- චතුර ගලප්පත්ති හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2020.මැයි.24, ප.ව.6.00) ශ්‍රී ලංකාවට අයත් IMU අංක යටතේ ශ්‍රී ලංකා රජයේ දැනුවත්භාවය යටතේ විදෙස් නැව් 35 ක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරතව සිටින බවත් එම මත්ස්‍ය පලදාව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොරව නෙලාගෙන අනතුරුව ශ්‍රී ලංකාව හරහා එම මසුන් ප්‍රති අපනයනය කිරීම සිදුකරන බැවින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට යලිත් යුරෝපා මත්ස්‍ය වෙළඳපොල තුල තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇතැයි දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී සමගි ජන බලවේගයේ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති පවසයි. අද (24) පෙරවරුවේ ඇතුල්කෝට්ටේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ චතුර ගලප්පත්ති,
"ආණ්ඩුව ධීවර කර්මාන්තයේ ජාවාරමක නිරතව සිටිනවා. ඒ පිළිබඳව මීට පෙර විපක්ෂ නායක වරයා මීට පෙර හෙළි කිරීම නිසා රජය තාවකාලිකව එම ජාවාරම නවත්වනු ලැබුවා. නමුත් කොරෝනා උවදුර හමුවේ රජය මෙම වැඩසහන නැවතත් ආරම්භකර තිබෙනවා.
ආණ්ඩුව විදේශීය නැව් 35 කට ලංකාවට අයත් මුහුදේ මත්ස්‍ය පලදාව ගොඩබෑමට අවසර ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව ලියාපදිංචි කරනු ලබන IMU අංක යටතේ මෙම නැව්ද ලියාපදිංචි කර ඇති අතර එම නැව් මගින් නෙලාගන්නා මත්ස්‍ය පලදාව ශ්‍රී ලංකාව ඔස්සේ ප්‍රති අපනයනය කිරීම සිදුකරනවා.
එම නැව් 35 සඳහා ජාත්‍යන්තර මුහුදු තීරයේ පමණක් නොව මෙරට මුහුදු තීරයේ පවා ධීවර කටයුතුවල නිරතවීමට අවස්ථාව ලබාදී ඇති බැවින් අපේ දේශීය ධීවර කර්මාන්තයට විශාල පහරක් වදිනවා. අහිංසක දේශීය ධීවරයන්ට ඉතා නරක අන්දමින් මෙය බලපානවා.
මේ හේතුවෙන් පසුගිය එක්සත් ජාතික පෙරමුණු රජය විසින් යුරෝපීය මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරවා ගනිමින් මෙරට ධීවර ක්ෂේත්‍රයට දිනාදුන් වාසිය යලි අහිමි වීමට ඉඩ තිබෙනවා. මෙසේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර මත්ස්‍ය අස්වැන්න , දේශීය ධීවර ජනතාව විසින් ජාත්‍යන්තර ප්‍රමිතිය සහිතව නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සමඟ මිශ්‍රකර ඔවුන් විසින් ප්‍රති අපනයනනය කරනවා. මේ නිසා මෙරට ධීවර ජනතාවට නියමිත මිලක් නොලැබී සොච්චම් මුදලක් පමණක් ලැබෙනවා.
ශ්‍රී ලංකාව තුල බහුදින ධීවර යාත්‍රා 6000 ක් පමණ තිබෙනවා. එයින් නිර්මාණය වන ඍජු රැකියා ප්‍රමාණය ලක්ෂ 2 ක් පමණ වන අතර වක්‍ර රැකියා ප්‍රමාණයද සැලකිල්ලට ගනු ලැබු විට ලක්ෂ 20 ක් පමණ වනවා. ඒ අනුව මිලියන දෙකක ජනතාවකගේ රැකියා සම්බන්ධව තැකීමකින් තොරව රජය මෙම ජාවාරම් කරුවන්ට අවස්ථාව ලබාදී තියෙනවා. ධීවර ජනතාවගෙන් බහුතරය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය සඳහා සහය දක්වනු ලැබූ අතර අද එම ජනතාවට කරකියාගත නොහැකි තත්වයක වැටී තියෙනවා.
අද වනවිට දික්ඕවිට වරායට මෙම මත්ස්‍ය අස්වැන්න ගොඩ ගසා ප්‍රති අපනයනය කරනවා. මේ නිසා යුරෝපිය මත්ස්‍ය තහනම යලි ශ්‍රී ලංකාවට දැමුවහොත් නැවතත් එම තහනම ඉවත් කරගැනීමට නොහැකි විය හැකියි. මෙම තත්වය මඟහරවා ගැනීමට ක්‍රියා නොකළහොත් එම ඉදිරියට තවත් උග්‍ර විය හැකියි.
අනෙක් අතට ලංකාවට ලැබීමට නියමිත විදේශ විනිමය මේ නිසා හොර පාරෙන් වෙනත් රට වලට ඇදී යනවා. ඉදිරියේදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම නැව් 35 තුලින් රටට අහිමිවූ විදේශ විනිමය පිළිබඳව මාධ්‍යට හෙළිකිරීමට මා බලාපොරොත්තු වෙනවා.
මෙසේ දැනට නැව් 35 කින් කරගෙන යන මෙම ජාවාරම නැව් 100 දක්වා වැඩිකර ගැනීමට කුප්‍රකට පුද්ගලයෙක් දැනටමත් ආණ්ඩුව සමඟ කටයුතු කරගෙන යන බවත් අපි දන්නවා ඒ විස්තරත් ලඟදීම හෙළිදරව් කරනවා." යි චතුර ගලප්පත්ති වැඩි දුරටත් පැවසුවේ ය.
---------------------------
by (2020-05-24 12:45:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි