සුන්දරා හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.26, ප.ව.3.45) කොරොනාව නිසා ජල මනු කියවීම සහ බිල්පත් නිකුත් කිරීම අත්හිටුවා මාස දෙකකට පසුව ජල බිල්පත් නිකුත් කිරීම ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් ආරම්භ කළ නමුත් එමගින් නිකුත් කළ බිල්පත් වලින් පාරිභෝගිකයන් කබලෙන් ලිපට ඇද දමා තිබේ.
දින 62 ක කාලයකට එනම් මාස දෙකක කාලයකට පසුව ලබා ගන්නා ජල මනු කියැවීම මත පදනම්ව එක් මාසයක් සඳහා ඉතා අඩු ඒකක ගණනක් ද , අනෙක් මාසය සඳහා ඉතා වැඩි ඒකක ගණනක් ද ඇතුලත් කරමින් බහුබූත විදුලි බිල්පත් දෙකක් නිකුත් කරමින් සිටී.
කොරොනා උවදුරට අනුව සෞඛ්‍ය උපදෙස් පිලිපැදීම හේතුවෙන් ජල පරිභෝජනය ඉහල යෑම අනිවාර්ය වන බැවින් යම් සහනයක් ජනතාවට සැලසීම වෙනුවට කල දුටු කළ වළ ඉහ ගැනීමේ කළුකඩ න්‍යාය අනුව ජල සම්පාදන මණ්ඩලය තම ආදායම වැඩි කර ගැනීමට කූඨ ලෙස කටයුතු කිරීම අතිශය නින්දා සහගතය. සාපකාරී ය.
ඒ අනුව වැඩිවන ජල පරිභෝජනය එක් මාසයකට ගොනුකොට ගණන් බැලීම හරහා ඉහල ඒකක සඳහා අයකරන වැඩි ඒකක ගාස්තුව සමග දෙවන බිලට අය කිරීම විශාල ලෙස වැඩි කර ගැනීමට ජලසම්පාදන මණ්ඩලය නීච අන්දමින් ක්‍රියා කර තිබේ.
පාරිභෝගික හදිසි ඇමතුම් අංකය සදාකාලිකවම කාර්ය බහුලවීම නිසා සහ මහජන පැමිණිලි සඳහා තොරතුරු තාක්ෂණ භාවිතාවක් නොමැති ජල සම්පාදන මණ්ඩලයට ඉහත කී 'බිල්පත් අවනඩුව' ගැන පැමිණිලි කිරීමට ඇඳිරි නීති අස්සේ මණ්ඩලයේ කාර්යාලය වෙත බඩ ගෑමට ජල පාරිභෝගිකයාට සිදුව තිබේ.
මේ හේතුවෙන් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා ජනතාව නිවෙස් තුල රැඳවීම කෙසේ වෙතත් ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන් ගේ අමනොඥ ක්‍රියාව නිසා මණ්ඩලයේ කාර්යාල අසල විශාල මහජන තදබදයක් නිර්මාණය වී ඇත.
වැඩ (අල) කරන විරුවාගේ ලේකම් කාර්යාලය විසින් ජනතාව රැවටීම පිණිස විවිධ වැඩසටහන් පිලිබඳව ප්‍රකාශ නිකුත් කළ ද සැබෑ තත්වය ඊට පටහැනිය. රාජ්‍ය සේවය නවීන තාක්ෂණය සහ මුසු කෙරෙන ඊ තාක්ෂණ භාවිතාව පට්ට පල් බොරුවක් බව ජලසම්පාදන මණ්ඩලය විසින් අපූරුවට නව ජල බිල්පත් මගින් ප්‍රදර්ශණය කිරීම විරුවාට කනේ පාරක් ගැසුවා හා සමාන ය.
ජනතාව බොරුවෙන් රැවටීම ජාතික ප්‍රතිපත්තිය කරගත් වැඩ අල කරන ආණ්ඩුවක් යටතේ මහජන මුදලින් පවත්වාගෙන ජලසම්පාදන මණ්ඩලයේ නිල ෆේස් බුක් අඩවියේ පෝස්ට් දමමින් සඳහන් කර ඇත්තේ මෙසේය.
"වතුර බිල් ලියන මහත්වරු මනු කියවීම් පහුවෙලා ගත්තාට ඔබේ ජල බිල වැඩි වෙන්නේ නෑ"
ජනතාවට විරුවාගේ අම්මා මතක් වන්නේ මේ වෙලාවට ය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/57
---------------------------
by (2020-04-26 10:26:30)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි