(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.20, ප.ව.11.30) වැඩ (අල) කරන විරුවාගේ ජුන්ටාව ගත් වැරදි තීන්දු නිසා අද(20) දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන වාර්තා කරමින් රෝගීන් 33 ක් එක දිනකදී ලංකාවෙන් හමුවිය.
පිටරට සිට එන මගීන් කොරෝනා ආසාදිතයන්දැයි නිසි විද්‍යාත්මක පරීක්ෂාවකින් නොසොයා නොබලාම තමන්ට හිතෙන හිතෙන රටවලින් එන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා නිරෝධායනයට ලක් කිරීම වැඩ (අල) කරන විරුවාගේ ක්‍රමවේදය විය.
ඒ අනුව කොරෝනා උපත ලත් චීනයේ වුහාන් සිට ආ ලංකාවේ සිසුන් නිරෝධායනය කළද චීනයෙන් ආ (චීනයේ කොහේ සිට ආවාදැයි නොදනී) චීන ජාතිකයන් කිසිදු නිරෝධායනයකට ලක් නොකර කෙලින්ම රට තුලට යැව්වේ ය. නමුත් ඉතාලියේ සිට ආ ලාංකික මගීන් සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීය. නමුත් ටික දිනකට පසු දඹදිව වන්දනාවේ ගොස් සිරවී සිටි පිරිසක් ගුවන් යානයක් ද යවා ගෙන්නා ගන්නා ලද නමුත් ඉන්දියාවේ සිට ආ පිරිස් කිසිදු නිරෝධායනයකට ලක් නොකර ඔවුන්ව ද කෙලින්ම රට තුලට යැවීය. ඉන්දියාවේ කොරෝනා නැතැයි යන පූර්ව නිගමනයේ සිටීම ඊට හේතු විය.
අහෝ.. නමුත් වැඩ (අල) කරන විරුවාට වැරදුනේ එතැන ය. මේ ගොබ්බ වහන්සේලා තීන්දු තීරණ ගන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව කේන්දර කාරයෙක් කියන ආකාරයට හෝ නාථ දෙයියෙක් හීනෙන් පෙනී කියන ආකාරයට ය. මුන්ගේ මහලොකු වියත්තු දෙන්නේද එවැනිම ගොබ්බ උපදෙස් ය.
කොටහේන බණ්ඩාරනායක පුරය කොරෝනා පුරයක් වූයේ එසේ දඹදිව වන්දනාවේ ගොස් පැමිණි කාන්තාවක් කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී තිබීම හේතුවෙනි. මෙම දුෂ්ඨ වෛරසයේ ලක්ෂනයක් වන්නේ සමහරෙකුට කිසිදු රෝග ලක්ෂනයක් පහල නොකරම තිබී ඒ අයට සුව වන නමුත් ඔහු හෝ ඇය විසින් තමන් නොදැනම ඒ මුළු කාලය පුරාම වෛරසය බෙද බෙදා සිටීම ය. කොටහේනේ බණ්ඩාරනායක පුර කාන්තාව දඹදිවෙන් ගෙනා කොරෝනා වෛරසය ඇය නොදැන ඇය විසින් බෙදා ඇති පිරිස අපමණ ය. අද සොයා ගත්තේ ඉන් 24 ක් පමණි. දිනකට 250-300 ක් තරම් සොච්චම් ප්‍රමාණයක් පරීක්ෂා කරන විරුවාගේ කොරෝනා මර්දනය කෙසේ වෙතත් මීට වඩා විශාල පිරිසක් දඹදිවෙන් ගෙනැවිත් බෙදා තිබිය යුතුය. මන්ද යත් බණ්ඩාරනායක පුරය වනාහී අධික ජන ඝනත්වයකින් යුක්ත පුරයක් වන බැවිනි. කොළඹ අලුත්කඩේ ගුණසිංහ පුර තත්ත්වයද එවැනිම ය. එම ප්‍රදේශයෙන්ද අසාදිතයන් රෑන් පිටින් හමුවෙමින් තිබේ.
ලංකාවේ ජඩමාධ්‍ය ඉහත අටුවා කතාව නොකියා කොටහේනෙන් හමුවූ කොරෝනා රෝගීන් තොගයද මුස්ලිම් එකවුන්ට් එකට වැටෙන සේ තම ජඩමාධ්‍ය වර්ගවාදීව හසුරුවීම තවත් නින්දා සහගත දෙයකි.
කෙසේ වෙතත් සැබෑ රෝගීන් සංඛ්‍යාව වසන් කිරීමට ගොස් ඊයේ ඇන ගත් ආණ්ඩුව (ලංකා ඊ නිව්ස් සැබෑ ගණන් හිලව් හෙළිදරව් කළ නිසා) අද සවස් වන විට වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 33 ක් බව වාර්තා කෙළේය. එය එතෙක් මෙතක් ලංකාවෙන් හමුවූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ය.
තත්ත්වය එසේ වී තිබියදී නමුත් වැඩ (අල) කරන විරුවා අද සිට ඇඳිරි නීතිය ලිහිල් කර තිබේ. තත්ත්වය නරක අතට හැරෙද්දී රෝගය පැතිරීම පාලනය කර ගැනීමට අත්‍යාවශ්‍ය සමාජ දුරස්ථ භාවය වැඩි දියුණු කරනවා වෙනුවට එය අතහැර දමති. රෝගීන් සහ සමාජ දුරස්ථ භාවය අතර ඉතා පැහැදිලි සම්බන්ධයක් පවතින බව ලොව පුරා සිටින සංඛ්‍යාන විශ්ලේෂකයන් දිව හැලෙන තුරු අවවාද දෙද්දී අපේ අය කරන්නේ එහි කණපිට ය.
මෙහෙව් ගොං වහන්සේලා තොගයක් මෙහෙව් ව්‍යසනයක දී රටක පාලකයන් වී මේ පෘථිවියේ ඉන්නේ මෙහෙව් සිරි ලංකාවේ පමණක් විය යුතුය.
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/54
(කොටහේනේ රෝගීන් සොයා කළ මෙහෙයුම සේයාරුවේ දැක්වේ)
---------------------------
by (2020-04-20 20:55:44)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි