භණ්ඩුක උපාසක ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.මැයි.06, පෙ.ව.5.45) එංගලන්තයේ සිට ඊයේ (04) ලංකාවට පැමිණි පිරිසක් කටුනායක ගුවන් තොටුපොලේදී කලහකාරී ලෙස හැසිරුණ බව "කොටුවේ පොඩි හාමුදුරුවො" නමින් ප්‍රකට හිමි නම පවසනවා දැක්කා. ඒ නිසා ඊයේ(04) රාත්‍රී ප්රවෘත්ති බැළුවත් එහෙම නිවුස් එකක් සොයාගන්න බැරි උනා. ඒ කොහොම උනත් මේ වන විටත් එම වීඩියෝව ලක්ෂයකට අධික පිරිසක් නරඹා, දහසකට අධික කමෙන්ට් ප්‍රමාණයක් තිබුණා. ඒ කමෙන්ට් වල 98% ක් ම තිබුනේ "නියම කතාව, ඇත්ත කථාව, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ" වගේ කමෙන්ට්. ඇමති පුතෙක් මෙහෙම පිස්සු නැටූ බව කියන ඒ කෙලින් කතාව කියන හිමි නම, කවුද ඇමති කියලා නොකියන්නේ "මොකක් කෙලින්" නිසාද කියලා මට නම් හිතා ගන්න බෑ.
වීඩියෝව පටන් ගන්නෙම "එංගලන්තෙ ගිහින් පාට් ටයිම් කරලා ජීවත් වෙන හැත්තක් ඉන්නවනේ" කියන වචන වලින්, ඒ වගේම වීඩියෝව තුළින් "ජනපති පියෙක් වගේ, හැමෝටම නීතිය සමානව ක්‍රියාත්මක කරනවා" වගේ පොඩි කඩේ යන කෑලි ටිකකුත් දානවා. නීතිය නියම ලෙස ක්‍රියාත්මක කරනවා නම් මේ "කොටුවේ පොඩි නම" ඉන්න ඕනැත් කූඩුවේ. නියම ලෙස ආගම පිළිපදින ධර්මධර, විනයධර භික්ශූන්ගේ නිහඬ බවත්, මහනායක, අනුනායක ඇතුළු ආයතන වල පවතින සෝමාරි බවත්, දේශපාලනය සහ මීඩියා වලට කඩේ යන්නන්ට ලැබෙන ඉඩත් විසින් අද වන විට අපේ රටේ හාමුදුරුවරු ලෙස ජනතාව අඳුර ගෙන ඉන්නේ මේ වගේ තක්කඩි ඩයල් ටිකක් තමයි.
තෙරුවන් සරණයි කියලා සුභ පතපු අයට දැන ගන්න, මෙයාගේ පැටිකිරිය පොඩ්ඩක් කියන්න ඕන. දැන් මේ වහන්සේ කියනවනේ "එංගලන්තේ පාට් ටයිම්, කරන, සුද්දගේ පස්ස හෝදන පර හැත්ත" කියලා. අද එහෙම සිද්ධියක් උනාද නොදන්න නිසා ඒ ගැන කියන්නේ නැහැ. හැබැයි මෙයා මේ දවස් වල ප්‍රංශෙට ආවේ කාගේ පස්ස සෝදන්නද එතකොට? ඔය ධර්මප්‍රචාරයට කියලා. මේ ප්‍රකාශය කරනකොටත් එයා ඉන්නෙ ප්‍රංශයේ ලා බුර්ජේ ප්‍රදේශයේ පරවාහැර චන්ද්‍රරතන කියන තවත් ගණින්නාන්සෙ කෙනෙකුගේ පන්සලක. ඒවා පන්සලුත් නෙවේ. බෞද්ධ මධ්යස්ථානයැයි කියලා ප්‍රංශයේ ආණ්ඩුව අන්දලා අටවා ගත්ත කෙමනවල්. මේ කාලෙට යුරෝපයට වගේ, චීන අවුරුදු කාලෙට, චීන්නු, වියට්නාම් අය ඉන්න රටවලට ඔය හාමුදුරුවරු සෙට් එකක් හැම අවුරුද්දෙම යනවා. ඒ ගිහින් මේ කාලෙ ඒ ගෙවල් වලට ගිහින්, පිරිත් ටිකක් කියලා ගානක් හම්බ කරගන්නවා. ඒකට තමයි ධර්ම ප්‍රචාරය කියන්නේ. කීයක් හරි හම්බ කරගෙන, ඒකෙනුත් කීයක් හරි ලංකාවට ගෙනිහින්, තමන්ගේ සුඛ විහරනයට සහ ඔය පොඩි සමාජ සුභසාධන වැඩකට යොදවන එක ගැන අපේ කිසි තරහක් නැහැ. හැබැයි, තමන් වසරකට වරක් ප්‍රංශෙ, චීන, වියට්නාම් අවුරුදු වලට "උන්ගේ පුක සෝදන ගමන්", පොදුවේ එංගලන්තෙ හෝ යුරෝපේ හෝ වෙන කොහෝ හෝ ඉන්න මිනිස්සු "සුද්දගේ පුක සෝදනවා" කියන එක නම් පට්ට අවුල්. මේ ටෝක් දෙන්නේ එහෙම ප්‍රංශෙට ඇවිත් කොරෝනා නිසා ආපහු යාගන්න බැරි වෙලා ඉන්න ගමන්, හිතටත් වේදනාවක් ඇති, මේ ට්‍රිප් එකේ හිතාපු තරම් ගානක් හම්බ කරගන්න නොලැබුනාට. අපට ආරංචියි හෙට අනිද්දට ගානක් කපා ගන්න වැඩක් ප්‍රශෙ ඉන්න ලංකාවේ මෝඩයෝ ලෑස්ති කරනවයි කියලාත්. එහෙම නැතුව, මේ යුරෝපෙට ඇවිත් මෙයා කියන බණ ඇහුවොත් සුද්දො කවදාවත් බුද්ධාගම පැත්ත බලන්නේ නැහැ. උන් හිතයි බුද්ධාගම කියන්නේ "කාම සූත්‍රය" වගේ එකක් කියලා. එහෙම විදේශිකයන්ට බණ කියන්න, තියා නම ගම කියන්නවත් වාචාලා භාශාව හැර විදෙස් භාෂාවක් බැහැ. කාට හරි එහෙම එහෙම විදෙස් රටවල ධර්මප්‍රචාරය කරපු හාමුදුරුවරු ගැන සොයන්න උවමනා නම් සොයලා බලන්න, යූ ටියුබ් එකේ "කිරින්දේ ධම්මානන්ද" වගේ ස්වාමීන් වහන්සේලාගේ කතා. ඉතා පැහැදිලි, නිරවුල් දැනුමක් වගේම ඉංග්‍රීසි භාෂාවේ මනා හැසිරවීම, ඉතාම සිත් ගන්නා සුළුයි.
