සුන්දරා ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.20, පෙ.ව.5.30) කොරොනා වෛරසයහි දරුණු බලපෑමට ලක්ව සිටින රටවල් වලට සාපේක්ෂව කොරොනා උවදුර මැඩලීම සම්බන්ධයෙන් අප රට හොඳ තත්වයක සිටින බව පෙන්වන්නේ පරීක්ෂන අන්තිම අඩුවෙන් කිරීමෙනි. එසේ වුවද අප රටට වඩා ඉතා අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන ඉතා හොඳ තත්වයක් පවතින මෙන්ම වෛරසයහි බලපෑම සම්පූර්ණයෙන් වලක්වා ගෙන පවතින රටවල් රාශියක් ලොව පවතී.
කොරොනා උවදුරහි බලපෑමට ලක්නොවූ රටවල් හා අප රට කොරොනා උවදුරට ලක්වීම සම්බන්ධ සිදුවීම් සැසඳීමේදී අප රට කොරොනා උවදුරට ගොදුරු වීම පහසුවෙන් වලක්වා ගත හැකිව තිබූ බව ඉතා පැහැදිලිව පෙනී යයි.
චීනයෙන් පැමිණි අය සේම, විදේශගතව සිට පැමිණි සැම දෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර අනිවාර්ය නිරෝධායනයට ලක්කිරීම සහ එය අවසන් වීමෙන් පසුව කොරොනා වෛද්‍ය පරීක්ෂණයට යොමු කර සමාජ ගත කිරීමත්, විදේශිකයන් සඳහා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමත්, ප්‍රමාද කිරීම මගින් රට තුලට කොරොනා වෛරසය පැමිණිමට ඉඩ හසර සැලසුවේ ය. රට තුළ කොරොනා පැතිරීමට ඉඩ හරිමින් ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම ගැන පෙනෙන සත්‍ය නම් මේ ආණ්ඩුව විසින් කොරොනා උවදුර තම වාසියට යොදා ගැනීම සඳහා කටයුතු කර ඇති බවයි.
සුනාමි ය බොහෝ දෙනෙකුට ඛෙදවාචකයක් බවට පත් වුවද තවකෙකුට පින් වතුරක් වූ බවට මුහුදුබඩ ජනතාව අතර පවතින ජනප්‍රවාදය රාජපක්ෂලාට සම්බන්ධයේ දී මෙම කොරොනා උවදුරට ද අපූරුවට ගැලපේ.
එනම්, අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති තුළින් මෙන්ම විදෙස් ආධාර සොරාකෑම හේතුවෙන් දරුණු ආර්ථික පසුබෑමකට ලක්ව සිටි ආණ්ඩුවට සිය පැවැත්ම වෙනුවෙන් විදෙස් ආධාර ලබා ගැනීමට මෙන්ම ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා කොරොනාව සම්පතක් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පැහදිලිව පෙනෙන කරුණකි.
මෙම ආණ්ඩුව බලයට පත්වූ වහාම බලපත්‍ර ක්‍රම අහෝසි කර වැලි, පස් ජාවාරම් කරුවන් ආදී පරිසර විනාශකාරීන් ට ඉඩහසර සලසා දුන්නා සේම, මේ වන විට පොහොට්ටුවේ කසිප්පු ජාවාරම් කරුවන් හට අවස්ථාව සලසා දෙමින් මත්පැන් අලෙවිසැල් සම්පූර්ණයෙන් වසා දමා ඇත.
සිය පාක්ෂිකයන්ට ආධාර උපකාර කිරීම සඳහා රජයේ මුදල් අවභාවිතා කිරීමට ද කොරොනා ව තුළින් අවස්ථාව සලසා ගෙන ඇති අතර විරුද්ධවාදීන්ට ආධාර සැපයීම වැලැක්වීම සඳහා ග්‍රාම නිලධාරීන්ට සිදුකළ බලපෑම් මත ඔවුන් එම සේවාවලින් ඉවත් වීමෙන් අරාජිකත්වයක් රට තුල ගොඩ නැගී පවතී.
සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීම වෙනුවට ඊට පටහැනිව සමෘද්ධි කාර්යාල අසල ජනතාව එක්රැස් කරවන දේශපාලනීකරණයට ලක්කළ රුපියල් පන්දාහේ ආධාර බෙදීම යනු මෙරට ජනතාව පිලිබඳ රාජපක්ෂලාගේ අවතක්සේරුව පෙන්නුම් කරයි.
කොරොනා උවදුර නිසා දැඩි බලපෑමට ලක්වූ බටහිර රටවල් පූර්ණ වසා දැමීම නොකිරීමට හේතු වූ ප්‍රධාන කරුණු නම් ආර්ථිකය බිඳ වැටීමට ලක්නොවී පවත්වාගෙන යාම පමණක් නොවේ. වෛරස් වසංගතකයකට ජනතාවක් මුහුණ දීමේ දී අනුගමනය කළ යුතු වෛද්‍ය පිළිවෙත් අනුව විශේෂඥ වෛද්‍යවරුන් ලබා දුන් නිර්දේශ පිළිපැදීම ද වේ.
එහෙත්, අප රට ඇඳිරි නීති දමා වසා දැමීමට කිසිදු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකගේ නිර්දේශ ලබා ගත් බවක් අප නොදනී. ඊට අදාල වූ සැබෑ හේතුව දේශපාලන අවස්ථාවාදය වූ අතර, දිගින් දිගටම එම අවශ්‍යතාව මත තීන්දු තීරණ ගනිමින් සිටී.
කොරොනා උවදුර හි ආපදා තත්වය පදනම් කරගෙන මහජන දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා වන ක්‍රමවේද බලගැන්වීමකින් තොරව ඇඳිරි නීතිය පැනවීම මෙන්ම එය ඉවත් කිරීම ද විගඩමකි. අනතුරකි.
කොරොනා රෝගී පරීක්ෂාව සම්පූර්ණයෙන් දේශපාලනික වී ඇති අතර, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වරයා ප්‍රකාශ කරන ලද්දේ එහි ඇති PCR යන්ත්‍ර 7 හෝ 8 න් (නිවැරදි යන්ත්‍ර ගණන ද එතුමා නොදන්නා බව පෙනේ ) ක්‍රියාත්මක වන්නේ යන්ත්‍ර 2 ක් පමනක් බවයි.
ඒ අනුව කොරොනා උවදුර අවම මට්ටමෙන් තවත් කාලයක් ඇදගෙන යෑමේ කූඨ උපායක් ආණ්ඩුවට අවශ්‍යව පවතින බවක් ද පෙනේ.
අවම පහසුකම් සහිතව සෞඛ්‍ය අංශ සිදුකරන කැපවීම තුළින් මෙන්ම ජනතාව විසින් සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිලිපැදීම තුළින් මෙම කොරොනා උවදුර පාලනය කරගැනීමට මෙරට ජනතාව සමත් විය යුතුම ය.
එහෙත්, එදා යුධ ජයග්රහණයෙන් පසුව රණවිරුවන් කම්කරුවන් බවට පත්කළ රාජපක්ෂලා සහ අනුගත දේශපාලකයන් විසින් අද දවසේ සිටින සෞඛ්‍ය විරුවන්ට ද කොරොනා මැඩපැවැත්වීමෙන් පසුව හිමිකර දෙන තත්වය එදාට වඩා නම් වෙනස් නොවනු අනිවාර්ය ය.
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/57
---------------------------
by (2020-04-20 00:07:34)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි