~

බීජිං කොරෝනා වෛයිරස් ක්‍රියාදාමය විවේචනය කළ 58 හැවිරිදි චීන තානාපති ඊශ්‍රායලයේදී ඇඳේම මිය යෑම අභිරහසක්..!

ද සන් පුවත් පතේ වාර්තාවක සිංහල පරිවර්තනය

(ලංකා ඊ නිව්ස් -2020.මැයි.18, ප.ව.6.00) ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා ඉරිදා (17) ටෙල් අවිව් නගරාසන්නයේ පිහිටි ඔහුගේ නිවසේ දී මිය ගොස් ඇති බව ඊශ්‍රායල පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

58 හැවිරිදි 'ඩූ වෙයි' පෙබරවාරි මාසයේ දී ඊශ්‍රායලයේ තානාපති ධුරයට පත් වූ අතර, ඊට පෙර තම රට විසින් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හසුරුවනු ලබන ආකාරය දැඩිව විවේචනයට ලක් කළේය.

“විධිමත් ක්‍රියා පටිපාටියේ කොටසක් ලෙස පොලිස් ඒකක එම ස්ථානයේ සිටිනවා,” යැයි ඊශ්‍රායල පොලිස් ප්‍රකාශකයා පැවසූ අතර පරීක්ෂණයක් අඛණ්ඩව සිදු වන බව ද කීය.

'ඩූ වෙයි' විවාහ වී පුතෙකු සිටිය ද ඉරිදා ඔහු මිය යන විට දෙදෙනාම රට තුළ සිටියේ නැත. ඔහු මීට පෙර 2016 සිට 2019 දක්වා යුක්රේනයේ තානාපති ලෙස කටයුතු කර ඇත.

ඊශ්‍රායෙල විදේශ අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල් යුවල් රොටෙම් ඊශ්‍රායලයේ චීන නියෝජ්‍ය තානාපති ඩායි යූමිං වෙත තානාපතිවරයාගේ අභාවය පිළිබඳව සිය ශෝකය ප්‍රකාශ කළේය.

ඔහුගේ මරණය සිදු වන්නේ ඊශ්‍රායල සංචාරයක දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කළ ප්‍රකාශය ඔහු විසින් හෙළා දකිනු ලැබ දින දෙකකට පසුවය. පොම්පියෝ ඊශ්‍රායලයේ චීන ආයෝජන හෙළා දුටු අතර කොරෝනා වයිරස් පැතිරීම පිළිබඳ තොරතුරු චීනය විසින් සඟවන ලද බවට චෝදනා කළේය.

නමුත් 'ඩූ වෙයි' Haaretz (ඊශ්‍රායෙල් ප්‍රවෘත්ති ඒජන්ංසිය) සමග පැවසුවේ, “චීනය නීතිගරුක, වගකිවයුතු රටක් වන අතර එය විශ්වාස කළ යුතුය,” යනුවෙනි.

“කොරෝනා වෛරසයට එරෙහි චීනයේ සටන සම්බන්ධයෙන් විවිධ දේ කියා තිබෙනවා. මුල දී, සමහරු අවමන් සහගතව දුෂ්ට අන්දමින් බලා සිටියා. ලොව පුරා මෙම රෝගය පැතිර ගිය විට චීනය සමාව ගත යුතු යැයි කියූ අයත් සිටියා. ඔවුන් සොයමින් හිටියේ බිල්ලක්”.

"ඉතිහාසය පුරාම, ඇතැම් කණ්ඩායම්වලට වසංගත පැතිර  වූ බවට බොහෝ වර චෝදනා එල්ල වී තිබෙනවා. ඒවා පහත්, ඒවා හෙළා දැකිය යුතුයි. මෙම රෝගය මුළු මිනිස් සංහතියේම සතුරා වන නිසා ලෝකය එයට එරෙහිව සටන් කළ යුතුයි.”

අක්ත පත්‍ර අරන් නෑ..

ගෝලීය වසංගතයක් මධ්‍යයේ සිය නව භූමිකාව භාර ගත් 'ඩූ වෙයි'ට දින 14ක් නිරෝධායනය වීමට සිදු විය.

මාර්තු මාසය වන තෙක් ඔහුට ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික අක්තපත්‍ර නොලැබුණු අතර, පටිපාටිය බිඳ දමමින් ඒවා ලබා ගැනීම සඳහා ඔහු ඊශ්‍රායල ජනාධිපතිවරයා හමු වී නැත.

හඳුනා නොගත්, හදිසි වෛද්‍ය නිලධාරීන් උපුටා දක්වමින් ඊශ්‍රායලයේ Channel 12 TV පැවසුවේ, නින්දේ දී 'ඩූ වෙයි' මිය ගොස් ඇත්තේ ස්වාභාවික හේතූන් නිසා බවය ෴

-2020 මැයි17 වන දින, Tariq Tahir විසින් පළ කළ DEATH RIDDLE Chinese ambassador, 58, who hit out at coronavirus criticism of Beijing mysteriously found dead in his bed in Israel යන The Sun වාර්තාව සිංහලට නැගුවේ, 

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2020-05-18 12:39:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links