මෙයා කොහොමද "කොටුවේ පොඩි හාමුදුරුවො" උනේ කියලා හෙවුව නම්, මෙයා කාගේ පස්සද සෝදන්නේ කියලා තේරෙනෙවා. 2005-6 විතර ඉන්න පන්සලේ අනෙක් ස්වාමින් වහන්සේලා සහ ගමේ දායකයන් සමග ඉන්න බැරුව ගැටුම් හදා ගෙන පන්සලෙන් එලවන වෙන මුන් වහන්සේ, ආතක් පාතක් නැතුව කොළඹට පාත් වෙනවා. ඉන් පස්සේ සිවුර නිසා, කොටුවේ පන්සලේ (සම්බුද්ධාලෝක විහාරයේ) තාවකාලිකව ඉන්න අවසරය කොහොම හරි කන් කෙඳිරි ගාලා ඉල්ලා ගන්නවා. ඔය අතරේ බිස්නස් වලට බහින මුන් වහන්සේ, කොටුවෙ රෑ කඩ කිහිපයක් රන් කරනවා. ඒ ගමන් "දිළුම් අමුනුගම" මන්ත්‍රීවරයා තමන්ගේ බොක්කෙ ෆිට් එකක් බව කියමින් යම් යම් දේවල් කර දෙන බවට පවසමින් කිහිප දෙනෙක්ගෙන් ගානක් කපා ගන්න වැඩකුත් කරනවා. කොටුවේ කරක් ගහන ගමන්, නාරි මාංශ පස්සෙ යන්න සෙට් වෙනවා. ඒ නිසා තමයි තාම උනත් බනට කියලා කියන්නේ, ගෑනුන්ගේ කර පලල් ඒවා, ඒවා අස්සෙන් පේන ඒවා, සාය පලන ඒවා, ගවුම් අස්සෙන් දාර පේන ඒවා. මොකද ගෑනියෙක් දැක්ක ගමන් ඉවසන්න බෑ නලියනවා. ගැනු මනුසයෙක් දැක්කොත් කටත් ඇරන් බලන්නේ මූන නෙවෙයි, හැට්ට කර අස්සෙයි, පලපු සායවල් අස්සෙයි. මෙහෙම කොටුවේ බජාර් එකේ කරක් ගහන් ඉන්න ගමන්, කැසට් කාරයෙක් අල්ලන් කැසට් ටිකක් ගහනවා. හිතුවට වඩා වැඩේ නැගලා යනවා. ඒකට පාවිච්චි කරන්නේ, අර ඉන්න තැනක් නැතුවට ඉන්න දුන්න පන්සලේ නම "කොටුවේ පොඩි හාමුදුරුවෝ". කැසට් නිසා ජනප්‍රිය වෙන කොට සල්ලි සොයන තව ක්‍රම සොයන ලේසි චාන්ස් පාත් වෙනවා. සල්ලි බාගෙ තියෙන දායකයො සෙට් වෙනවා. ඔය අතරේ අර තමන් හිටපු පන්සලේ ලෙටර් හෙඩ් එක පාවිච්චි කරගෙන, කොටුවෙ පන්සලේ මේ මේ වැඩ වලට ආධාර පිණිස කියල මුළු කොටුව සහ ඒ අවට තියෙන ව්‍යාපාරික ස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල බෞද්ධ සමිති වලින් ආධාර එකතු කරන්න පටන් ගන්නවා. පස්සේ අදාල පන්සලේ නායක හාමුදුරුවන්ට මේක අහම්බෙන් ආරංචි වෙනවා. ඒ එක බැංකුවක බෞද්ධ සමිතියකින්, පන්සලේ නායක හාමුදුරුවන්ගෙන්, ආධාර ලබා දුන් කටයුත්තක ප්‍රගතිය අහපු වෙලාවක. එහෙම වැඩක් ගැන නායක හාමුදුරුවො දැන් ගන්නෙ ඉන් පස්සේ. කොටුවෙ පන්සලේ වීසා එක කැන්සල් වෙලා කොටුවෙන් එලියට විසි වෙන්නේ ඊට පස්සේ. නමුත් ඒ වෙන කොට පන්සලේ නම විකුණලා ලක්ෂ ගානක් හම්බකරගෙන ඉවරයි.
මේ එහෙම කරන් ඉන්න අය තමයි, "එක රටක්-එක නීතියක්" කතා කරන්නේ. එක නීතියක් තිබ්බ නම් අද කූරු ගැන ගැන ඉන්න ඕන පොරවල් මේ. කොහොම උනත් සිවුර කියන්නේ අද ලංකාවේ ඕන හොරෙක්ට, තක්කඩියෙක්ට, ස්ත්‍රී දූෂකයෙක්ට, හැංගි මුත්තන් කෙළින්න හොඳම නවාතැන. මේ තහවුරු වෙමින් තියෙන්නේ ඒක. ඇත්තටම මෙයාලට නෙමෙයි දොස් කියන්න ඕන. මේ වගේ අලුගුත්තේරුවන්ගෙන් බණ යි කියලා වාචාල කතා අහන් කනත්තට යන්න ඉන්න උන්දැල නිවං යන්න දඟලන දැඟලිල්ලට...!
---------------------------
by (2020-05-06 00:26:39)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි