~

වැටුප් එපා; ආණ්ඩුව පෙරලන්නේ නෑ; වගකීමෙන් සහාය දෙනවා; පාර්ලිමේන්තුව කැඳවන්න..! ජවිපෙ හැර පක්ෂ නායකයෝ ඉල්ලති..! ගෝඨා අගවිනිසුරු නීතිපති කැඳවයි..!

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.27, ප.ව.9.45) වසංගත තත්ත්වය ඉහල යෑමත් සමග ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිතව තිබෙන බැවින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවන්නේ නැතිනම් ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය ප්‍රකාරව පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසත් එසේ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට සහයෝගය දෙන බවත්, ආණ්ඩුව පරාජය කිරීමට උත්සාහ නොකරන බවත්, එම කාලයේ දී වැටුප් අනවශ්‍ය බවත් පැවැති පාර්ලිමේන්තුවේ ජවිපෙ හැර පක්ෂ නායකයන් සියළුම දෙනාගේ අත්සනින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. ‘වගකීමෙන් සහයෝගය දීමේ’ මෙකී යෝජනාව ඉදිරිපත් කරන්නේ අවංක චේතනාවෙන් යයි පවසන ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා ඇත්තේ රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බද්යුර්දීන් සහ රාවුෆ් හකීම් යන පක්ෂ නායකයන් ය. එකී නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය හෙට දිනයේ තමා හමුවන්නැයි කියා අගවිනිසුරුට සහ නීතිපතිවරයාට අද දැනුම් දී ඇතැයිද, අගවිනිසුරුවරයා ජනාධිපතිවරයා හමුවීමට නොයනු ඇතැයිද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.  

---------------------------
by     (2020-04-27 16:40:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links