Der Spiegel ජර්මානු පුවත්පත හෙළිකළ වාර්තාව ගැන ලියන්නේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2020.මැයි.13, පෙ.ව.5.50) කොරෝනා රෝගය හැසිරවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විවේචනයට ලක්ව ඇති අතර සමහරු එයට “චීනයේ ප්‍රචාරක ගිරවා” යැයි චෝදනා කරති. විශේෂයෙන්ම, රෝග ව්‍යාප්තිය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීමට වැඩි කාලයක් ගැනීම සහ වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය නොහැකිය යන බීජිංහි මුල් ප්‍රකාශ ප්‍රතිරාවය කිරීම සම්බන්ධයෙන් WHO සංවිධානය දෝෂාරෝපණයට ලක්ව ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ නමුත් ආන්දෝලනාත්මක වාර්තාවකින් දැන් කියැවෙන්නේ චීන ජනාධිපති ෂී ජින්පිං පුද්ගලිකවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා දුරකථයෙන් අමතා එසේ කරන ලෙස ඉල්ලා සිටි බවයි. ෂී සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අතර කතාබහ ජනවාරි 21 වන දින සිදු වූ බව Der Spiegel (ජර්මානු පුවත්පත) ප්‍රකාශ කරයි.
මිනිසාගෙන්-මිනිසාට සම්ප්‍රේෂණය වීමේ තොරතුරු පිළිබඳව කිසිවක් නොකොට වසංගත අනතුරු ඇඟවීම ප්‍රමාද කරන ලෙස චීන නායකයා ගෙබ්‍රෙයිසස්ගෙන් ඉල්ලා සිටි බව ජර්මනියේ BND බුද්ධි සේවයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉහත කී වාර්තාව සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 11 වන දා වන තෙක් කොරෝනා වයිරසය 'ගෝලීය වසංගතයක්' ලෙස වර්ගීකරණය කළේ නැත. ඒ වන විට තහවුරු වූ රෝගීන් 120,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 4,400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබිණ.
වසංගතයට එරෙහි සටනේ දී චීනයේ තොරතුරු ප්‍රතිපත්තිය නිසා ලෝකයට වැදගත් සති හතරක් හෝ හයක් අතර කාලයක් නාස්ති වූ බව BND විසින් ඇස්තමේන්තු කර ඇතැයි Der Spiegel පැවසීය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය අද කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් දක්වමින් එම වාර්තා “පදනම් විරහිත හා අසත්‍ය” යයි හංවඩු ගැසීය.
නිවේදනයක් නිකුත් කරමින් සංවිධානය මෙසේ කියා ඇත: “වෛද්‍ය ටෙඩ්‍රොස් සහ ජනාධිපති ෂී ජනවාරි 21 දා කතා නොකළ අතර ඔවුන් කිසි විටෙකත් දුරකථනයෙන් කතා කර නැත. මෙවැනි සාවද්‍ය වාර්තා මගින් Covid-19 වසංගතය අවසන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝකය දරන උත්සාහය වෙනතකට යොමු කරනවා." යි හෙළා දැක ඇත.
නිවේදනයේ මෙසේ ද සඳහන් වේ: “චීනය ජනවාරි 20 වන දින [කළේ යයි කියන දුරකථන සංවාදයට පෙර] නවතම කොරෝනා වෛරසය මිනිසාගෙන්-මිනිසාට සම්ප්‍රේෂණය වන බව තහවුරු කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි 22 වන දින ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ‘එක්රැස් කළ දත්ත ... පෙන්වා දෙන්නේ මිනිසාගෙන්-මිනිසාට රෝගය බෝ වීමක් වුහාන්හි සිදුවන බවයි’.”
රෝග ව්‍යාප්තියේ මුල් දිනවල සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවිධානයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රැවටීමට හසු වූ බවට බොහෝ දෙනෙක් එම සංවිධානයට චෝදනා කරති. ජනවාරි අවසානයේ ජනාධිපති ෂී ජින්පිං හමුවීමට ගෙබ්‍රෙයිසස් පැමිණෙන තෙක්ම එම සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥයන්ට වෛරසයෙන් පහර කෑ චීනයට ප්‍රවේශ වීමට ඉඩ නොලැබුණි.
වුහාන්හි පැතිරීම වසන් කිරීමට චීනය උත්සාහ කළ බවට කතන්දර මතු වූ පසුවත්, ජනාධිපති ෂී ජින්පිංගේ රටෙහි “විනිවිදභාවය” ගැන ගෙබ්‍රෙයිසස් ප්‍රශංසා කළේය. ඔහු ජනවාරි 28 වන දින නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේය: “චීනය මෙම රෝග ව්‍යාප්තිය බරපතල ලෙස සැලකීම අපි අගය කරමු.”
චීනයෙන් පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රවේශය ප්‍රතික්ෂේප කර “භීතිය හා අපකීර්තිය”ඇති කරන්නේ යයි කියමින් එක්සත් ජනපදය ඇතුළු රටවලට ඔහු ඉන් පසු තදින් පහර දුන්නේය. “ජාත්‍යන්තර සංචාරය හා වෙළඳාමට අනවශ්‍ය ලෙස බාධා පමුණුවන ක්‍රියාමාර්ග සඳහා කිසිදු හේතුවක් නොමැති” බව ගෙබ්‍රෙයිසස් පැවසීය.
අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනයට ලක් කළ අය අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද පසුගිය මාසයේ දී සංවිධානය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක අරමුදල් අත්හිටුවා ඇත. එක්සත් ජනපද ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය සිය මූලික රාජකාරිය පැහැර හැර ඇති අතර වසංගතය සම්බන්ධයෙන් චීනයේ “වැරදි තොරතුරු” ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.
-2020 මැයි 10 දින, Tom Michael විසින් ලියා The Sun වෙබ් අඩවියේ පළ කළ WHO KNOWS? China president Xi Jinping ‘personally asked World Health Organisation to hold back coronavirus details & delay warning’ යන ප්‍රවෘත්තිය සිංහලට නැගුවේ,
---------------------------
by (2020-05-13 00:26:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි