(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.25, ප.ව.1.40) ශ්‍රී ලංකාවේ රජය විසින් ගෙන යන ආර්ථික පැකේජ කෙතරම් ප්‍රායෝගිකද යන්න මේ වනවිට අනාවරණය වෙමින් තිබේ. බිඳ වැටී ඇති ව්‍යාපාර නගා සිටුවීමටත් පුද්ගලික අංශයේ රැකියා ආරක්ෂා කිරීමටත් කියමින් 4% පොළියකට වසර දෙකක් සඳහා මුලික ප්‍රාග්ධන ණය ලබාදීමට යන බව රජය කියා සිටියේ ය . නමුත් එය හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් දැන් තහවුරු වී ඇත.
රජය විසින් මෙම ණය යෝජනා ක්‍රමය මගින් මූලික ප්රාග්ධනය ලබා දෙන්නේ මාස දෙකක් සඳහා අවශ්‍ය මුල්‍යය ප්රාග්ධනය ලෙස ය . දැනට ලංකාවේ තත්වය අනුව මෙරට බහුතර ව්‍යාපාර මස දෙකකින් ගොඩ යෑමට හැකියාවක් නැත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදනයෙන් 57% ක් සේවා අංශය සතු වන අතර ව්‍යසන තත්වයකින් පසුව එකවර සේවා අංශයට මුදල් ගලා ඒම සිදුවන්නේ නැත . එසේනම් මාස දෙකක් පමණක් මුලික ප්‍රාග්ධන ණය දීම අසාර්ථක ක්‍රමයක් වනු ඇත
දෙවනුව මෙරට බැංකු පවා කෙතරම් අමානුෂිකද යත් මෙම ණය ලබාදෙමේදී ව්‍යාපාරිකයන්ගෙන් ඇපයට දේපල සොයමින් සිටින බව ණය අයදුම් පත්රමගින් තහවුරු වී තිබේ. එසේනම් දැනටම වැටී සිටින ව්‍යපාරිකයන් ඔසවා තබනවා යයි පාරම් බාමින් රජය සිදුකරන්නේ ඔවුන් කබලෙන් ලිපට ඇද දැමීමයි. මෙහිදී යම් අයකු තර්ක කළ හැක්කේ ලැබීමට ඇති ලැබීම් හෝ තොග වත්කම් ඇපයට තැබිය හැකි බවයි නමුත් දැනටමත් මෙරට සුප්‍රසිද්ධ බැංකු එවැනි දේවල් ප්‍රතික්ෂේප කොට චංචල හෝ නිශ්චල දේපළ පමණක් ඉල්ලා සිටින බවට අපට ව්‍යාපාරිකයන්ගෙන් ලද විශ්වාසවන්ත තොරතුරු ඔස්සේ තහවුරු වී ඇත
තෙවනුව ශ්‍රී ලංකා රජය මුලික ප්‍රාග්ධන ණය සඳහා වෙන්කොට ඇත්තේ රුපියල් බිලියන 50 ක් එසේත් නැතිනම් මිලියන පනස් දහසකි. සාමාන්‍ය කුඩා ව්‍යාපාරික ආයතනයකට පවා මාසිකව රුපියල් මිලියනයකට ආසන්න මුලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. එය තවත් ව්‍යාපාරවලට මිලියන 10 ක් මිලියන 30 ක් විය හැකිය. එසේනම් ලංකාවේ සියලු බැංකු සියලු මුල්‍ය ආයතන හා ඒවායෙහි දිවයින පුරා පිහිටි ශාඛා ජාල ප්‍රමාණයත් එක් එක් ශාඛාවක ගණුදෙනු කරුවන් ප්‍රමාණය උදාහරණ ලෙස ගෙන බැලුවොත් මෙම ණය මුදල කිසිලෙසකවත් ප්‍රයෝගික නොවන ප්රමාණයකි. රජයට මුදල් ශක්තියක් නොමැතිනම් විදේශයකින් පවා ඉතා අඩු පොලියකට ණය ලබා ගෙන බැංකු අතර බෙදා දී ප්‍රායෝගිකව මෙරට ව්‍යාපාර නගා සිටුවීම වහා කළ යුත්තකි. දැනටමත් පුද්ගලික අංශයේ රැකියා නියුතු ලක්ෂ ගණනකට තමන්ගේ රැකියා මැයි මස සිට අහිමි වී ඇති අතර එය පාලනය සඳහා රජයේ ප්‍රායෝගික මැදිහත් වීමත්, බන්දුල ගුණවර්ධන වැනි ටියුෂන් ආර්ථික ඔස්තාර්ලාගෙන් උපදෙස් ගැනීම වහා නවතා දැමීමත්, කළ යුතුව තිබේ.
පවතින ආර්ථික විනාශයෙන් රට ගොඩ ගැනීමට නම් රජයක් ලෙස ප්‍රායෝගික ආර්ථික සහන ව්‍යාපාර වෙත ලබා දීමත්, සේවක ප්‍රමාණය ඉතා අඩු සේවා අංශයේ ව්‍යාපාර සඳහා විශේෂ අවසර ලබාදී නැවත ක්‍රියාත්මක කිරීමත්, නිෂ්පාදන අංශයේ ව්‍යාපාර සඳහා විදේශයන්ගෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය විකල්ප රටවල් වලින් ලබාදීමට ක්රියාකිරීමත් කළ යුතුය.
ඇගලුම් වැනි සාම්ප්‍රදායික විදේශ ගැණුම්කරුවන් අහිමිවූ දැවැන්ත ව්‍යාපාර සඳහා ලෝක වෙළද පොලේ මේ වනවිට දැඩි ඉල්ලුම ඇති අත්වැසුම් ආරක්ෂාකාරී ඇඳුම් වැනි දෑ සැපයීමට අවශ්‍ය සම්බන්ධතා තානාපති හා මහකොමසාරිස් කාර්යාල හරහා සිදුකිරීමත්, රජයක් ලෙස රජයට අයත් සියලු ආයතනවල මිල දී ගැනීම් සේවා අවශ්‍යතා සඳහා 100% ශ්‍රී ලාංකිය සමාගම් වෙත පමණක් කොන්ත්‍රාත් ලබාදීමත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකර පවත්වාගෙන යා හැකි ව්‍යාපාර සඳහා ක්‍රියාත්මක වීමට අවසර ලබා දීම වැනි ඉතා වේගයෙන් කළ හැකි කටයුතු ලෙස රජයක් ලෙස මෙම මොහොතේ ක්‍රියාත්මක කළ යුතුය
තවද ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයෙන් කෙතරම් ආර්ථිකව බිඳ වැටී තිබුනද පාලක දේශපාලන ධාරාව මේ මොහොතේ රට වෙනුවෙන් කිසිදු කැප කිරීමක් නොකිරීමද ගැටළුවකි. උදාහරණයක් ලෙස අගමැති වරයා අගමැති වැටුප /හිටපු ජනපති විශ්‍රාම වැටුප /හිටපු අගමැති විශ්‍රාම වැටුප ලෙස වැටුප් තුනක් තවමත් ගනිමින් සිටී. භාරකාර රජයේ ඇමතිවරු තවමත් තමන්ගේ වැටුප් වලින් සතයක් ආධාර කොට නැත. ලබන සුවපහසු ජීවිත වලින් මඳක්වත් අඩු කොට නැත. හෙලිකොප්ටර සංචාර අඩුකොට නැත . එසේනම් ජනතාවක් ලෙස පාලක දේශපාලන අධිකාරිය අපට විශවාස කළ හැකිද ? අවම තරමින් මීලඟ මැතිවරණයෙන් අනතුරුව මන්ත්‍රී ඇමති සුවපහසුකම් සංශෝධනයක් කොට රටේ මුදල් ඉතිරි කිරීම රටට අවශ්‍ය වී ඇත.
---------------------------
by (2020-04-25 08:18:12)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි