හොඳම හමුදා පාලනයකට වඩා නරකම පාර්ලිමේන්තුවක් හොඳයි
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.21, පෙ.ව.5.30) දින නියමයක් නැතිව කල් දමා තිබූ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන ජුනි 20 වෙනි සෙනසුරාදා පැවැත්වෙන බව අද රැස්වූ මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ. ඒ සඳහා වූ ගැසට් නිවේදනය මේ සමග දැක්වේ.
පසුගිය මාර්තු 19 වෙනිදා නාමයෝජනා බාර ගන්නා විට මහ මැතිවරණය පැවැත්වීමට දින නියමව තිබුනේ අප්‍රේල් මස 25 වෙනිදා ට ය. පැවැති කොරෝනා තර්ජනය හමුවේ නාමයෝජනා බාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය (රාජපක්ෂ නොවේ) ප්‍රකාශ කර සිටියේ මැතිවරණය පවත්වන්නේ මැයි මසද, ජූනි මසද, ජූලි මසදැයි කිව හැක්කේ කොරෝනා වෛරසයට පමණක් බවත්, මැතිවරණය පවත්වන දිනය කවදාදැයි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශයට පත් කරන බවයි.
එදා එනම් මාර්තු 19 වනදා වන විට රටේ වාර්තා වී තිබූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ගණන 60 ක් වූ අතර ඒ වන විට කිසිවෙක් මිය ගොස් තිබුනේ ද නැත. ප්‍රථම රෝගියා මිය ගියේ ඊට දින 9 කට පසු මාර්තු 28 දා ය. නමුත් අද ජුනි 20 මැතිවරණය පැවැත්වෙන දිනය නම් කරද්දී ආසාදිතයන් ගණන 304 දක්වා වැඩි වී ඇති අතර 7 දෙනෙක් මරණයට පත්වී ද ඇත. එමෙන්ම රටේ වැඩිම කොරෝනා රෝගීන් පිරිසක් එනම් 33 ක් වාර්තා වූ දිනය ද වූයේ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කළ ඊයේ දිනයේ වීම ද විශේෂිත ය.
• කොරෝනා රෝගීන් 60 ක් සිටියදී සහ එක් අයෙකුවත් මිය ගොස් නොමැතිව සිටිය දී දින නියමයක් නොමැතිව චන්දය කල් දමමින් ‘දිනය හරියටම කිව හැක්කේ කොරෝනා වෛරසයට පමණකැයි’ කී මහින්ද දේශප්‍රියට රෝගීන් 304 ක් වූ පසු ලබන ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්විය හැකි යයි කීවේ කොරෝනා වෛරසය ද?
• එසේ නැතිනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ උපන් දිනය වූ ජුනි 20 වැනිදාම මැතිවරණය තියන්නැයි බැසිල් රාජපක්ෂ දුරකථන ඇමැතුමක් දී ඊයේ උදේ කීවාද?
• එසේ නැතිනම් බැසිල් දුන් දුරකථන ඇමැතුමට පිළිතුරු ලෙස “පොඩ්ඩක් ඉන්නකෝ ලොක්කට මං හොඳ බර්ත් ඩේ ප්‍රසන්ට් එකක් ලෑස්ති කරන්නම්” කියා මහින්ද දේශප්‍රිය ම බැසිල් රාජපක්ෂට මතක් කර දුන්නා ද?
• මාර්තු 19 දා මැතිවරණය පවත්වන දිනය කවදාදැයි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශයට පත් කරන බව කී මහින්ද දේශප්‍රියට ජුනි 20 මැතිවරණය පැවැත්වීමට හැකි යයි කී සෞඛ්‍ය බලධාරීන් කව්ද? තනතුරු හා නම් හෙළිකළ හැකිද?
• ඒ සාකච්ඡාව පැවැත්වුනේ කොහිදීද? කවදාද? එම සාකච්ඡාවේ දී සාකච්ඡාවට භාජනය වූ කරුණු කාරණා කවරේද? ජුනි 20 දා මැතිවරණය පැවැත්විය හැකි යයි මහින්ද දේශප්‍රියගේ කොමිසමට ඒ සෞඛ්‍ය බලධාරීන් දුන් වාර්තාවක් තිබේද? තිබේනම් එය කෝ?
• එසේ නැතිනම් මැතිවණයක් පැවැත්වෙන දිනයක් දින නියමයක් නොමැතිව කල් දැමීම වරදක් යයි පසුව හැඟුනු නිසා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(1)(ඈ) වගන්තිය අනුව, ‘මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමට උචිත වාතාවරණය නිර්මාණය කිරීම සහ තහවුරු කිරීම’ යනු ජනාධිපතිවරයාගේ අත්හළ නොහැකි කාර්යයක් නිසා කුමන හෝ දිනයක් නම් කරන ලද නමුත්, එදිනට කොරෝනා වෛරසයට බේත් සොයා ගෙන වෛරසය ධූරිම්භූත කර ඡන්දයකට සුදුසු රටක් සාදා තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හැකි වන්නේ ඔහුගේ උපන් දිනයේ දීම යැයි කිසියම් නක්ෂත්‍රකාරයෙක් කීවා ද?
ජහමනයාට මේවා ප්‍රශ්නය. මෙම ප්‍රශ්න නිරාකරණය කර දීම මහින්ද දේශප්‍රිය සතු යුතුකමකි. එම වගකීම අප කොමිසමට නැතිව පුද්ගලිකව දේශප්‍රිය උන්නැහේට පවරන්නේ ඔහු පිළිබඳ අපට ලොකු කුකුසක් පහළ වී තිබෙන බැවිනි. ඒ අන් කිසිවක් නිසා නොම පසුගිය ජනාධිපතිවරණයේ අන්තිම පැයේදී ඔහු කළ නීච වැඩක් නිසා ය.
ජනාධිපතිවරණයේ අවසන් දිනයේ දී ලංකා ඊ නිව්ස් තහනම් කරන ලද්දේ අන් කිසිවෙක් නොව මහින්ද දේශප්‍රිය නමැති අවස්ථාවාදී, හැරෙන හැරෙන අතට කට කමසෙයියාවක් නැතිව දොඩවන, වාසි පැත්තට හෝයියා කියන, වෙස් මුහුණකින් සැබෑ මුහුණ වසන් කර සිටින, කිසිදු ප්‍රතිපත්තියක් නැති රාජ්‍ය නිලධාරියා විසින් නිසා ය. ලංකා ඊ නිව්ස් ලංකාවේ යලිත්වරක් වාරණය කරන ලෙස ජනාධිපතිවරණය දිනයේ (2019 නොවැ 16) විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්ට ලිපියක් යැවුවේ මහින්ද දේශප්‍රිය ය. ජනාධිපතිවරණයේ දී රාජපක්ෂලාට කඩේ ගිය විද්‍යූත් නාලිකා සම්බන්ධයෙන් බොහෝ සංවිධාන දේශප්‍රියට පැමිණිලි කළ විට 'ඒවා පුද්ගලික මාධ්‍ය බැවින් මට කිසිවක් කළ නොහැකි' යයි නාහෙන් ඇඬූ මහින්ද දේශප්‍රියට ලංකා ඊ නිව්ස් පුද්ගලික මාධ්‍යයක් නොවීම අරුම පුදුම ය.
කෙසේ වෙතත් සියළු දෑ අහිමි වූ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වූ ලංකා ඊ නිව්ස් ‘අන්තිම හොඳ හමුදා ජුන්ටා පාලනයකට වඩා අන්තිම නරක පාර්ලිමේන්තුවකට කැමැති’ බැවින් වසංගත තර්ජනයක් මැද්දේ ‘කෙසේ හෝ’ මහ මැතිවරණයක් නොව ‘සාධාරණ’ මහ මැතිවරණයක් පැවැත්වීමට සියළු උපාය උපක්‍රම සහ නව ක්‍රමවේද භාවිතා කිරීමට මැතිවරණ කොමිසමට නුවණ පහළ වේවි යැයි සිතමු.
---------------------------
by (2020-04-21 00:16:12)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි