසුවෙක්ගේ මවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම නිසා ප්‍රාථමික අංශයේ පිල් බෙදීම් නිර්මාණය වී පරිපාලනය අවුල් වී ඇත. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛන අංක 2012/37 දරණ ගුරුවරුන්ගේ සදාචාරත්මක හැසිරීම පිළිබඳ ආචාර ධර්මපද්ධතිය හා පොදු නීති මාලාව යන චක්‍රලේඛනය අනු අංක 5.1 වගන්තියේ අනු අංක (ඇ), (ඉ), (ඊ), (එ) (ඕ) වගන්ති සියල්ල උල්ලංඝනය කර ඇති බව පෙනී යයි. මෙම චක්‍රලේඛනයේ පිටපතක් ඇමනුම් අංක 03 ලෙස මේ සමග අමුනා ඇත.

4. පසු ගිය වසර කීහිපයේ ප්‍රාථමික අංශයේ නියෝජිතයා ලෙස කටයුතු කරමින් පාසලේ පළමු වසර සිසුන් ඇතුලත් කිරීමේ මණ්ඩලයේ සිටිමින් නොයෙකුත් අක්‍රමිතා සිදුකර අයථා ලෙස මුදල් උපයා අති බව ඔහුගේ වත්කම් පරීක‍්ෂා කිරීමෙන් සොයා ගත හැක. මේ වන විට කොළඹ මරදාන ප්‍රදේශයේ පන්සල පටුමග මාර්ගයේ නිවසක් සහ ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් ඉඩමක්ද මිළදී ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

5. පාසලේ පරිඝණක අංශයේ තොරතුරු තාක‍්ෂණය පිළිබඳ සුදුසුකම් ඇති අය සිටියදී විදුහල්පතිට දේශපාලන බලපෑම් එල්ලකර මොහු එම අංශයේ ප්‍රධානියා ලෙස පත්කර ගෙන ගුරුවරුන්  සමග ආරවුල් ඇති කර ගැනීම නිසා  මෙම අංශයේ සිටි දක‍්ෂ ගුරුවරු වැඩි පිරිසක් ස්ථාන මාරුවීම් ලබා හා විශ්‍රාම ගොස් ඇත. මේ නිසා විශේෂයෙන් උසස් පෙළ අංශයේ තොරතුරු තාක‍්ෂණ විෂය උගන්වන ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් නිර්මානය වී ඇත. 

6. මොහු තාක‍්ෂණික ප්‍රධානියා ලෙස සිටිමින් පාසලේ සිසුන්ගේ දත්ත ඇතුලත් කිරීමට යැයි පවසා රුපියල් ලක‍්ෂ දෙකකට ආසන්න මුදලක් ලබා මේ දක්වා කිසිදු ප්‍රථීඵලයක් පාසල් සංවර්ධන සමිතියට ලැබී නොමැත.

7. පසුගිය වසර 5කට ආසන්න කාලයක් පළමු වසර සිසුන් ඇතුලත් කිරීමේ කමිටුවේ සිටිමින් නොයෙක් දූෂණ හා අක්‍රමිකා වලට සම්බන්ධ වී ඇති බව බොහෝ අවස්ථා වල දෙමාපියන්ගෙන් ලැබුණු පැමිණිලි වලින් අප දැනුවත් කර ඇත. එම නිසා මේ වන විටත් පාසල් සංවර්ධන සමිතියේ දෙමව්පිය නියෝජනය කරන කමිටු සමාජිකයින්ගේ අත්සනින් ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. එම ලිපියේ පිටපතක් මේ සමග ඇමණම් අංක 04 ලෙස අමුණා ඇත.

ඉහත කරුණු වලින් පෙනීයන්නේ පාසල් සංවර්ධන සමිතිය මගින් පාසලේ උන්නතිය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග නිසි ලෙස ඉටු නොකරමින් කටයුතු කරන බැවින් සහ පාසලේ කීර්තිනාමයට හානි වන ආකාරයට දූෂණ සහ අක්‍රමිකතා වල යෙදෙන ප්‍රාථමික අංශ ප්‍රධානි චමින්ද රන්දෙනිය මහතා ප්‍රාථමික අංශ තනතුරෙන් සහ අනෙකුත් සියළු වගකිව යුතු තනතුරු වලින් ඉවත් කරන ලෙස යෝජනා කරමු.

මේ සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිති විධායක කමිටුවේ දෙමාපියන් නියෝජනය කරන සියළු සාමාජියන් මෙම යෝජනාවට අත්සන් තබා ඇතිබව කරුණාවෙන් සලකන්න.

මෙයට  - විශ්වාසි,

පාසල් සංවර්ධන විධායක කමිටු සාමාජිකයන්

පිටපත්
1. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍් ෂ මැතිතුමා, අගමැති කාර්යාලය, කොළඹ 03.
2. ගරු අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මැතිතුමා, අධ්‍යාපන අමාත්‍යාංශය, බත්තරමුල්ල.
3. ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසරුපාය, බත්තරමුල්ල.
4. කේ. ජි. විජේසිරි මහතා, අතිරේක ලේකම්, (පාලන) අධ්‍යාපන අමාත්‍යාංශය, බත්තරමුල්ල.
5. ලේකම්, අධ්‍යාපන සේවා අමාත්‍යාංශය, ඉසරුපාය, බත්තරමුල්ල.
6. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, (විනය හා විමර්ශන), අධ්‍යාපන අමාත්‍යාංශය, බත්තරමුල්ල.
7. කිත්සිරි ලියනගමගේ මැතිතුමා, ජාතික පාසල් අධ්‍යක‍ෂක, අධ්‍යාපන අමාත්‍යාංශය, බත්තරමුල්ල. 
8. විගණන අධිකාරි, (රජයේ විගණන ) අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුුරුපාය, බත්තරමුල්ල.
9. ප්‍රධාන අභ්‍යන්තර විගණක, අභ්‍යන්තර විගණන, අධ්‍යාපන අමාත්‍යාංශය, බත්තරමුල්ල.
10. විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, පොල්දූව හන්දිය, බත්තරමුල්ල.
11. අධ්‍යක‍්ෂ ජනරාල්, අල්ලස් හෝ දූෂණ චොදනා විමර්ශන කොමිෂන් සභාව, කොළඹ 07.
12. අධ්‍යක‍්ෂ ජනරාල්, ජනාධිපති කොමිෂන් සභාව, ජාවත්ත පාර, කොළඹ 05.
13. විධායක සභාපති, ආදි ශිෂ්‍ය සංගමය, ආනන්ද විද්‍යාලය, කොළඹ 10.

---------------------------
by     (2020-07-20 20:32:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links