~

"මට වෙලාවකට හිතෙනවා මෛත්‍රීපාලයා මරළා ඕකගේ මස් කෑල්ලක් කන්න.."

තිලක් දෙමටමල්පිටිය ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.ජූලි.13, ප.ව‍.11.55)  පළමු ධර්මසංගායනාවට හේතු වුයේ කුමක්දැයි කිසිවෙක් විමසන විට ඊට දෙන පොදු පිළිතුරක් තිබේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමු ධර්ම සංගයනාවට හේතු වුයේ සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය යන්න ඒ පොදු සාමාන්‍ය පිලිතුරයි.

එමෙන්ම ප්‍රසන්න රණතුංග මහතා ගේ නම ප්‍රසන්න වුවද, ඔහු ගේ වැඩ දෙස බලන විට ප්‍රසන්න යනු අප්‍රසන්න අයෙක් බව සැබෑය.  ඔහු විසින් මේ දිනවල දේශපාලන වේදිකාවේ පළ කරනු ලබන ප්‍රධානම සටන් පාඨය නම් 'මෛත්‍රිපාලට ගෑවිච්චි එකෙකුටවත් ඡන්දය දෙන්න එපා' යන්නයි.

සැබවින්ම ප්‍රසන්න රණතුංග මේ තරමටම මෛත්‍රිපාල සිරිසේනට පහර දෙන්නේ ඇයිද? යන්න හැමෝටම ප්‍රශ්නයකි.

සමහරු හිතන්නේ 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ හෙයින් ඔහු සමග වෛර බැඳ සිටිනවා කියාය. නමුත් ඇත්ත කතාව මට පසුගිය දිනෙක මේ ආණ්ඩුවේ දේශපාලනඥයෙක් හෙළි කළේය.

"ප්‍රසන්න ඇයි ඔයා ඔච්චර ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අයත් ඒක්කයි, මෛත්‍රිපාල මහත්තයාත් එක්කයි තරහා?" යැයි එම දේශපාලනඥයාගේ මිතුරු දේශපාලනඥයෙක් ප්‍රසන්න රණතුංග ගෙන් විමසා ඇත.

"මට ඔයාලත් එක්ක ප්‍රශ්නයක් නෑ මචං... ඒ වුනාට මට ප්‍රශ්නේ තියෙන්නේ මෛත්‍රිපාලත් එක්ක. මට වෙලාවකට හිතෙනවා ඕකා මරළා ඕකගේ මස් කෑල්ලක් කන්න.." ප්‍රසන්න රණතුංග කියා ඇත.

"ඒ මොකද..? මෛත්‍රිපාල මහත්තයා එච්චරටම ඔයාට කරපු වැරැද්ද මොකද්ද.. 2015 දී පරාජය කරවපු එකද..?"

"නෑ ඒක නෙවෙයි... ඔය මනුස්සයා මමයි මගේ වයිෆ්වයි හිරේ  යවන්න නොකරපු දෙයක් නෑ. හැම උගුලක්ම ඇටෙව්වා.. ඒ නිසා මට ඔය මිනිහගේ මස් වුනත් කන්න පුලුවන්..."

"ඒ වුනාට ඔයා රනිල්ට බනින්නේ නැහැනේ... ඔයාව නඩුවෙන් බේරන්න රනිල් උදව් කරපු හින්දද?" 

"ඔව්.. ඒ මනුස්සයා මට උදව් කළා... නමුත් මේ යකා මොකද්ද කෙරුවේ...?"

"ඇත්තද ඔයා නඩුවෙන් බේරලා දෙන්න කියළා රනිල්ට වැන්දා කියන්නේ...?" එතැනට පැමිණි මන්ත්‍රීවරයෙක් විමසා තිබේ...

"මං විතරක් නෙවෙයි විමල් වීරවංශත් වැන්දනේ රනිල්ට.. එයාගෙයි නෝනාගෙයි පාස්පෝට් දෙක දෙක... අයිඩෙන්ටිටි කාර්ඩ් දෙක දෙක නඩුවෙන් බේරලා දෙන්න කියළා..."

"එතකොට රනිල් හොඳයි.. මෛත්‍රිපාල නරකයි... එහෙමද..?"

"ඔව්.. ඒක හරි... මට ඔය මිනිහව පෙන්නන්න බැහැ. මම මැරෙනකම් ඒ තත්ත්වය මග ඇරෙයි කියලා මං හිතන්නේ නැහැ.."

මම මෙසේ සිතුවෙමි.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තරම් තුට්ටුවට වැටිච්චි ජනාධිපතිවරයෙක් මේ රටේ බිහිව නැත. අනාගතයේදීවත් මෛත්‍රිපාලගේ වාර්තාව කඩන්නට කෙනෙක් බිහි නොවේවායි මම සිතුවෙමි.  මේ රටේ වැඩිපුරම බැනුම් අහපු හා අහන ජනාධිපතිවරයෙක් වේ නම් ඒ් මෛත්‍රිපාලය.

එමෙන්ම මේ රටේ වැඩිපුරම බැණුම් අහන අගමැතිවරයෙක් වේ නම් ඒ රනිල් ය. 

මොවුන් දෙන්නාම මහජනතාවට වහකදුරු වී ඇති චරිත දෙකකි. අනාගතයේ එතැනන තවත් චරිතයක් එක්වෙමින් තිබේ... මම ඒ චරිතය ගැන තවම කිසිවක් නොකියමි. 

තිලක් දෙමටමල්පිටිය

ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/61

---------------------------
by     (2020-07-13 20:54:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links